[Part 04] අවුරුදු 25ක විශ්වාසය! Unlimited Bandwidth දෙන InterServer!

Rexi

Junior member
  • Dec 14, 2025
    39
    25
    18
    යාළුවනේ, කලින් පෝස්ට් වලින් අපි OVH සහ Hetzner ගැන කතා කළානේ. අද මම අරන් ආවේ සර්වර් ලෝකයේ පරණම වගේම විශ්වාසවන්තම සමාගමක් වෙන InterServer ගැනයි.

    මොකක්ද මේ InterServer? (The Story)

    මේකේ ඉතිහාසය හරිම ලස්සනයි. 1999 අවුරුද්දේදී තාක්ෂණයට ගොඩක් ලැදි හයිස්කූල් යන ශිෂ්‍යයෝ දෙන්නෙක් (Mike Lavrik සහ John Quaglieri) එකතු වෙලා තමයි මේක පටන් ගත්තේ. එක ඩොමේන් එකකින් සහ රීසෙලර් එකවුන්ට් එකකින් පටන් ගත්තු මේ ගමන, අද වෙද්දී ලෝකේ පිළිගත්ත දැවැන්ත සමාගමක්. මේ වෙද්දී මුන්ටම අයිති ඩේටා සෙන්ටර්ස් දෙකක් USA වල (New Jersey සහ Los Angeles) පවත්වාගෙන යනවා.

    අදටත් මුන්ගේ ප්‍රධානම දැක්ම වෙන්නේ ඉතාම සහනදායී මිලකට ඉහළ ගුණත්වයෙන් යුතු සේවාවක් ලබා දීමයි.


    InterServer VPS පැකේජ් සහ මිල ගණන්

    මුන්ගේ මිල ගණන් හරිම සරලයි. ඔයාට අවශ්‍ය සම්පත් ප්‍රමාණය (Resources) අනුව පැකේජ් එක තෝරාගන්න පුළුවන්.

    1. Linux VPS (High Performance)

    සාමාන්‍ය වෙබ් අඩවි සහ වේගය අවශ්‍ය ඕනෑම වැඩකට මේවා සුපිරි. මේවායේ තියෙන්නේ අධිවේගී SSD NVMe ස්ටෝරේජ්.
    • $6.00 / mo: 1 Core CPU | 2GB RAM | 40GB SSD | 2TB Transfer
    • $12.00 / mo: 1 Core CPU | 4GB RAM | 80GB SSD | 4TB Transfer
    • $18.00 / mo: 2 Core CPU | 6GB RAM | 120GB SSD | 6TB Transfer

    2. Storage VPS (අඩුවටම ඩේටා ගබඩා කරන්න)

    බැකප් තියාගන්න හෝ ලොකු ෆයිල්ස් හොස්ට් කරන්න මේ පැකේජ් එක මරු.
    • $3.00 / mo: 1 Core CPU | 2GB RAM | 1TB SATA Storage | 2TB Transfer
    • $6.00 / mo: 1 Core CPU | 4GB RAM | 2TB SATA Storage | 4TB Transfer
    • $9.00 / mo: 2 Core CPU | 6GB RAM | 3TB SATA Storage | 6TB Transfer

    ඇයි InterServer පාවිච්චි කරන්නේ?

    • Price Lock Guarantee: ඔයා අද සර්වර් එකක් රෙන්ට් එකට ගත්තොත්, ඒ මිල ඉදිරියට කවදාවත් වැඩි වෙන්නේ නැහැ කියලා සමාගම සහතික වෙනවා.
    • 10Gbps Network Port: හැම සර්වර් එකකටම ඉතා ඉහළ වේගයකින් යුත් 10Gbps Shared Port එකක් ලැබෙනවා.
    • 24/7 Expert Support: අවුරුදු ගණනාවක අත්දැකීම් ඇති ටීම් එකක් ඕනෑම වෙලාවක Live Chat එකෙන් උදව් දෙන්න ඉන්නවා.
    • No Contracts: කිසිම බන්ධනයක් නැහැ, ඕනෑම වෙලාවක සර්විස් එක නවත්වන්න පුළුවන්.
    මගේ අදහස: ඔයා 1TB Storage එකක් තියෙන VPS එකක් මාසෙට ඩොලර් 3ක් (රුපියල් 1000ක් වගේ) වැනි ඉතා අඩු මුදලකට හොයනවා නම්, අනිවාර්යයෙන්ම InterServer බලන්න. අවුරුදු 25ක විශ්වාසය තියෙන නිසා සර්වර් ඩවුන් වීම් ගැන බය වෙන්න දෙයක් නැහැ.

    මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.
     
    • Like
    Reactions: kulith6