VISA එක හරියට දා ගන්න..

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    463
    312
    63
    House-Full
    VISA එක හරියට දා ගන්න..

    From: විදෙස් අධ්යාපන හා රැකියා මංසල Foreign Education and Employment Lines

    #France #German #Italy #Finland #Sweden #Latvia ඇතුලු සෑම #shenagan country එකක්ම සහ #Japan #UK #Canada #Newzealand #Australia #Usa අනිවාර්යයෙන් වීසා රිජෙක්‍ට්


    අපි කියන්න යන්නෙ ඇයි මේ රටවල් වලට වීසා රිජෙක්‍ට් වෙන්නෙ කියල .ප්‍රධාන හේතුව එජ්න්සි වලින් ඇප්ලයි කරන එක .අවසාන intake එකේ එජ්න්සි වලින් දැන දැනම රිජෙක්ට් වෙන්න වීසා දැම්ම යුරොප් ප්‍රොමොට් කර කර ඔරියන්ට් ලංකා ට්‍රිනිටි ඉන්ටර්නැශනල් ඇතුව තවත් එජ්න්සි කරුවන් බොහෝමයක් .මේ එජ්න්සි කලින් ඉන්ටෙක් වල cooperative bank වලින් දාල රිජෙක්‍ට් උනහම ඊට පස්සෙත් දැන දැනම අලුතින් පෙජ් වල සහ විවිදාකාරයෙන් දැන්වීම් පලකර අර බෑන්ක් වලින්ම ස්ටේට්මන්ට් අරගෙන ලමයින්ට දැම්මා . හේතුව මෙයාලට ඔයාල රට ගියත් එකයි නැතත් එකයි රෙජිස්‍ටෙශන් ෆී එකයි යුනිවර්සිටි එකෙන් ඩොකියුමන්ට් එවපුහම VFS දාන්න ඩොකියුමන්ට් අතට දෙන්නෙ ලක්ෂ 2 2.5 අරගෙන ඔයාලට වීසා හම්බ උනා හෝ රිජෙක්‍ට් උනා කියල මෙයාලට වාසියක් හෝ පාඩුවක් නැහැ මෙයාලගෙ ගාන අරගෙන ඉවරයි .

    මෑත කාලීනව france තමයි වැඩියෙන්ම විකුනගෙන කාපු රට ගියපු ඉතාම සුලු පිරිසකුත් ආයේ ශෙනගන් රටකට යන්න බැරිවෙන්න වීසා රිජෙක්‍ට් කරගත්තු විශාල පිරිසකුත් දැනට ඉතිරිව සිටිනවා.

    මේ කිසිම රටකට ෆිනෑන්ස් කම්පැනි වලින් හෝ කෝපරේටිව් බෑන්ක් වලින් ස්ටෙට්මන්ට් අරගෙන දැම්මොත් අනිවාර්යයෙන් රිජෙක්‍ට් වෙනවා .

    එහෙනම් මොකද දැන් රිජෙක්‍ට් වෙලා ඉන්න අයට කරන්න පුළුවන්

    1 ඇපීල් කරන්න පුළුවන්
    2 reapply කරන්න පුළුවන්

    ඇපීල් කරද්දී ෆ්‍රයිනැන්ස් ඩොකියුමන්ට් ප්‍රධාන හේතුව නම්

    කෝපරේටිව් බෑන්ක් එකේ දාපු සම්පුර්ණ මුදලම නැවත රජයේ බෑන්ක් එකකට මාරු කරලා ඒ මුදල කෝපරේටිව් බෑන්ක් එකෙන් අඩු කරලා ස්ටෙට්මන්ට් එකක් සහ balance certificate එකක් අරගෙන එදිනම ඒ මුදලම රජයේ බැංකු ගිනුමෙහි තැම්පත් කරන්න මේක කරන්න පුලුවන් නම් විතරක් ඇපීල් කරන්න නැත්නම් එපා මොකද ප්‍රතිපලය එකමයි

    බෑන්ක් ස්ටෙට්මන්ට් දෙකක් දැම්ම නම්

    වයාපාරයේ current account හෝ saving account ලෙස ඔබගෙ සහ වයාපාරයේ

    මවගෙ පියාගෙ sponsor ගේ අකවුන්ට් එකෙන් තමන්ගේ ගිනුමට මාරු කරපු විදිහට

    නැත්නම් ඇත්තටම තමන්ගේ අකවුන්ට් එකට කොහෙන් හරි සල්ලි හොයාගෙන දාල හිස්ට්‍රී එක පෙන්වන්න කෝපරේටිව් බෑන්ක් එකකින් දැම්ම නම් .

    ඉහත කවර ආකාරයකට හෝ ස්ටෙට්මන්ට් දෙකක් කෝපරේටිව් බෑන්ක් එකකින් දැම්ම නම් අනිවාර්යයෙන් ඒ අකවුන්ට් දෙකේම බැලන්ස් එක රජයේ ගිනුමකට මාරු කරලා පෙන්වන්න ඕනේ

    ගොඩක් අය immigration lowyer ලා ලගට ගිහිල්ලා රුපියල් 50 000 80 000 දීලා ලෝයර්ගේ කීම අහලා ලෙටර් හදාගෙන සීල් කරලා උසාවි යෙන් ඩොකියුමන්ට් සීල් කරගෙන දානවා මොකද වීසා රිජෙක්‍ට් උනහම යුනිවර්සිටි එකෙන් හෝ කොලෙජ් එකෙන් කියන්නෙ immigration lowyer කෙනෙක් අල්ලගෙන ඇපීල් කරන්න කියල .

    ෆෙක් ඩොකියුමන්ට් දාපු හැම කෙනාම අන්තිම අවස්තාව ලෙස අවුරුදු ගානක ඉදලා ඕක කරන නිසා ලොයර් කෙනෙක් ලව්වා ලෙටර් ඉදිරිපත් කරා කියල මුකුත්ම වෙන්නෙ නැහැ තියෙන තුට්ටුවත් අන්තිම නැති වෙනවා මිසක් බෑන්ක් ස්ටෙට්මන්ට් හොරට ගන්න රටේ ලොයර් කෙනෙක් ගේ සහතික කිරීම එයාල සත පහකට මායිම් කරන්නෙ නැහැ

    ගොඩක් එජ්න්සි වලිනුත් රීඇප්ලයි යන්න විවිද මිල ගනං කියල තිබුනා .එක එක ඩොකියුමන්ට් වලට වෙන වෙන සල්ලි අරගෙන VFS එකට යන්න කලින් වෙනම ලක්ෂ දෙක තුන ඉල්ලගෙන රිජෙක්‍ට් උනහම අපේ නෙවේ වරද ඔයාලගෙ අපිට විසා හම්බ වෙලා තියෙනවා ඔයාගෙ රිජෙක්‍ට් උනහම කියන පොදු පිලිතුර බොහෝදෙනෙක්ට දීලා තිබුනා.

    ඔය එකක්වත් වැදගත් නැහැ ඇත්තටම සල්ලි මාරු කරලා පෙන්වන්න පුළුවන් නම් එහෙම කරලා හේතු ඇතුව පැහැදිලි කරලා රිජෙක්‍ට් රීසන් එකත් එක්ක වෙන් වෙන්ව පැහැදිලි කරලා ලෙටර් එක ලියන්න අත්සන් කරන්න පුළුවන් නම් ලොයර් කෙනෙක් ලව්වා සහතික කරගන්න දිවුරුම් ප්‍රකාශයක් වගේ.

    මේ විදිහට කරන්න බැරි නම් හොදම දේ ඊගාව intake එකට සූදානම් වෙන එක කල් තියාම රජයේ ගිනුමක් maintain කරගෙන .

    ඊගාවට සල්ලි පෙන්නන කාක්කො සෙට් එකක් ඉන්නවා මුන් 3.5% 5% ගානේ මාසික පොලියට සල්ලි අරගෙන කෝපරේටිව් බෑන්ක් වලින් ස්ටෙට්මන්ට් දීලා තිබුනා එයාල ඇත්තටම සල්ලි දානවා වගේ රන්ගනයක යෙදිලා

    කොල්ලුපිටිය ,කඩවත ,බම්බලපිටිය, ගම්පහ මීගමුව ආග්‍රීතව සල්ලි පෙන්වන කාක්කො සෙට් එකක් ඉන්නවා මෙයාල සල්ලි ඔයාලගෙ නමින් අලුත් අකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාල හිස්ට්‍රි එක print කරලා දෙනවා NSB BOC Peoples Bank සහ Sampath Commercial Bank ඇතුලුව එහෙම කරලා මාස තුනක හෝ හයක ප්‍රින්ට් කරපු හිස්ට්‍රි එකටත් එක්ක අර පොලියටම සල්ලි ගන්නවා .මේක අහු උනොත් ආයේ හොද රටකට වීසා වදින්නෙ නැහැ .අහු උනේ නැත්නම් වාසනාව තමයි

    ඔරියන්ට් ලංකා එකෙන් හොර ඔප්පු බදු ඔප්පු දම්මවලා තියෙනවා විශාල පිරිසකට.මේක කෝකටත් තයිලය නෙවේ සල්ලි පෙරෙතකමට සුදුසුකම් වත්කම් ඇත්තටම තියෙන ලමයෙකුටවත් යාගන්න බැරිවෙන්න මේ එජ්න්සි මේ දේවල් වන කරනවා .

    මේ ෆයිනෑන්ස් පැත්ත විතරයි ඊගාව කාරනය

    🌋study gap සහ වයස

    AL රිසාල්ට් අනිවාර්යයෙන් ඕනේ maths, bio science කරා නම් S තුනක්
    ආර්ට් කොමර්ස් කරානම් C තුනක් වත් අවම මේවට S තියෙන අය කලබල වෙන්න එපා IELTS එක 6.5හෝ වැඩියෙන් ගන්න
    ලැට්වියා වලට නම් S තුනක් ඇති

    OL /AL fail නම් ඩිප්ලෝමා හෝ ඩිග්‍රි එකක් අනිවාර්යයෙන් ඕනේ .

    වොර්ක් එක්ස්පීරීයන්ස් අනුව ගන්නත් පුළුවන්

    රට යන්න පුළුවන් වයස් සීමාව කොහොමද කොලිෆිකේශන් නැති හෝ තිබුනත් වයස 30 පැන්න කෙනෙකුට බැචලර් වලට යුරොප් නම් යන්න අමාරුයි

    AL විතරක් තියෙන 26 පැනපු කෙනෙකුට ඇඩ්මිශන් ගන්න පුළුවන් උනත් වීසා ගන්න අමාරුයි යුරොප් / එඩියුකේශන් සහ වොර්ක් එක්ස්පීරීයන්ස් තියෙනවා නම් යම් අවස්තාවක් තියෙයි නැත්නම් අමාරුයි .

    ඒ උනාට AL එක්ක වොර්ක් එක්ස්පීරීයන්ස් විතරක් තියෙන වයස 35 උන කිහිප දෙනෙකුට ම තනියම ඇප්ලයි කරලා newzealand student visa පහුගිය ඉන්ටෙක් එකේ ආවා ඒවගේම කැනඩා වලටත් වයස 32 /34 ආවා .මේ හැම කෙනෙකුම IELTS 6.5 සහ ඊට වැඩියෙන් තිබුනා කිසිම එජ්න්සි එකකට ගියේ නැහැ .

    වයස කෙසේ වෙතත් IELTS නැතුව එන්න නම් හිතන්න එපා .

    කැනඩා ඇප්ලයි කරද්දී ගැප් තියෙනවා නම් ඒවට බොරු සහතික දාන්න එපා ලොකෙ ඕන රටකට බොරු කරන්න පුළුවන් හැබැයි කැනඩා ඉමිග්ග්‍රෙශන් එකට බැහැ
    ගැප් තියෙනවා නම් ඒකට ඇත්ත හේතුව කියන්න ජනවාරි අවුරුදු 28ක girl කෙනෙක් ආවා එයා AL විතරයි කරලා තියෙන්නේ ඊට පස්සෙ කසාද බැදලා බබලා දෙන්නෙක් ඉන්නවා එජ්න්සි වලට ගියහම ගැප් පුරවන්න සහතික හදන්න ලක්ෂ 3.5 ක් ඉල්ලලා .එයා එයා එජ්න්සි නොයා ඇත්තටම AL වලිං පස්සෙ කසාද බැදලා හිටියා කියල කසාද සහතික ලමයින්ගේ birth certificate එක්ක perpose එක හරියට ඉදිරිපත් කරා IELTS කරලා කිසිම ගැටලුවක් නැතුව student visa ආවා

    🌋IELTS හෝ අදාල රටේ ලැන්වෙජ් එක නොමැති වීම
    🌋Perpose එකේ ස්ටඩි කරන්න රටකට එන අරමුණු පැහැදිලි නොවීම සහ නොගැලපීම
    🌋ඉන්ටව් එකේ කියන දේවල් සහ පර්පස් එකේ කරුනු නොගැලපීම
    🌋ස්පොන්සර් ගේ ඉන්කම් මදි වීම අඩුම ලක්ෂ දෙකකට එහා තියෙන්න ඕනේ ලැට්වියා වල මාසික වියදම යුරෝ 600,උනොත් ඒකට රුපියල් වලිං 120 000යි ඊට අමතරව ඊගාව අවුරුද්දෙ ෆී එක ගෙවන්නත් ඕනේ .එතොකොට මේකෙන් ලංකාවෙ ගෙදර ඉන්න අයගෙ සියලුම වියදම් අහක් වෙන්න ඕනේ ඔය විදිහට බලපුවහම ලක්ෂ 1.50 එහා ගානක් වත් අඩුම වෙන්න ඕනේ ආදායම වැටුප් වශයෙන් පෙන්වනවා නම්.
    🚯️ගොඩක් එජ්න්සි වලිං අඩුම තරමේ ඇනුවල් ඉන්කම් රිපොට් එකක්වත් දාල නැහැ එයාලට කිසිම අදහසක් නැහැ ආදයම් වියදම් තත්ත්වය පිලිබදව ඒක chartered account කෙනෙක් ලව්ව කර ගන්න පුළුවන්

    සල්ලි පෙන්වන්න පුළුවන් ආකාර


    🍬වැටුප් වශයෙන්
    🍬වයාපාර ආදායම් වශයෙන්
    🍬ඉතුරුම් තැම්පත් වශයෙන් ( හැබැයි මෙහෙම සල්ලි පෙන්වන්න පුළුවන් නම් ඉන්කම් එක අදාල නැහැ අදාල යුනිවර්සිටි එකේ ෆි එකයි ජීවන වියදමයි මුලු අවුරුදු ගානටම කවර් වෙන්න තියෙනවා නම් )අවුරුදු එකක වියදම විතරක් වගේ සල්ලි තියෙනවා නම් අනිවාර්යයෙන් ඉන්කම් එක ඕනේ .
    🍬දේපල විකුනුම් බදු දීම කුලී දීම් දැන් මේක කරනවා නම් අනිවාර්යයෙන් ප්ලෑන් එක වරිපනං ගෙවපුවා ලයිට් වතුර බිලකුත් එක්ක වැලිවේශන් රිපොට් එකක් දාන්න .(එජ්න්සි වලිං වන කරපු නිසා)
    දේපල වලට වාහන ඉඩකඩම් වයාපාරය ගෙවල් වගාබිම් කුබුරු යන හැම දෙයක්ම ගන්න පුළුවන් .

    🍬ස්තාවර තැම්පත් පුලුවන් ද
    දැන් නම් සම්පත් කොමර්ෂල් වල ඕක කරනවා ස්තාවර තැම්පත් දාන්න සල්ලි කොහෙන්ද ආවේ කියල පෙන්වන්න වෙනවා ඉතාම අඩු කාලයක එකක් නම්.අවුරුදු ගානකට කලිං එකක් නම් ගැටලුවක් නැහැ සමහර රටවල් මේක එච්චර පිලිගන්නෙ නැහැ ප්‍රධාන බෑන්ක් එකක තිබුනත් එතොකොට කරන්න ඕනේ ඒක saving account එකකට මාරු කරන එක

    රටකට යන්න සල්ලි පෙන්වන්න කියන එකේ බලාපොරොත්තුව ෆී එකට සහ වියදමට සල්ලි ලංකාවෙන් ගෙන්න ගන්න තියෙනවාද බලන එක ස්තාවර තැම්පත් දාල ඒවගෙ සල්ලි ගන්න බැහැ වෙන රටකට ගිහිල්ලා .ස්තාවර තැම්පත් දාල වීසා ගත්තු අය ඉන්නවා හැබැයි ලගදි දාපු එකක් නම් සල්ලි මාරු කරලා පෙන්වන්න කාලෙකට කලිං දාපු එකක් නම් ගැටලුවක් නැහැ

    මේ ඔක්කොම කරන්න පුළුවන් රජයේ බෑන්ක් වල සහ කොමර්ෂල් සම්පත් බෑන්ක් වල විතරයි වෙනත් පුද්ගලික බැංකු කිසිවක් තෝරගන්න එපා වඩා ආරක්ශිතම දේ ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව තෝරගන්න එක.

    අපෙන් දෙයක් අහපුවහම අපි අකවුන්ට් එක ෆෙක් නැද්ද එජ්න්සි එක මොකක්ද කියල හොයන්නෙ බලන්නෙ නැහැ ඕන කෙනෙකුට තොරතුරු දෙනවා.බොහෝ වෙලාවට එජ්න්සි වල අයම අපෙන් තොරතුරු ගන්නවා මේ විදිහට නැත්නම් ස්ටුඩන්ටලා අහගෙන ගිහිල්ලා එජ්න්සි වල අයට කියනවා මොකක් හරි ක්‍රමයක් කීවහම එජ්න්සි වලිං ඒකම අල්ලගෙන පට්ට ගහනවා ආයේ ආත්මෙකට කරන්න බැරි වෙන්න .

    අපි අපේ කාලය බොහොම අමාරුවේන් ඔයාල වෙනුවෙන් වෙන් කරන්නෙ. ලංකාවෙ ඉද්දි කාලයෙ වටිනාකම තේරෙන්නෙ නැහැ මේ රටවල් වල වැඩ කරන පැය ගනන් වලට ගෙවන නිසා හැම කෙනෙක්ම කාර්‍යබහුලයි .

    ඔයාල උනත් එන්න කලිං හැමෝටම කතා කරාට රටකට ආවට පස්සෙ ලංකාවෙ ඉන්න කාටවත්ම උදව් කරන්න කැමති නැහැ අඩුම තරමේ අහන මැසෙජ් එකකට වත් උත්තර දෙන්නෙ නැහැ ඒක නිසා තමයි මේ රටවල් වලට ලංකාවෙ එක්කෙනක් එද්දි පිලීපීන් ඉන්දියන් පකිස්තාත් බංගලි චීන ජාතිකයන් විස්සක් තිහක් එනවා එයාල ඒ තරමට තමන්ගේ අය ගෙන්න ගන්න පුදුම විදිහට උදව් කරනවා .අදුරනව ද නැද්ද කියල අදාල නැහැ තමන් ගේ එකෙක් නම් ඉන්න තැනක් ජොබ් එකක් හොයල දීලා නැත්නම් කරගන්න විදිහ කියල දීලා කොහොම හරි ගොඩ දාන්න බලන්නෙ ඒකට අපේ අය පුළුවන් නම් තව ලක්ෂ පහ හයක් තමන් තියාගෙන තව එකෙක්ව ගෙන්වන්න බලන්නෙ නැත්නම් එජ්න්සි අටවගෙන රට යන්න ඉන්න අයගෙ කීය කීය හරි ගලවන විදිහ සහ ඒකෙන් ගැලවෙන විදිහත් කල්පනා කරලා තමයි වැඩේට බහින්නෙ .දැන් නම් FB එකෙන් රට යවන සෙට් එකකුත් ඉන්නවා sanjaya sk යස් තිවංක, ශාන් ඩයස් වගේ .ලංකාවෙ අපේ මිනිස්සු තරම් කුහක ජාතියක් තවත් නැහැ .ඒ වගේ කුහක සිතුවිලි තියෙන අයට කවදාවත් හරියන්නෙ නැහැ .කොරෝනා වයිරස් එක නිසා මේ රටවල් වල පාර අයිනේ ඉදලා මාස්ක් බෙදා දෙද්දි රුපියල් 80 එක ලංකාවෙ 500 1000 විකුනපු පුවතක් අහන්න ලැබුනා හැම දෙයක්ම ඔය වගේ තමයි අපේ අයගෙ .

    මේ එජ්න්සි වලිං පුටු උඩට වෙලා යුනිවර්සිටි එකට ඔයාල සල්ලි වියදම් කරලා ඇවිදලා හදලා දෙන ඩොකියුමන්ට් මෙල් කරලා ලක්ෂ 2/2.50 ගන්නවා ලැට්වියා වලට විතරක්

    France යවනවා කියල රිජෙක්‍ට් කරලම මේ එජ්න්සි කාරයෝ ලක්ෂ 6 - 8 වගේ මුදල් අරගෙන තියෙනවා.

    මින් ඉදිරියට කිසිම රටකට ෆෙක් ෆයිනෑන්ස් ඩොකියුමන්ට් දාන්න එපා මේවා කරලා දැන් යන්න පුළුවන් සිංගප්පූරු මලයාසියාව අසර්බයිජාන් රුසියා චීනය තායිලන්ඩ් වගේරටවල් වලට විතරයි
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,012
    5,409
    113
    Good Guide

    ගොඩක් එජ්න්සි වලිං අඩුම තරමේ ඇනුවල් ඉන්කම් රිපොට් එකක්වත් දාල නැහැ එයාලට කිසිම අදහසක් නැහැ ආදයම් වියදම් තත්ත්වය පිලිබදව ඒක chartered account කෙනෙක් ලව්ව කර ගන්න පුළුවන්

    Financial Statements Certify කරගන්න ඕනි නම් මාව Contact කරගන්න
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    63,336
    52,110
    113
    මාලඹේ
    මින් ඉදිරියට කිසිම රටකට ෆෙක් ෆයිනෑන්ස් ඩොකියුමන්ට් දාන්න එපා මේවා කරලා දැන් යන්න පුළුවන් සිංගප්පූරු මලයාසියාව අසර්බයිජාන් රුසියා චීනය තායිලන්ඩ් වගේරටවල් වලට විතරයි
    මේ රටවල් වලට යනවාට වඩා හොදයි ලංකාවේ වහ කාලා මැරෙන එ ක:lol::lol:
     
    • Haha
    Reactions: Experwas

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    373
    63
    මගේ කසින් කෙනෙක්ගේ වෙඩින් එකක් තියෙනවා ජර්මන් වල. ඒ පවුලේ අය මට ස්පොන්සර් කරනවා. තව මන් කෝස් එකක් කරනවා. වෙඩින් එක තියෙන ඩවස් වලට සෙට් වෙන්නේ ට්‍රෙනින් පීරියඩ් එක. රජයේ තැනකින් කෝස් එක කරන්නේ. ඉන්විටේශන් කාඩ් එකයි කෝස් එක කරන තැනින් ලෙටර් එකකුයි තිබුනම ඇතිද වීසා වලට. අවසාන විභාගෙ තියෙන්නේ ට්‍රේනින් ගිහින් ආවම. ලන්කාවට ආයිත් එන්න හේතුව විදිහට ඒක දාලා ලෙටර් එක දුන්නම ඇතිද වීසා වලට?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    30,476
    30,737
    113
    KY
    මගේ කසින් කෙනෙක්ගේ වෙඩින් එකක් තියෙනවා ජර්මන් වල. ඒ පවුලේ අය මට ස්පොන්සර් කරනවා. තව මන් කෝස් එකක් කරනවා. වෙඩින් එක තියෙන ඩවස් වලට සෙට් වෙන්නේ ට්‍රෙනින් පීරියඩ් එක. රජයේ තැනකින් කෝස් එක කරන්නේ. ඉන්විටේශන් කාඩ් එකයි කෝස් එක කරන තැනින් ලෙටර් එකකුයි තිබුනම ඇතිද වීසා වලට. අවසාන විභාගෙ තියෙන්නේ ට්‍රේනින් ගිහින් ආවම. ලන්කාවට ආයිත් එන්න හේතුව විදිහට ඒක දාලා ලෙටර් එක දුන්නම ඇතිද වීසා වලට?




    රජයේ තැනක නම් කොස් එක කරන්නේ, එතන ලොක්කාගෙන් උබට රට යන්න අවසර දුන්න ලිපිය ඕනේ, ආයේ ස්ටුඩන්ට් id එක ඕනේ. පුළුවන් තරම් උබ ගිහින් එනවා කියලා ඔප්පු කරන සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. ගොඩක් දුරට කලින් ට්‍රැවල් හිස්ට්‍රි නැත්තම් සෙනගන් විසා රිජෙක්ට් තමයි බන් :yes:
     
    • Like
    Reactions: strada

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,087
    1,137
    113
    මගේ කසින් කෙනෙක්ගේ වෙඩින් එකක් තියෙනවා ජර්මන් වල. ඒ පවුලේ අය මට ස්පොන්සර් කරනවා. තව මන් කෝස් එකක් කරනවා. වෙඩින් එක තියෙන ඩවස් වලට සෙට් වෙන්නේ ට්‍රෙනින් පීරියඩ් එක. රජයේ තැනකින් කෝස් එක කරන්නේ. ඉන්විටේශන් කාඩ් එකයි කෝස් එක කරන තැනින් ලෙටර් එකකුයි තිබුනම ඇතිද වීසා වලට. අවසාන විභාගෙ තියෙන්නේ ට්‍රේනින් ගිහින් ආවම. ලන්කාවට ආයිත් එන්න හේතුව විදිහට ඒක දාලා ලෙටර් එක දුන්නම ඇතිද වීසා වලට?
    Kalin Europe gihin naththam reject wenna loku chance ekak thiyenawa. Cousin kenek he wedding kiyala apply karana godak Aya innawa ban.
     
    • Like
    Reactions: strada

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    373
    63
    රජයේ තැනක නම් කොස් එක කරන්නේ, එතන ලොක්කාගෙන් උබට රට යන්න අවසර දුන්න ලිපිය ඕනේ, ආයේ ස්ටුඩන්ට් id එක ඕනේ. පුළුවන් තරම් උබ ගිහින් එනවා කියලා ඔප්පු කරන සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. ගොඩක් දුරට කලින් ට්‍රැවල් හිස්ට්‍රි නැත්තම් සෙනගන් විසා රිජෙක්ට් තමයි බන් :yes:

    එකපාරක් ට්‍රැවල් කරලා ආවම ඊලග පාර අව්ලක් නැතුව වීසා ගහනවද :eek:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    30,476
    30,737
    113
    KY
    එකපාරක් ට්‍රැවල් කරලා ආවම ඊලග පාර අව්ලක් නැතුව වීසා ගහනවද :eek:




    උබට ස්පොන්සර් කරන කෙනා සිටිසන් ද? :confused:


    අඩුම ගානේ උබ මැලේෂියා සින්ගපුර් වගේ ට්‍රැවල් හිස්ට්‍රි එක්ක ආයෙම ගිහින් එනවා කියන එක ඔප්පු කරන විදිහට ඩොකියුමන්ට් දෙන්න ඕනේ බන්. එහෙම නැති උනොත් එහෙම රිජෙක්ට් තමා.:yes:


    සෙනගන් විසා එක මොන එම්බසි එකෙන් දුන්නත් උබට ඕනේ යුනිඅන් එකේ රටකට යන්න පුළුවන් විසා එක හම්බුනාම, ගිහින් පැන්නොත් ඉතින් හොයනවා බොරු නේ උන්ට. ඒක හින්දා ගොඩක් දුරට ස්පොන්සර් ස්ට්‍රෝන් නැත්තම් , උබේ ඩොකියුමන්ට් මදි නම් රිජෙක්ට් තමා දාල බලන්න :yes:
     
    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    235
    63
    Mage wifeta master's dala Mata temp work permit danna yanakota strong ties to home country pennanne kohomada bn?

    1. Mata properties na
    2. Mama private company ekaka wada. Study leaves denne na
    3. Ekama male child