Wagon R වාහන 32,000ක් නැවත කැදවයි (Safety recall)😮

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    Suzuki Motor Corporation Japan විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලියේ ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත කැඳවීමක් (Safety recall) නිවේදනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ Suzuki වාහන සඳහා එකම බලයලත් නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටී.

    මෙම ආරක්ෂිත නැවත කැඳවීම වාහනයේ ඉන්ධන පද්ධතිය තුළ ඇති ඉන්ධන අපිරිසිදු අවහිරතා නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවරකි. විශේෂයෙන් වැරදි ඉන්ධන කියවීම්, ප්‍රමාණවත් ඉන්ධන සමබන්ධයෙන් නිසි අනතුරු ඇඟවීම් නොමැතිකම හේතුවෙන් එන්ජිම ඇනහිටීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙම යළි කැඳවීම සිදුකෙරුනු ඇත. මෙලෙස බලපෑමට ලක් වූ මාදිලි අතර Suzuki WagonR Premium, Suzuki WagonR FX/FZ, Suzuki Spacia සහ Suzuki Stingray ඇතුළත් වන බව වැඩිදුරටත් සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන 32,500කට පමණ ආරක්‍ෂිත නැවත කැඳවීම බලපාන අතර, ඉන් වාහන 3,800ක් පමණ මේ වන විටත් ආපසු කැඳවීමට ලක්කර ඇත. බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන්ට පරිගණක හෝ ජංගම දුරකථනවලින් https://suzuki.lk/wagonrrecall/index.html වෙත ගොස් ඔවුන්ගේ චැසි අංකය ඇතුළත් කර ඔවුන්ගේ වාහනය ආපසු කැඳවීමේ කොටසක් දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. මෙම වෙබ් අඩවිය නැවත කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ හිමිකරුවන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් AMW සම්බන්ධතා මධ්‍යස්ථානය 0117 609609 ඔස්සේ අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    img-1-1698163363502.webp
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මේක වෙලා තියෙනවා. මම pickme එකක් ගත්ත කටුනායකින් පේරාදෙණියට. අන්තිමට පේරාදෙණියට ඇවිල්ල අපු ගෙදර ගේට්ටුවෙන් ඇතුලට පැල්ලමක් වගේ රිවස් කරද්දී කාර් එක හිටිය. වැගන් ආර් එක ස්ටාර්ට් වෙන්නෙම නෑ. නතර උනේ එන්ජිම මිස් කරලා. ඩ්‍රයිවර් කියනවා පෙට්‍රල් ගැහුවෙත් නෑලු හැබැයි තෙල් කොටු 2ක් පෙන්නනවා .අන්තිමට තල්ලුකරලා බැලුව එත් වැඩ නෑ. පස්සේ ගෙදර මල්ලි ෂෙඩ් එකට ගිහින් පෙට්‍රල් බෝතලයක් ගෙනත් දැම්ම මෙන්න ස්ටාර්ට් උන. ඇත්තටම පෙට්‍රල් නැතුව නතරවෙලා තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ටැංකියෙ පෙට්රල් තින ප්‍රමනෙට වඩා වැඩිපුර පෙන්වන ඒකනේ වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Meka ape ekektat wela tiyenawa.
    Yako unta Meka detect Kara ganna mechchara kal giyada
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    oka hena parana recall ekakne.. ai me aye mun up karagena dagalanne. recall eka awillath awurudu 2k ho 3k maye hithe
     
    • Like
    Reactions: NRTG