Wali wali

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    මේකා පොහොට්ටුට කතිරෙ ගහපු බයියෙක්ද කොහෙද. මූ හොස්පිටල් එකේ ස්ටාෆ් එකට බනිනවා විතරයි. රාජපක්කයින්ට එක වචනයක් කීවද? හොස්පිටල් ස්ටාෆ් එකට ඉන්නේ මේ ලෙඩා විතරක් නෙමෙයිනේ. දොස්තරලගෙයි නර්ස්ලගෙයි වැරදි නැතුවා නොවෙයි. දොසතරලටත් ආණ්ඩු සලකනවා වැඩියි. මම නං කියන්නේ උන්ට වාහන පර්මිට් දෙන්න ඕනෙත් නෑ. වාහන පර්මිට් දෙන්න ඕනේ පොදු ප්‍රවාහන සේවා කරන වාහන ගෙන්වන්නයි. කෘෂී කාර්මික වාහන හා උපකරණ ගෙන්නවන්නයි විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ හොද යාළුවෙක් කොරෝන හොට්ස්පොට් ටවුන් එකක ඉන්නේ. මං අද උදේ පොරත් එක්ක කතා කරා, තත්වේ කොහොමද බලන්න. මගේ යාළුවා කියන විදියට ඒ පැත්තේ ඉස්පිරිතාලේ (ලංකාවේ ප්‍රසිද්ධ / පහසුකම් තියෙන ඉස්පිරිතාලයක්) services ඔක්කොම වගේ broken down. මොකද කොරෝන පේෂන්ට්ලගේ influx එක දරා ගන්න බැරි තරමට වැඩි වෙලාලු. මගේ යාළුවා ගෙදරින් එළියට බහින්නෙ වත් නැතිලු. තව විස්තර කිව්වා ඒත් ඒවා verify කරන්න බැරි නිසාත් "යාළු ෆිට් එක" නිසා කියපු දේවල් නිසාත් ඒ දේවල් මං මෙතන දාන්නේ නෑ.
    මේ වෙලාවේ රෝහල් ස්ටාෆ් එකට බැනලා වැඩක් නෑ මොකද ඒ මිනිස්සුත් හිර වෙලා ඉන්නේ මේ වෙලාවේ. ලංකාවේ එක රෝගයකට විතරක් especially ප්‍රතිකාර කරන ඉස්පිරිතාලේක දැන් ටික දවසක උඩදි වෙනම බිල්ඩින් එකක, ඒ රෝහලේ ස්ටාෆ් එකට විතරක් ට්‍රීට් කරන්න කෝවිඩ් wing එකක් හැදුවා මොකද ඒ ඉස්පිරිතාලේ ස්ටාෆ් එකට එක පාරටම කොරෝනා හැදෙන්න ගත්ත නිසා. මං දන්න ඩොක්ට අයියා කෙනෙක්ටයි අක්ක කෙනෙක්ටයි දැන් අනිවා නයිට් ඩියුටි එකක් කරන්න වෙලා තියෙනවා කොවිඩ් wing එකක. ඒක අනිවාර්‍ය සේවයක්.
    මේ විදියට කොරෝනා වැඩි වෙන්න මිනිස්සුන්ගෙ නොසැලකිල්ලයි තීරණ ගන්න අයගේ නොහැකියාවයි තමයි ලොකුවට බලපෑවේ.