WAGON R Club APP use කරන අය එන්නෝ

WinCloudSl

Junior member
  • May 7, 2018
    37
    40
    18
    WAGON R Club APP use කරන අය එන්නෝ

    ඉතා වැදගත් දෙයක් බැවින් මෙය share කරන්න

    Wagon R Club Sri Lanka සාමාජිකයින් 12000 ක් පමණ සිටින facebook එකතුවක් වන අතර මා ද එහි සාමාජිකයෙකු වුවේ එහි පලවන වැදගත් දේවල් හේතුවෙනි. මෙම සාමාජිකයන් ලියාපදින්චිය සිදුවන්නේ Anroid සහ IOS APP එකක් මාර්ගයෙන් වන අතර මම Anroid APP එක මාර්ගයෙන් මෙහි ලියපදින්චි වී සිටියෙමි.

    පසුගිය දිනෙක මගෙ මිතුරෙකු හි පලකර තිබු පොස්ට් එකකට අනුව මෙම APP එකෙ Password Reset කිරිමට යාමෙදි එම Pasword එක Text Message එක ලෙස නැවත අපගෙ Email එකට ලබෙන බව දන ගතිමි. වැදගත් කරුණ වන්නේ මෙය ඉතාම භයානක Security issue එකක් විමයි. පෞද්ගලිකව මම ද මෙම APP එක සදහා බාවිතා කර තිබුනේ මම සෑම තැනකදීම යොදගන්නා Password එකයි.සැබවින්ම කිසිම මෘදුකාන්ග නිර්මනශිල්පියෙකුටතම පරිබොගිකයන්ගෙ Password එම ආකාරයෙන්ම Database එකක් තුල Save කරගත නොහක. ( එ සදහා නියමිත ක්‍රමවේදයන් පවතින අතර එමගින් Password කේත ක්‍රමයක් ලෙස Save කරගනු ලබයි. එහිදි අදාල APP එක හො මෘදුකාන්ගය නිශ්පාදනය කරන කිසියම් අයෙකුට වුවද තම පාරිබොගිකයන්ගේ Password කියවිමට නොහැක )

    නමුත් මෙම Wagon R APP එක තුල එහි පාරිබොගිකයන්ගේ Password කිසිම වගකිමක් නොමැති අයුරින් Save කරගෙන තබගෙන ඇති බව මගේ Password එක රෙසෙට් කිරීමෙන් තහවුරු කරගතිමි. එය ඉතා අවදනම් සහ නිතයනු කුල නොවන දෙයක් නිසාමම පොස්ට් එකක් මාර්ගයෙන් එය Adminta දැනුම් දුන් අතර එහිදි කලබලයට පත් වු අඩ්මින් මට Messenger හි ඔහුගෙ Phone Number එක එවන ලදි.

    මම මෙම Group එක තුලින් මාද යමක් ලබගෙන ඇති නිසත් ඔහුට මේ සම්බන්ද දනුමක් නොමති අයෙක් යැයි සිතුන නිසාත් දුරකතන ඇමතුමක් ගෙන ඔහුට මෙහි අති අවදානම් සහගත බව තේරුම් කර දුන්නෙමි. එහිදි ඔහු පවසුවෙ මෙම APP එක ඔහුගෙ campus එකෙ යහලුවෙක් සාදා දුන් බවත් ලක්ශ එක හමරක් එ සදහා ලබගත් බවත්ය. කෙසේ වෙතත් ඔහු මාගෙන් ඉල්ලුවේ මේ සම්බන්දව දැනුම ඇති අයෙක් සම්බන්ද කර දෙන මෙනි. කාර්යබහුල අවස්තාවක සිටි බවින් සහ එකවරම Andorid Developer කෙනෙක් මතකයට නොආ නිස මම ඔහුට පසුව යමෙක් සම්බන්ද කර දෙන්න බලන්නම් කියා සිටියෙමි. ඒ සමග මම ඔහුට කිව්වෙ ඔහුගෙ Developer අමතා මෙම වරද නිවරදි කර group එකේ සාමජිකයන්ට නැවත APP එකෙ රෙගිස්ටෙර් වෙන ලෙස ඉල්ලිමක් කරන ලෙසය.

    නමුත් අද දින මාගෙ මිතුරා ( පෙරදිනයෙදි මෙම වරද පිලිබදව share කර තිබු) පැවසුවෙ ඔහු Wagon Rර්‍ Group එකෙන් ඉවත් කර ඇති බවයි වහාම මාද එය බැලුවිට පෙනී ගියෙ මාවද Group එකෙන් ඉවත් කර ඇති බවයි. පුදුමයට කරුන නම් මෙම වරද පෙන්වා දුන් අප දෙදෙනාවම ඉවත් කලේ ඇයිද යන්නයි. මම එදා Adminta පැවසුවෙ මෙය ඉතා ඉක්මනින් නිවරදි කරගන්න ලෙසත් මම අනවශ්ය ලෙස Group eka තුල මෙය Publish නොකර ඉන්නම් කියාත්ය.

    ඉතින් ඔබත් Wagon R APP එක භවිත කර අයෙක් නම් සහ ඔබ ඔබගෙ එදිනෙදා භවිත කරන Password එකම මෙම APP එක සදහා යොදා ගත්තෙ නම් වහාම එම Password යොද ගත් Site සහ APP වල Password Reset කරගන්නා මෙන් ඉල්ලමි. මාද මෙ සදහා යොද තිබුනෙ මගෙ Online Banking සහ Personal Email Password එකමය. මෙය ඉතම අවදානම් Security issue එකක් නිස වහම මේ ගැන සැලකිලිමත් වන මෙන් ඉල්ලමි.
    මට නවත් Wagon R Group හි මෙය Share කිරිමට නොහැකි නිසා කරුනාකර මෙය Wagon R Group ර්‍ එක පාවිච්චි කරන අයට දනුම් දෙන මෙන් ඉල්ලමි.

    කණගාටුවට කරුන නම් මෙවන් දෙයක් හදුනගෙන එය පෙන්වා දි එය සාදා දිමට පවා help එකක් කිරිමටද කැමති වු අපව Group එකෙන් ඉවත් කිරිමයි. මෙම සිදුවීමෙන් යම් කිසිවෙකුට හානියක් අසාදාරනයක් වීමෙදි එය පෙන්වා දිමට සිතෙන ඉත්තෑවා විකුණා දැමීමට පවා සිතේ.
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    අනේ මට නං තේරුන්නෑ මෙලෝදෙයක් නිකන් කියෙව්වා විතරයි
    අපරාදෙ Data ටික මයිත්රීපාල අපිට Data කාඩ් අරන් දෙනවෑ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මූන් මාර ඇඩ්මින්ලනෙ.. මට එහෙම ඔහොම කරානම් wagon R එක බස් එකකට හරි ලොකු ලොරියකට හරි හප්පගෙන මැරෙනවා, මැරෙනවාමයි:lol::lol::lol:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මොන්ගල්නේ ඉතින් බැන්ක් පාස්වර්ඩ් ඔවුවට දෙන්නෙ..
    සිරා :yes: ෆේස්බුක්, ඊ මේල්, ෆෝරම් තව තව ඔන්ලය්න් අකවුන්ට් හැට හුටාමාරක් තියෙනවා ඒ සේරටම වෙන වෙනම යුනික් පාස්වර්ඩ් තියෙන්නෙ මගෙනම් :cool:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතින් උබට වෙන password එකක් දාගන්න තිබුණා
    ඕක සල්ලි වලට කරන එකක්‌ නෙමෙයි නම්
    Adminge වරදක් නැහැ.
    උඹ වගේ හැමෝම හැමදේම දන්නෙ නැහැනේ
    Car එකක් ගත්ත නම් එච්චරයි ඊට එහා
    කල්ලි ගහන්න වැඩක් නැහැනෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් උබට වෙන password එකක් දාගන්න තිබුණා
    ඕක සල්ලි වලට කරන එකක්‌ නෙමෙයි නම්
    Adminge වරදක් නැහැ.
    උඹ වගේ හැමෝම හැමදේම දන්නෙ නැහැනේ
    Car එකක් ගත්ත නම් එච්චරයි ඊට එහා
    කල්ලි ගහන්න වැඩක් නැහැනෙ

    පාස්වර්ඩ් එකක් හෑෂ් කරලා ඩේටා බේස් එකට දානවා කියන්නේ ඉතාම සරල වැඩක් වගේම ඩිවලොපර් කෙනෙක් මුලින්ම ඉගනගන්න දෙයක්.

    එකම වාහන තියන උන් කල්ලි ගැහෙන්නෙ ඒක හරහා හැමෝටම වාසි ලබාගන්න පුලුවන් නිසයි.
    1) වාහන වල එන ප්‍රශ්න සහ විසඳුම්
    2) අමතර කොටස් සම්බන්ධ ගැටලු
    3) කේවල් කිරීමේ හැකියාව.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    ඕක දැක්කම හිතෙන්නේ ත්‍රීවිල් club එකක් කියල.. ඔය group එකේ එකෙක් එක්ක කතා කරොත් කියන්නේ BMW වලට වඩා වැගන්r හොදයි කියල...
    ගොඩක් උන් ත්‍රීවිල් වගේ දවස ගානේ කෑලි එල්ලගෙන photo දානව.. :lol::lol::lol: තනිකර ත්‍රීවිල් සෙට් එකක් වගේ කතාව :lol::lol::lol:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමනම් ඔයවගේ forum sites apps වලට එක type එකක password එකක්, banking වලට තවත් එකක් use කරන්නේ
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    mata therena widiyata Admin othana business 1k karanne.

    group eke admin and crew eka promote karana Brands keepayak tiyenawa.
    Ee brands promote wenawata admin lata commission ekak denawa.
    Hari admin gaanak gattata kamak na.. eeka uge talent ekane.. :)


    othana prashne tiyenne.. recommend karana hemadema hondai da kiyana eka..


    ex: Chinese tire ekak hondai kiyanawa, dunlop, bridgestone daanna epa kiyanawa.
    12v battery eka gena ahuwoth japanese GS Yuasa epa kiyanawa, wena mokadda jaraawak daanna kiyanawa.

    deyak waradi kiyanna giyoth wenne group eken kick wena eka thamai. mata wagon R ekak naha. eth mama member kenek.

    group ekak, community ekak tiyena eka watinawa. car eka aluth, tech paththa advance. ee nisaama issues tikak wadi.. repair karanna danna ayat adui.. ee nisa group ekak tiyena eka godak hondai.
    eeth eken laaba proyojana aragena minissunwa amaruwe daana eka ketha wadak.

    kiyanna tiyenne mechcharai.. ganna ona de, igena ganna ona de group eken aran paththata wela indapalla.. okun ekka case daaganna giyama, weradi pennanna giyaama karanne kick karana eka :lol:
    (Wagon R club eke ayyala dan redi ussan enna epa. :lol:)
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ඕක දැක්කම හිතෙන්නේ ත්‍රීවිල් club එකක් කියල.. ඔය group එකේ එකෙක් එක්ක කතා කරොත් කියන්නේ BMW වලට වඩා වැගන්r හොදයි කියල...
    ගොඩක් උන් ත්‍රීවිල් වගේ දවස ගානේ කෑලි එල්ලගෙන photo දානව.. :lol::lol::lol: තනිකර ත්‍රීවිල් සෙට් එකක් වගේ කතාව :lol::lol::lol:


    මෙහෙමයි හැමෝම එක වගේ නෑනේ බන්. සමහර උන්ගේ ඕක තමයි පලවෙනි වාහනේ. අමුතුවෙන් කියන්න ඕනි නෑනේ පලවෙනි වාහනේ වුනාම කොහොමද කියල. ලන්කාවේ තියෙන බජට් එකත් එක්ක පට්ට ගේමක් දීලා වාහනයක් ගන්නවා කියන්නේ අනිවා ඉතින් සෑහෙන දෙයක්.
    එහෙම කියල ඔය 660cc වාහානේ ඇරන් ගිහින් අච්චර ස්පීඩ් ගියා මෙච්චර තෙල් කරා බ්ලා බ්ලා කියන එකනන් සිගිති ආතල්. සතුට තමයි ඒ වුනාට ඔහොම ගොන් ආතල් ගන්න ඕනි නෑනේ. මම දැක්ක මොන්ස්ටෙර් එනෙර්ග්ය් ස්ටිකරුත් ගහලා තියෙනවා. 660cc මොන මොන්ස්ටෙර් ද. ඒක ඉතින් ඒ මිනිස්සුන්ගේ හිතට තියෙන සතුට අපිට මොකුත් කියන්න බෑ ඉතින්. බොරු කියන්න ඕනි නෑනේ. අපෙත් දැන් තියෙන්නේ වැගන් ආර් එකක්. 2000cc වල ඉදන් 660cc වලට බැස්සාම අම්මෝ ඉතින් වචන නෑ කියන්න. වාහනේ ඉකොනමි ඉතින්. වාහනේ හොදයි ගොන් ආතල් ඇරන් ම වාහනේ චොර කරවලා තියෙන්න කට්ටිය. සමහර උන්ගේ කමෙන්ට් දැක්කම පැයක් හිනා වෙවි ඉන්න පුලුවන්
     

    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    ඉතින් උබට වෙන password එකක් දාගන්න තිබුණා
    ඕක සල්ලි වලට කරන එකක්‌ නෙමෙයි නම්
    Adminge වරදක් නැහැ.
    උඹ වගේ හැමෝම හැමදේම දන්නෙ නැහැනේ
    Car එකක් ගත්ත නම් එච්චරයි ඊට එහා
    කල්ලි ගහන්න වැඩක් නැහැනෙ

    Machan meka mama gaththe group ekakin mama dapu ekak newe post eka nam copy karala gaththe but math wagon r app eka use kara. ekai mama ahuwe mehema seen ekak thiyanawa kiyala danagana hitiyada kiyala.

    mama nam podi password ekak dala thibune eth me seen eka aul neda ban
     

    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    mata therena widiyata Admin othana business 1k karanne.

    group eke admin and crew eka promote karana Brands keepayak tiyenawa.
    Ee brands promote wenawata admin lata commission ekak denawa.
    Hari admin gaanak gattata kamak na.. eeka uge talent ekane.. :)


    othana prashne tiyenne.. recommend karana hemadema hondai da kiyana eka..


    ex: Chinese tire ekak hondai kiyanawa, dunlop, bridgestone daanna epa kiyanawa.
    12v battery eka gena ahuwoth japanese GS Yuasa epa kiyanawa, wena mokadda jaraawak daanna kiyanawa.

    deyak waradi kiyanna giyoth wenne group eken kick wena eka thamai. mata wagon R ekak naha. eth mama member kenek.

    group ekak, community ekak tiyena eka watinawa. car eka aluth, tech paththa advance. ee nisaama issues tikak wadi.. repair karanna danna ayat adui.. ee nisa group ekak tiyena eka godak hondai.
    eeth eken laaba proyojana aragena minissunwa amaruwe daana eka ketha wadak.

    kiyanna tiyenne mechcharai.. ganna ona de, igena ganna ona de group eken aran paththata wela indapalla.. okun ekka case daaganna giyama, weradi pennanna giyaama karanne kick karana eka :lol:
    (Wagon R club eke ayyala dan redi ussan enna epa. :lol:)

    Ow machan uba kiyana eka hari un karanne promotion ekak unge service agentsla garadge and oil. mama dawasak oil ekak gana ahuwahama post eka approve kare na. thanikarama business seen ekak yanne. ara mokadda unge garadge ekak thiyenne thalawathugoda mokak kivvath ethanata yanna kiyanne. Mac Force da mokadda manda. uba kiyanne munta comission enawa kiyala neda? ehema commision denna puluvanda ban
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මාත් ඕකෙ ඉන්නවා
    සමහර වෙලාවට කම්මැලි හිතුනම කමෙන්ට් බල බල ආතල් එකකුත් ගන්නවා
    සමහර වෙලාවට පට්ටම ආතල් යන්නෙ , එකෙක් මොකක් හරි ගොන් පෝස්ට් එකක් දානවා රෑල පිටින්ම ඒකට කමෙන්ට් කරනවා අරකද මේකද කියලා පට්ටම ආතල්
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Ow machan uba kiyana eka hari un karanne promotion ekak unge service agentsla garadge and oil. mama dawasak oil ekak gana ahuwahama post eka approve kare na. thanikarama business seen ekak yanne. ara mokadda unge garadge ekak thiyenne thalawathugoda mokak kivvath ethanata yanna kiyanne. Mac Force da mokadda manda. uba kiyanne munta comission enawa kiyala neda? ehema commision denna puluvanda ban

    Moko bn bari.. wahane sticker ekakuth gahala thiyenawa... ena aya dannawa kauda ewanne kiyala.. hema auruddema meetups tiyenawa.. ena ayata kanna bonna free.. sponsors la innawa.

    MacForce garage eka issara godak hondai. mama mage wahana one tharam aran gihin thiyenawa ethanata. gaana godak saadaranai. samahara ewa nikamuth hadala deela thiyenawa mata .. ee dawas wala oka thibbe austasia club eka kittuwa.. wadiya famous na. passe wagon R aawama eegollo wagon R specialist la kiyala specialized una ee side ekata.. dan nam gaana tikak serai. wahana wadi nisa tikak careless seen ekak tiyenawa..
    Buffer eka me langadi paint kara mage yaaluwek..gonai buuruwai wage.. paint eka match karala na hariyata.. complaint karaata passe free paint karala dunna kiyala kiwwa aapahu :lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මමත් ඔය ගෲප් එකේ හිටියා සහ ඔය ගෲප් එකේ ඇඩ්මින්ගෙ ඉදන් ඔක්කොම හොදට අදුරනවා.
    නමුත් මගේ මගේ වාහනේ ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක රෙකම්න්ඩ් කරපු තැනක දාලා මට එපා වුනා
    හරියටම මාසයක් ගියා වාහනේ ගන්න.
    මටත් හිතුනෙ මේකෙ එක කාලෙකදි මේක ගන්න කියලා රෙකමන්ඩ් කරලා, ආයෙත් කාලයක් ගියහම ඒක හොද නෑ මේක හොදයි කියලා රෙකමන්ඩ් කරන එක
    මොනවා උනත් හොද කොල්ලො සෙට් එකක් ඉන්න ගෲප් එකක්


    පී එස්
    හොද වෙලාවට කලින්ම අයින් උනේ. මොකද මමත් දාන්නෙ එකම පාස්වර්ඩ් සෙට් එක
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මමනම් පුරුද්දක් විදිහට එක එක දේවල් වලට එක එක පාස්වර්ඩ් දාන්නේ.
    විශේෂයෙන් ලොකු කම්පැනි (ගූගල්, මය්‍රිකොසොෆ්ට් වගේ ඒවා) වලින් නොකරන වෙබ් සයිට්, ඇප්ස් වලට වෙනම පාස්වර්ඩ් තියාගනින්.
    මොකද ගොඩක් ඕහේ අටෝගත්ත ඇප්ස් වල ඔය වගේ අඩුපාඩු ගොඩක් තියනවා
     

    Similar threads