Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vikala bojana?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය.

බත්, ව්‍යංජන, කැවිලි පෙවිලි, පලතුරු ආදී “යාවකාලික ආහාරයක්” නොකල්හි වැළදීමෙන් විකාල භෝජනය වේ.

1. විකාලය වීමය.

( හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය. )

2. යාවකාලික ආහාරයක් වීමය.

( පිළිගෙන පෙරවරු කාලයේ පමණක් වැළඳීමට සුදුසු ආහාරයි. )

3. ගිලීමය.

කියා විකාල භෝජනයට අංඟ තුනක් සම්පූර්ණ විය යුතුය.

අෂ්ට පානය.

පානයන් අතුරෙන් අෂ්ටපානය හා එයට සමාන වන කුඩා ඵලවලින් කරන ලද පානයක් ද භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි ද දිය හැකිය. භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි කැප වූ පාන වර්ගවලට ගිලන්පස යයි ද කියති. අෂ්ට පානය යනු අම්බ පානය, ජම්බු පානය, චෝච පානය, මෝච පානය, මධු පානය, මුද්දික පානය, සාලුක පානය, ඵාරුසක පානය යන මේ අටය. මේ පානයන් භික්ෂූන්ට විකාලයෙහි කැප වන්නේ ඇල් පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද්ද කාලයෙහි මිස විකාලයෙහි කැප නො වේ. එහි අම්බ පානය යනු ඉදුණු අඹ ඇල් පැනින් මැඩ පෙරා සීනි සකුරු ආදිය මුසු කොට කරන ලද්දා වූ ද, අමු අඹ කුඩා කැබලිවලට කපා සීනි ආදිය හා ඇල් දියෙහි ලා හිරු රැසින් කකාරා කරන ලද්දා වූ ද පානය යි. ජම්බු පානය යනු දඹපල (ඉදුණු ජම්බුගෙඩි) ඇල් පැනින් මැඩ සීනි සකුරු ආදිය යොදා කළ පානය ය. චෝච පානය යනු ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානය ය. මධු පානය යනු අමු මිදි පල ඇල් පැනින් මැඩ කළ පානය ය. මුද්දික පානය යනු වියළි මුදරප්පලම් ඇල් පැනින් මැඩ කළ පානය ය. සාලුක පානය යනු හෝලු ගෙඩි ඇල් පැනින් මැඩ කළ පානය ය. ඵාරුසක පානය යනු බොරලු දමනු (මසන්ගෙඩි) ඇල් පැනින් මැඩ කළ පානය ය. මෙසේ ම දෙහි දොඩම් සියඹලා ආදි කුඩා ඵලවලින් කළ පානය ද විකාලයෙහි කැප ය."

ආශ්රිත ග්රන්ථ - “ශාසනාවතරණය” හා “බෞද්ධයාගේ අත්පොත” - රේරුකානේ චන්දවිමල නාහිමි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[QUOTE="ජොසී, post: 28712687, member: 510387"] අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය. බත්, ව්‍යංජන, කැවිලි පෙවිලි, පලතුරු ආදී “යාවකාලික ආහාරයක්” නොකල්හි වැළදීමෙන් විකාල භෝජනය වේ. 1. විකාලය වීමය. ( හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය. ) 2. යාවකාලික ආහාරයක් වීමය. ( පිළිගෙන පෙරවරු කාලයේ පමණක් වැළඳීමට සුදුසු ආහාරයි. ) 3. ගිලීමය. කියා විකාල භෝජනයට අංඟ තුනක් සම්පූර්ණ විය යුතුය. අෂ්ට පානය. පානයන් අතුරෙන් අෂ්ටපානය හා එයට සමාන වන කුඩා ඵලවලින් කරන ලද පානයක් ද භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි ද දිය හැකිය. භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි කැප වූ පාන වර්ගවලට ගිලන්පස යයි ද කියති. අෂ්ට පානය යනු අම්බ පානය, ජම්බු පානය, චෝච පානය, මෝච පානය, මධු පානය, මුද්දික පානය, සාලුක පානය, ඵාරුසක පානය යන මේ අටය. මේ පානයන් භික්ෂූන්ට විකාලයෙහි කැප වන්නේ ඇල් පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද්ද කාලයෙහි මිස විකාලයෙහි කැප නො වේ. එහි අම්බ පානය යනු ඉදුණු අඹ ඇල් පැනින් මැඩ පෙරා සීනි සකුරු ආදිය මුසු කොට කරන ලද්දා වූ ද, අමු අඹ කුඩා කැබලිවලට කපා සීනි ආදිය හා ඇල් දියෙහි ලා හිරු රැසින් කකාරා කරන ලද්දා වූ ද පානය යි. ජම්බු පානය යනු දඹපල (ඉදුණු ජම්බුගෙඩි) ඇල් පැනින් මැඩ සීනි සකුරු ආදිය යොදා කළ පානය ය. චෝච පානය යනු ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානය ය. මධු පානය යනු අමු මිදි පල ඇල් පැනින් මැඩ කළ පානය ය. මුද්දික පානය යනු වියළි මුදරප්පලම් ඇල් පැනින් මැඩ කළ පානය ය. සාලුක පානය යනු හෝලු ගෙඩි ඇල් පැනින් මැඩ කළ පානය ය. ඵාරුසක පානය යනු බොරලු දමනු (මසන්ගෙඩි) ඇල් පැනින් මැඩ කළ පානය ය. මෙසේ ම දෙහි දොඩම් සියඹලා ආදි කුඩා ඵලවලින් කළ පානය ද විකාලයෙහි කැප ය." ආශ්රිත ග්රන්ථ - “ශාසනාවතරණය” හා “බෞද්ධයාගේ අත්පොත” - රේරුකානේ චන්දවිමල නාහිමි. "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!" [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom