Vios 2003 | Inner CV Wear

Killer_K2

Active member
  • Jan 26, 2015
    192
    29
    28
    Sri Lanka
    අප සතුව Toyota Vios 2005 (1st Gen_NCP42) නිෂ්පාදිත රථයක් ඇති අතර එහි Pickup කිරීමේදී ඉදිරිපසින් අසාමාන්‍ය පැද්දීමක්/ දෙදරීමක් දැනුණු නිසාවෙන් කාර්මික ආයතනයකට ගොස් පරීක්ෂා කර ගත්තෙමු. එහිදී දැනගන්නට ලැබුණේ මෙය රථයේ Axle හි Inner CV Bucket හා Tripod Joint ගෙවී යාම නිසා ඇතිවන Play එක නිසා ඇතිවන ගැටළුවක් ලෙස ය.

    ඉන්පසුව අප විසින් දැනට මසකට පමණ ඉහත දී හොඳ තත්ත්වයේ Reconditioned Axle දෙකක් ගෙන යෙදූ පසු ගැටළුව සම්පූර්ණයෙන්ම නිරාකරණය වී තිබුණි. එහෙත් නැවත මසක් දෙකක් පමණ ගතවෙද්දී නැවතත් එම ගැටළුව ම ඇතිවෙමින් පවතින බැව් දැනේ. පෙර පරිදි ම නැතත් ක්‍රම ක්‍රමයෙන් Pickup එකේ දී ඇතිවන එම අසාමාන්‍ය වැනවීම/ පැද්දීම ඇතිවෙමින් පවතී.

    එම වෙව්ලීම ඇතිවන අවස්ථාවේ දී Accelerator එක අතහැරීම හෝ Gear එක Neutral කළ විට වෙව්ලීම සම්පූර්ණයෙන් ම නතර වේ. Axle එකට බලය ලැබෙන අවස්ථාවේ දී පමණක් වෙව්ලීම හටගනියි.

    අලුතෙන් යෙදූ Axle වල Inner CV Joints ද මෙලෙස කෙටි කලක් තුළ ගෙවී යාමට හේතුව සඳහන් කළ හැකි අයෙකු වේ නම් ඉතා අගය කොට සලකමි. තවද වාහනයේ Mounts යනාදිය සියල්ල ම මෑතකදී යොදා ඇති අතර ඒවායේ කිසිදු ගැටළුවක් නොමැත.

    මෙම ගැටළුව ම ඇති තවත් මේ වර්ගයේ කාර් රථයක් ඇති අතර ඔහු Axle වල Inner CV Buckets සහ Tripod Joints පමණක් අලුතෙන් යෙදූ අතර ඉන්පසු ගැටළුව නිරාකරණය වී තිබිණි. නමුත් ඔහු ද මා හට සඳහන් කළේ ඔහුගේ වාහනයේ ද නැවතත් ගැටළුව දැනෙමින් ඇති බව යි.

    මේ ගැටළුව පිළිබඳව කිසියම් හෝ අදහසක් ඇති අයෙක් වේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.

    ස්තුතියි.
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    192
    29
    28
    Sri Lanka
    Okkoma Thailand awe.. 2003 wala RMV eke owner cert (book) wala Manufactured Country thibbe naa.. 2003 walin passe Data migration waladi thibbe nathi ewata “Japan” kiyala damma.. Peugeout 406 ehemath thiyenawa Made in Japan kiyala book eke.. ape gonnu rawatila Made in Japan Vios ussagena enawa.. :lol: :lol: .. was working on eRevenue project those days..

    Ow Vios Japan manufacture kle naha kiyala dannawa. Imported Country eka mokak da kiyala ahuwama Japan kiyala damme book eke tiyena nisa. nathuwa nodanuwathkamata newei. Made in Japan da Thailand da kiyala newei methana tiyenne wena issue ekak. Made in Japan Vios naha kiyala wahana gana danna oni ekek dannawa. Ahapu prshneta uttare dunna.

    Toyota Vios කියලා Japan ගැහුවේ නැහැ
    Imported Country kiyala ahuwama Japan kiwwe Book eke ehema tibunu nisa. meka Manufactured Japan newe kiyala dannawa.
    ------ Post added on Mar 14, 2023 at 8:17 AM
     
    • Wow
    Reactions: hrm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,766
    61,001
    113
    මාලඹේ
    Ow Vios Japan manufacture kle naha kiyala dannawa. Imported Country eka mokak da kiyala ahuwama Japan kiyala damme book eke tiyena nisa. nathuwa nodanuwathkamata newei. Made in Japan da Thailand da kiyala newei methana tiyenne wena issue ekak. Made in Japan Vios naha kiyala wahana gana danna oni ekek dannawa. Ahapu prshneta uttare dunna.


    Imported Country kiyala ahuwama Japan kiwwe Book eke ehema tibunu nisa. meka Manufactured Japan newe kiyala dannawa.
    ------ Post added on Mar 14, 2023 at 8:17 AM
    Japan Belta කියලා ගහන්නේ Vios කියන නමින් Japan ඇතුලේ විකුනන්නේ නැහැ මෝක්ක් හරි ජල්බරියක්
     
    Last edited: