Volkswagen අන්තිමේ මහින්ද්‍රා 🤦‍♂️

Nimneth2019

Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Volkswagen අන්තිමේ මහින්ද්‍රා 🤦‍♂️

    mahindra-kuv100-nxt-default.jpg-version201907091829.jpg

    මහින්ද්‍රා තම පළමු මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ශ‍්‍රී ලංකාවේ අරඹයි

    ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක වත්කමක් ඇති මහින්ද්‍රා සමුහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ‍්‍රී ලංකාවේ කොළඹට නුදුරු වැලිපැන්න හි දී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇරඹීමත් සමග ගෝලීය වශයෙන් තම ව්‍යාප්තිය සඳහා දැවැන්ත පියවරක් තබා ඇත. මහින්ද්‍රා අයිඩියල් වශයෙන් නම් කරන ලද මෙම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අයිඩියල් මෝටර්ස් සමග සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබයි.

    මෙම නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අගෝස්තු 17 දින තම පළමු නිෂ්පාදනය වන Mini SUV KUV1OO එළි දැක්වූ අතර ඉදිරි වසර තුන තුළ තවත් නිෂ්පාදන රාශියක් එළි දක්වනු ඇත.

    මෙම නවතම CKD එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්,මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා ,මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ප‍්‍රධාන ජාත්‍යන්තර මෙහයුම් නිළධාරී අරවින්ද් මැතිව් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා මහතා,” මෙම මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම ශ‍්‍රී ලංකා වෙළඳ පොළට පිවිසීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.ශ‍්‍රී ලංකාව අපගේ උපායමාර්ගික වෙළඳපොළක් වන අතර මෙම කාර්මාන්ත ශාලාව ඇරඹීමත් සමග දේශීය අවශ්‍යතාවන්ට ගැලපෙන නිෂ්පාදන නිසි වේලාවට ලබා දීමේ හැකියාව අප සතු කිව යුතුයි.එමෙන්ම ශ‍්‍රී ලංකා රජය ලබා දුන් විශේෂ සහයට අපගේ විශේෂ ස්තුතිය පිරිනමන අතර මෙය රටේ කාර්මික සංවර්ධනයට පමණක් නොව විශාල රැකියා උත්පාදනයකටත් මග පෑදෙන බව විශ්වාසයි” යනුවෙන් පැවසීය.

    මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ජාත්‍යන්තර මෙහයුම් ප‍්‍රධානී අරවින්ද් මැතිව් මහතා අදහස් දක්වමින්, ”වසර ගණනාවක් පුරා අයිඩියල් මෝටර්ස් සමග තිබු අපගේ නොබිදෙන සහයෝගීතාව දිනෙන් දින ශක්තිමත් වෙමින් ජයග‍්‍රාහී මාවතකට පැමිණ තිබෙනවා.මෙම නව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුළින් කාර්මික ක‍්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය වෙමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වේගවත් කිරීමටත් එමගින් ශ‍්‍රී ලංකාව තුළ අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවයක් ලබාදීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි පැවසීය.

    සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් සභාපති නලින් වෙල්ගම මහතා, ”අයිඩියල් මෝටර්ස් සහ මහින්ද්‍රා අතර දශකයකට වැඩි කාලයක් පුරා පවතින සබඳතාව ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බොහෝ වටිනාකම් ලබා දීමට සමත් වී තිබෙනවා.අද මෙම සමාරම්භක උත්සවය අපගේ අභිලාෂයන් සහ සිහින සැබෑ වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.විශේෂයෙන් දේශීයව මගී වාහනයක් එකලස් කිරීමේ සිහිනය මෝටර් කාර්මික ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වන මහින්ද්‍රා සමග සැබෑ කරගැනීමේ හැකියාව අපට ලැබෙනවා. මෙම නව හවුල්කාරිත්වය මඟින් ශ‍්‍රී ලංකාවටිනැගී සිටීමට’ හැකි වන අතර “ශ‍්‍රී ලාංකික නිෂ්පාදනයක්“ යන වචන පේලිය හරහා අපගේ කීර්තිය ලොවටම විදහා දැක්වීමට අවස්ථාව ලැබෙනවා“, යැයි පැවසීය.

    අයිඩියල් මෝටර්ස් හි නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා මහතා අදහස් දක්වමින් ”ශ‍්‍රී ලාංකික ඉතිහාසයේ පළමු වරට මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සඳහා ලොව දැවැන්ත මෝටර් රථ සමාගමක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා විසින් ආයෝජනය කිරීම සැබවින්ම සුවිශේෂී සිදුවීමක් ලෙස සලකන්න පුළුවන්.එසේම අයිඩියල් සමුහයේ අපිද මෙම ඓතිහාසික අවස්ථාවේ කොටස් කරුවන් වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා.”

    “මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ සහ අයිඩියල් සමුහයේ මෙම හවුල්කාරිත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස මෝටර් රථ කර්මාන්තයේ නව තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලැබෙන අතර එහි උපරිම ප‍්‍රතිලාභ නෙලා ගැනීමට ශ‍්‍රී ලාංකික දක්ෂ තරුණ ප‍්‍රජාවට හැකි වනවා.එසේම රැකියා උත්පාදනයට අතිරේකව 35% ක දේශීය අගය එකතු කිරීමක් සිදු වන අතර ඉන් අක්කර 65 ක් පුරා ව්‍යාප්තව ඇති මෝටර් රථ කර්මාන්ත උද්‍යානය තුළ දේශීය ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ප‍්‍රවර්ධනයට අවස්ථාව ලැබෙනවා.එසේම මෙම සැපයුම්දාමය ශ‍්‍රී ලාංකික මෝටර් රථ අංශයේ නව පරමාදර්ශයක් ද සපයන බව මට විශ්වාසයි. අවසාන වශයෙන් මෙම අද්විතීය ව්‍යාපෘතිය සඳහා මම සුභ පතන අතර ඒ සඳහා කැපවී වෙහෙස මහන්සියෙන් වැඩකළ සියලූ දෙනාට මගේ හද පිරි ස්තුතිය පිරිනමනු ලබනවා.”යැයි පැවසීය.

    අක්කර දහයක් පුරා පැතිරී ඇති මෙම නව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අති නවීන තාක්ෂනයෙන් පරිපූර්ණ අතර මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම මගින් Mini SUV KUV1OO රථ 5000 ක ප‍්‍රමාණයක් වසරකට එකලස් කිරීමට බලාපොරොත්තු වන අතර බැටරි, ටයර්, ආසන සහ එක්ස්හෝස්ට් පද්ධතිය යන කොටස් දේශීයව නිපදවීමට කටයුතු යොදා ඇත. තවද ඉදිරි වසර දෙක තුළ සෘජුව සහ වක‍්‍රාකාරව 200 කට අධික රැකියා ප‍්‍රමාණයක් උත්පාදනය කිරීමේ හැකියාවද මෙමගින් ලැබෙනු ඇත.

    ශ‍්‍රී ලාංකික මෝටර් රථ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ආයතනයක් වන මහින්ද්‍රා දශකයකට වැඩි කාලයක් පුරා ශ‍්‍රී ලාංකික වෙළඳපොල තුළ විශ්වාසය රඳවා ගැනීමට සමත් වී තිබේ.එසේම එය ශ‍්‍රී ලාංකික මෝටර් රථ ක්ෂේත‍්‍රය තුළ වෙනමම නාමයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ.මෙම නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව Mini SUV KUV1OO petrol K6+ රථ මගින් තම නිෂ්පාදන අරඹන අතර නුදුරේදීම වෙනත් මාදිලි සඳහා යොමු වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත වන ගෝලීය සන්නාමයක් වන මහින්ද්‍රා සතුව ඇති කොළඹ පිහිටි කාර්යාලයෙන් පාරිභෝගික අවශ්‍යතා සහ අභිලාෂයන් සොයා බැලීම සඳහා වෙනම කණ්ඩායමක් පිහිටුවා ඇත.

    Source : adaderana.lk
    68674963_2438272159529263_8485343651487023104_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    oken ithin local market ekata one car thamai hadanawanam hadanne, mahindra eken oka danne lankawe import tax walin berenna. nathuwa un mehe kiyatawath export walatath ekka mass production patan ganne naa india wala meheta wada hama one kamakma labeta thiyeddi.
    dawasata car 10k wath hadanna bari factory ekak open karanne me minissunta pissuda manda. factory ekak kiwwata nikan school main hall ekak wage :rofl: manufacturing lines, equipment, automated machines monawath naa. nikanma hall ekak open karala.:D election eka balagena ranil karana wikara.
     

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    oken ithin local market ekata one car thamai hadanawanam hadanne, mahindra eken oka danne lankawe import tax walin berenna. nathuwa un mehe kiyatawath export walatath ekka mass production patan ganne naa india wala meheta wada hama one kamakma labeta thiyeddi.
    dawasata car 10k wath hadanna bari factory ekak open karanne me minissunta pissuda manda. factory ekak kiwwata nikan school main hall ekak wage :rofl: manufacturing lines, equipment, automated machines monawath naa. nikanma hall ekak open karala.:D election eka balagena ranil karana wikara.

    Eke thamai mamth baluwe bn oye wahane safety ehemath anthimai
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොන ලබ්බක් හරි කමක් නැ ෆැක්ටරි ටිකක් ලංකාවේ ඇතිවෙන්න ඕන නැත්නම් රටට හෙටක් නැ .

    ඉන්දියාවත් පටන්ගත්තේ ඔහොම තමා .පිටරට කම්පැනි වලට පට්ට ටැක්ස් ගහල උන්ට කියනවා එකෙන් බේරෙන්න නම් තමන්ගේ රටේ එකලස් කරන හෝ අලුතින්ම හදන ෆැක්ටරි දාන්න කියල .එකට ඕන පහසුකම් ඔක්කොම රජයෙන් සපයනවා .ඔය ක්‍රමේ නිසා ර්ත්මයි අපිට ගව්වක් පහලින් හිටපු ඉන්දියාව චීනය කොරියාව වගේ රටවල් අලුගහල දාල ආර්ථික යෝදයෝ වුනේ.

    දේශපාලනේ බල්ලට ගියත් රටට අබමල් රේණුවක තරන්වත් දෙයක් වෙනවනම් ඒගැන සතුටු වෙන්න ඕන .:yes::love:


    රට ගොඩ යන්න මැජික් වලින් අහසේ තරු දෙයියෝන්ට කන්නලව් කරලා හරියන්නේ නෑ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන හැම අංශයකම :D
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මේකෙ ඉන්න ලබ්බන්ට මොකක් දැම්මත් වැරදි විතරම්යි තියෙන්නේ, එක්කෝ උන් පටන් ගන්න ඕන, දැන් කියයි කඩේ යනවා කියලා​
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මරුසිරා;24711987 said:
    මොන ලබ්බක් හරි කමක් නැ ෆැක්ටරි ටිකක් ලංකාවේ ඇතිවෙන්න ඕන නැත්නම් රටට හෙටක් නැ .

    ඉන්දියාවත් පටන්ගත්තේ ඔහොම තමා .පිටරට කම්පැනි වලට පට්ට ටැක්ස් ගහල උන්ට කියනවා එකෙන් බේරෙන්න නම් තමන්ගේ රටේ එකලස් කරන හෝ අලුතින්ම හදන ෆැක්ටරි දාන්න කියල .එකට ඕන පහසුකම් ඔක්කොම රජයෙන් සපයනවා .ඔය ක්‍රමේ නිසා ර්ත්මයි අපිට ගව්වක් පහලින් හිටපු ඉන්දියාව චීනය කොරියාව වගේ රටවල් අලුගහල දාල ආර්ථික යෝදයෝ වුනේ.

    දේශපාලනේ බල්ලට ගියත් රටට අබමල් රේණුවක තරන්වත් දෙයක් වෙනවනම් ඒගැන සතුටු වෙන්න ඕන .:yes::love:


    රට ගොඩ යන්න මැජික් වලින් අහසේ තරු දෙයියෝන්ට කන්නලව් කරලා හරියන්නේ නෑ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන හැම අංශයකම :D

    :yes::yes::yes::D
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    This is knock down assembly plant ( glorified garage :rofl:) for a Indian garbage
    What the fck is the big news about this
     

    Similar threads