VVT-i එංජින් කියන්නේ මොනවා ද ..???

Jun 14, 2012
420
47
0
VVT-i එංජින් කියන්නේ මොනවා ද ..???

VVT-i engine හෙවත් variable valve Timing with intelligence engine කියන තාක්ෂනය මුලින්ම සොයාගත්තේ අපි කවුරුත් දන්නා Toyota company එකෙන් , ඒ 1991 දී Toyota 4A-GE කියන 5 cylinders. engine එක සදහා මුලින්ම යොදා ගනිමිනුයි .

VVT-i+engine.jpg


vvt-i engine කියන්නේ මුලික වශයෙන් ම intake valves සහ camshaft එක අතර timing එක
adjust කිරීමේ තාක්ෂණයකි , මෙහිදී ප්‍රධාන වශයෙන්ම engine overlap time එක සීරුමාරු කිරීම
intake valve එක ඇරීමේ සහ exhaust valve එක වැසීමේ කාලයන් අතර රැදී පවතිනවා, ප්‍රධාම වශයෙන්ම high RPM එකක් යටතේ වාහනය දාවනය වනටිට මෙමෙගින් engine හි උපරිම කාර්යක්ෂම තාවයකට ගැනීමට මෙම vvt-i තාක්ෂනය සමත් වී තියනවා ,

මෙමෙ video පොඩ්ඩක් බලන්න, එතකොට තේරෙයි ..!!

http://www.youtube.com/watch?v=Lb433kj6Cbk


මෙම තාක්ෂනය VVVTL-i , Dual VVT-i සහ valvematic යන අංශ ඔස්සේ දිවයනවා

සාමාන්‍ය එංජින් සහ vvt-i එංජින් අතර වෙනස මෙන්න ..
http://www.youtube.com/watch?v=9A6S1NUjg_A


මෙහිදී අප වෙත ලැබෙන වාසි අතර අවම ඉන්දන පරිබෝජනයකින් සහ අඩු ඉන්දන දහනයකින් වැඩි බලයක් ඉන්ජිම වෙත ලබාදීමට සමත් වීමයි , මිට අමතරව ඉක්මන් මෙන්ම සුමටකුරු දාවනයක් ලබාදීමට මෙම ක්‍රමය මගින් හැකිවී තිබෙනවා.

වර්තමානය වනවිට මෙම ක්‍රමය බහුලව බාවිතාවන මෝටර් රථ ලෙස Toyota Avanza, Toyota Innova, Toyota Yaris සහ Toyota Vios. යන මෝටර් රථ පෙන්වා ඩිය හැකිය ..!
 
Last edited: