මේ සිද්ධිය සිද්ධ උනේ 2002දි.2002 මැයි මාසෙ එක වැහිබර අඳුරු දවසක.තැන තමයි ඕන් මහනුවර "වේල්ස් පාර්ක්" එක.
අම්මෝ........මේ වාගෙ මාට්‍ටුවිල්ලක්නම් හතුරෙකුටවත් වෙන්න එපා කියල තමයි ප්‍රාර්ථනා කොරන්නෙ.
අන්තිමට ඉතින් ලව් එක විදියට ඉතුරු උනේ සුමුදුනෙ.පෙරලුන පිට හොදයි කියල දැන් බොක්කෙම සුමුදුට ලව් කරගෙන ඉන්නවා.ඔය A/L කරණ කාලෙ කෑල්ලක් සෙට් උනොත් එහෙම අධ්‍යාපනේට දෙයියන්ගෙම පිහිට තමා.ඇයි ඉතින් class යෑමක් වෙන්නෙ නෑනෙ.එදත් ඕන් දෙන්නම class නොයා උදේම ඉන්ටසිටියක ඇද්දා නුවරට.ඒ දවස්වල කුරුණෑගල නුවර දෙන්නටම යන්න එන්න එකසිය විස්සයි.දැන්නම් එක්කෙනෙකුට ඒ ගානද කොහෙද.දළදා වීදිය දිගේ ගිහින් වැවේ මාලු එහෙම බලල, ඔන්න ගොඩ උනා පාක් එකට.දැන් දෙන්නගෙම පොත් එහෙම පැත්තකින් තියල පෙම් පිළිසදරෙ ඉන්නකොට ආව කවුදෝ බුවෙකුයි,බුවියො දෙන්නෙකුයි.ඉල්ලුව නේද අයිඩින්ටි......
අයිඩින්ටි දෙන්නත් කලින්ම පොත්ගොඩ දැකල බුවා කිව්වනෙ බුවියකුට "ආ මේ දෙන්නව ගන්න"කියල.අප්පට සිරි බඩුම තමා මේන් එලියට එනකොට තියනව police කියල ගහපු නිල් පාට ටොයෝට ජිප් එක.දැන් ඉතින් කතා කර ගන්න වචන පිට වෙන්නෙත් නැති තරම්.අපිත් එක්කල තව කෆල් පහයි.ජීප්පුවෙ ඉස්සරහ ඉන්නව සුදුපාට පටියක් එහෙම දා ගත්තු සාජන් මහත්තයෙකුත්.කොහොමද ආතල් එක.
දැන් ඕන් ඔක්කොම කස්ටිය ටික මේකට පටෝගෙන අති සාර්ථක ගමනක යනව නුවර පොලීසිය බලා.ජිප් එක ඇතුලෙ එකම මල ගෙයයි.කෙල්ලො අඬනව නෙමෙයි,විලාප තියනව.ඒ උනාට රාළහාමිලට නෙමෙයි ඒකෙ වගක්වත්.ඔන්න ඉතින් විනාඩි විස්සකින් විතර ගියා පොලෝසියට.එසේ මෙසේ තැනක්යැ.මධ්‍යම පලාතෙ ලොකුම තැනනෙ.
ගියා විතරයි පොලිස් අන්කල්ල ,ඇන්ටිල ජීප්පුව වටේට.
"ආ...අදත් ආවද?..
ඒ කියන්නෙ මීට කලිනුත් සෙට් එකක් ගෙනල්ල තියනව.ඔහොමම යන්නකො OIC මහත්තයගෙ කාමරේට.දැන් කට්ටියම යනව පොතුත් අරගෙන ඕ.අයි.සී මහත්තය හම්බ වෙන්න.බඩුම තමා පොර නෑ.එන්නෙ 12 ටලු.එතකන් ඉන්න කිව්වා.මේ අතරෙ එකෙක් කියපි ,එතකන් ඉන්න බෑ ගෙදරින් හොයනව කියල.මේක අහගෙන හිටපු SI කෙනෙක් "හොයන්න දෙයක් නෑ..දැන් ඉතින් ලැහැස්ති වෙනවල තම තමන්ගෙ නැදම්මල,මාමල හම්බ වෙන්න "කියල.මේක ඇහුව විතරයි ඔක්කොම එවුන් ටික විලාප තියන්න ගත්තා.මට දැන් මැවිල පේනව අපේ තාත්ත එනවා.ෂුවර් මාව ගෙදර එක්කගෙන යන්නෙ නෑ.යන්න වෙන තැනකුත් නෑ..මෙතනින් පැනල යන්නත් බෑ...එහෙන් සුමුදුලගෙ තාත්තට අද ඉස්කෝලෙ.ඇයි කණිශ්ඨෙ ප්‍රින්සිපල්නෙ.දැන්නම් ලොවෙත් නෑ.......
ඔන්න ටිකකින් ලොක්කට CALL එකක් දීලද කොහෙද මල පැනල ආවා."ෂිහ්...වැඩක් කර ගන්න දෙන්නෙත් නෑ.,කෝ කවුද කට්ටිය.මෙහාට එන්න කියන්න.කෝ කොහෙද තමුන්ලගෙ ස්කෝල."දැන් බයේ ගැහි,ගැහි ඉන්නවා සෙට් එකම.ඒ අහන ගමන් අපේ එකතු කොර ගත්තු අයිඩින්ටිවල විස්තර කොලේක සටහන් කරණවා.
බයෙන් ,බයෙන් කෙල්ලො, "මහාමායා....,කොන්වන්ට්.....,පුෂ්පදාන.....
ආ....පුෂ්පදානෙ කෙල්ලෙක් මම ඊයෙත් අල්ලන් ආව උඩවත්ත කැලේ ඉදල.."
අප්පේ...කතාව කිසිම ගැලවිල්ලක් නෑ වාගෙ.
පී .සී....මේ ගොල්ලන්ගෙ ලඟම තියන පොලිස් ස්ථාන වලට දැනුම් දෙන්න එක එක්කෙනාගෙ ගෙවල්වලට මැසේජ් එක දෙන්න කියල.
අප්පට සිරි, ඒ පාර නම් ඇඳුමෙ අර වැඩේ උන් නැති ටික විතරයි.එතකොටම එතන හිටපු ෂෝක් පොලිස් අක්කියෙක් ඇහැක් ගහල ලොකු අනතුරක් නැති බව ඇඟෙව්වා.අප්පේ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.ඕන් ට්ක වෙලාවකට පස්සෙ ලොකු මහත්තය ටිකක් සන්සුන් වෙලා එහෙම,පුතේ,දුවේ කියල කතා කරල, තාත්ත කෙනෙක් වාගෙ අවවාද කරල,සෙට් එකටම ආයෙ ජීප්පුවට නගින්න කියල අතෑරියෙ නැද්ද ගෙනිහින් නුවර ටවුම මැද්දෙන්ම.වෙලාවට නුවර අඳුරන අය නැති හින්ද ඉක්මනට දෙන්නම ගිහින් නැග්ග බස් එකකට.කුරුණෑගලට එනකන්ම එක්කෙනෙකුටවත් කතාකර ගන්න වචන ගලපගන්න බැරි උනා එදානම්.
ගාලු කොටුවත් මේ ලඟදි තහනම් කොලේ බාල වයස්කාර පෙම්වතුන්ට විතරයි මගෙ හිතේ.එදත් ඉතින් අද කාලෙ වාගෙ තමා.........හි,හි..