.: Vicky Donor :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අලුත් අවුරුද්දේ හා හා පුරා කියල කියන්නේ යන්නේ අමුතුම කතාවක් තියෙන චිත්‍රපටියක් ගැන....පොඩි හිටියන්ට ඒ තරම් සුදුසු නැති නිසා තමයි 18+ කියල දැම්මේ ඒ කියල වැරදි වැටහීම් ඇති කරගන්න ඕනේ නෑ ...මේක සෙක්ස් ෆිල්ම් එකක් නෙවෙයි, වෙනස්ම විදියේ කතාවක් එක්ක ගලාගෙන යන ආදර කතාවක්...

    Vicky%20Donor%20-%20Front.jpg


    වර්තමානයේ සමහර විවාහක පුරුෂයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි නිසරු භාවය සිංහලෙන් කිව්වොත් වඳ බව... ඉතින් ඔය කියන ප්‍රශ්නේ ඇතිවෙන්නේ දැන් කාලේ තියෙන කාර්යබහුලත්වය සහ මිනිස්සුන්ගේ තියෙන දැඩි මානසික ආතතිය නිසා කියල තමයි කියන්නේ(මේ මම කියන දෙයක් නෙමෙයි, ෆිල්ම් එකේම තමයි තිබ්බේ) කොහොම හරි ඔය වගේ ප්‍රශ්නයක් ඇති උනාම ඉතින් පවුල් ජීවිතිය අවුල් වෙනවා නෙව...ඉතින් ඒ වගේ අවස්ථාවකදී අකමැත්තෙන් උනත් වෙන කෙනෙක්ගේ පිහිට පතන්න සිද්ද වෙනවා, ඒ කියන්නේ අපේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක වෙන පුද්ගලයෙක්ගේ ශ්‍රුකානුවක් කෘතිමව ඇතුල් කරන එක....ඇහෙද්දී නම් පිළිකුලක්, සදාචාර විරෝදී බවක් වගේ දේවල් හිතට එන්න පුළුවන් ඒත් ඇත්තටම මේ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න උනොත් අපි උනත් ඒ වගේ තීරණයක් ගන්න පුළුවන්....

    vicky-630.jpg



    ඉතින් ඔය වගේ කෘතිමව ශ්‍රුකානු දන් දෙන පුදගලයෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ...දන් දීමක් කිව්වට පොර නම් වැඩේ කරන්නේ බිස්නස් එකක් විදියට, ඉතින් මේ බිස්නස් එකෙන් ඔහුගේ ජීවිතයට සහ ආදරයට වෙන බලපෑම තමයි ෆිල්ම් එකේ තියෙන්නේ...කොහොම හරි අන්තිමේදී මේ දන්දීමේ ක්‍රියාව සාධාරණීයකරණය කිරීමක් කරනවා ෆිල්ම් එකෙන්, ඒත් හැබෑ ජීවිතයේදී මෙහෙම දෙයක් උනොත් නම් තමන්ගේ බිරිඳගෙන් හෝ පෙම්වතියගෙන් සමාවක් ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ, මොකද අපි කව්රුත් මිනිස්සුනේ....

    vicky-donor-wallpaper-06-12x9.jpg



    හාස්‍ය රසය, ආදරය වගේම ජීවිතේට යම් කිසි දැනුමකුත් එකතු කරගන්න පුළුවන් හොඳ චිත්‍රපටියක්....

    Pichchar.TK

     
    • Like
    Reactions: lalin rulz