Vikasitha Pem Original version

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විකසිත පෙම් පොකුරු පියුම්

    ඔබේ පයට පොඩි වී ගියාදෙන්

    පතිකුලයට අද මට පිටුපා යන

    මගේ සොඳුරු ළඳුනේ...//


    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

    ඔබට විරහ ගිනි නොගෙනේවා...//


    විකසිත පෙම්...


    තනිකම රජයන පාලු විමානේ

    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ

    මැණික් පහන් වැට දැල්වේවා...//


    විකසිත පෙම්...




    පද රචනය

    අජන්තා රණසිංහයන් තම ජීවිතයේ ආදර අත්දැකීම් ගැන බොහෝ ගීත ලියපු පුද්ගලයෙක්.ඔහුගේ පෙම්වතිය ඔහු හැර ගියා වේදනාව කැටිකර මේ ගීතයෙන් මුදාහැර තිබෙනවා. කාලයක් තිස්සේ පෙම් කරපු ඇය ඔහුට පිටුපා වෙනත් අයෙක විවාහ කර ගත් අවස්ථාව පසුබිම් කරගෙන ඔහු ලියපු පද මාලාව තමයි මේ සින්දුවේ එන්නෙ. පතිකුලයට පියනගන ඇයට ඔහු වෛර කලේ නැහැ, ඒ වෙනුවට ඔහුගේ සිතේ මතුවුණු ප්‍රාර්ථනාවන් ගීයකට එකතු කලා. සැම අවස්ථාවකම විරහ වේදනාව සමග ඇයට යහපතක් ප්‍රාර්ථනා කරන ලෙසට ගීතය රචනා කර තිබෙනවා.

    විචාරය

    අපේ දේශීය කාන්තාවන්, පිරිමින් හැදියාව... සහ චර්යාවන් අනුව උසස්‌ තැනක ඉන්නේ. කිසි විටෙක ඊර්ෂ්‍යාවක්‌ ඇතිකර ගන්නේ නැහැ. මේ ගීයේ සඳහන් පෙම්වතාත් එහෙමයි. ඇය තමාව අතැර දැමුවේ නොගැළපෙන නිසානේ. බැරි වෙලාවත් විවාහ වුණා නම් දෙදෙනාගේම ජීවිත අඳුරට ගමන් කරන්න තිබුණා. මේ පෙම්වතා හිතුවේ එහෙමයි.

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

    ඔබට විරහ ගිනි නොගෙනේවා

    ඔබ නැති සොවින් මම රෑට තනි යහනේ ඉඳන් ඉකිබිඳිනවා... හිතේ උපන් කඳුළු බිඳු නෙතින් පිටවෙන්න ඔන්න මෙන්න. ඒත් කමක්‌ නැහැ... අපේ ආදරණීය සැමරුම් ගැන හිතමින් මම දුක්‌වෙන්නම්. ඒත් එවන් විරහ දුකක්‌ ඔබට නම් නොදැනේවා.

    ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හිතේ කිසිම කහටක්‌ නෑ. හිතින් දුක්‌ වින්දත් මේ පරාජිත පෙම්වතා ප්‍රාර්ථනා කරන්නේ ඇයට සුබ දිවියක්‌. පෙම්වතකුගෙන් විය යුත්තේ ඒක තමයි... හිතේ වේදනාවක්‌ ඇති නොවෙනවා නොවේ. ඒත් ඉතිං තමන්ට නොගැළපෙනවා නම් අතහරින එකනේ හොඳ... පෙම්වතා සහ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස දෙදෙනාගෙන් වෙන් වුණාට කමක්‌ නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය නොවෙයිනේ. විවාහය ඊට වඩා ගැඹුරු බැඳීමක්‌. ඒ නිසා වෙන්වෙන එක හොඳයි. අතැර දැමූ පසුව ඇතිවන සිත් වේදනාව සදාකාලික නැහැ. හදවත පළලා උණු ලේ දහරින් කියලා සිංදු ලිව්වාට එහෙම වෙන්නේ නැහැ. ආචාර්ය අජන්තා යළි තමන්ගේ ගීයෙන් කියෑවෙන ගැඹුරු අර්ථය පහදා දුන්නා.

    තනිකම රජයන පාළු විමානේ

    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

    ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ

    මැණික්‌ පහන් වැට දැල්වේවා

    ගොම්මන් කළුවර වැටෙද්දී තනිකම වැඩියෙන් දැනෙනවා. පුදුමාකාර පාළුවක්‌ දැනෙන්නේ. ගොම්මනේ උපදින තනියත් එක්‌ක මේ පරාජිත පෙම්වතාගේ හදවත හඬා වැටෙනවා. ඒත් ඔහු තුළ ඇය කෙරෙහි තරහක්‌, වෛරයක්‌ නෑ. ඒ නිසා තමයි ඔහු ඇයගේ අනාගතයට සුබ පතන්නේ අනාගත ජීවිතය ආලෝකවත් වේවා යෑයි පතන්නේ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    ඔව් බන් , එහෙම වත් පතලා හිත හදාගමු.

    කිඹ්*ක් හින්දා ගෙම්බෙක් වෙන්න බැහැනේ.....

    Next version එක හුත්**ක් පතාලා නොහු* මැරේ මේ හු**ගේ පුතාලා....
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බන් , එහෙම වත් පතලා හිත හදාගමු.

    කිඹ්*ක් හින්දා ගෙම්බෙක් වෙන්න බැහැනේ.....

    Next version එක හුත්**ක් පතාලා නොහු* මැරේ මේ හු**ගේ පුතාලා....

    aniwa bokka elakiri... rep +++++
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Sara531 again.

    ammo meyaa.... CID eke inna watina kenkek... :yes::yes:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Sara531 again.

    මාත් මේ ටිකෙ බලනවා..මට මතකයි ඔය සින් එක...