walikada හිරගෙදර_වධකයෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    walikada හිරගෙදර_වධකයෝ

    මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා රිමාන්ඩ් සිරගෙදරට ගිය අධ්‍යාපන නිලධාරියාට සිරකරුවන් වද දුන් හැටි...





    001.jpg




    පසුගියදා රටෙන් බාගයකටත් වඩා වැඩි ජනතාවකගේ අවධානය යොමු වූ සිද්ධියක් සිදුවිය. මෙම සිද්ධියට චරිත තුනක් පසුබිම් විය.. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ අධ්‍යාපන නිලධාරියෙකි. අනෙක් චරිතය තරුණ මවක් රඟපෑ අතර ඉතිරි චරිතය වූයේ කුඩා දරුවෙකි.

    මවගේ අරමුණ වී තිබුණේ තමන්ගේ දරුවා පළාතේ පිහිටි පාසලකට ඇතුළත් කරගැනීමයි. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ලියකියවිලි සූදානම් කළ දරුවාගේ මව ඒවා පාසලට භාර දුන්නේ නිසැකව දරුවා පාසලට ඇතුළත් කර ගත හැකි යැයි යන විශ්වාසයෙනි.

    අධ්‍යාපන නිලධාරියෙකුගේ උකුසු ඇස මෙම මව වෙත යොමු වූයේ ඒ අතරේදීය. රූමත්, තරුණ මව කීපවතාවක් පාසල තුළදී දුටු ඔහුට ඇයත් සමග හෝටලයක තනිවන්නට මහා ආශාවක් ඇතිවිය. එබැවින් දරුවා පාසලට දමා දෙන නූල අල්ලාගෙන මොහු රූමත් මවට සමීප විය.

    පුතාව පාසලට දමා ගන්න පුළුවනි. හැබැයි ඉතින් අපිටත් සලකන්න වේවි මව තුළ වූයේ දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ අරමුණයි. ඒ වගේම අධ්‍යාපන නිලධාරියාගේ අරමුණ වී ඇත්තේ කුමක්දැයි තේරුම් නොයන්නට තරම් ඇය ගොන් නෑම්බියක් වූයේ නැත. අධ්‍යාපන නිලධාරියාගේ බලා‍පොරොත්තුව සුන් නොකළ ඇය දෙපැත්තට වැනෙන උත්තරයක් දී පාසලෙන් එළියට බැස්සාය. අනතුරුව ඇය පැමිණියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටයි. එහි උසස් නිලධාරීන් මුණගැසුණ මව තමන්ගේ දරුවා පාසලට ගැනීම සඳහා අසවලා තමන්ට හෝටලයකට යාමට ආරාධනා කළ බවට පළමු පැමිණිල්ල ඉදිරිපත් කළාය.

    අල්ලස් නිලධාරීහු මවට වැඩිදුර උපදෙස් ලබා දුන්හ. ඒ අනුව ක්‍රියාත්මක වූ මව තවත් දවසක අධ්‍යාපන නිලධාරියා හමුවී ඔහුගේ බලා‍පොරොත්තු ඉෂ්ඨ කර දෙන්නට හැකි යැයි ඉඟි කළාය.
    රූමත් කාන්තාව සමග හෝටලයක දවසක් තනිවෙන අයුරු සිහින දකිමින් අධ්‍යාපන නිලධාරියා කිට්ටු නගරයක අවන්හලක කාමරයක්ද තමන්ගේ නමින් වෙන් කරවා ගත්තේය.
    නියමිත දිනයේ නියමිත වෙලාවේදී කතා කරගත් පරිදි තරුණ මව අධ්‍යාපන නිලධාරියාව මුණගැසුණි. දෙදෙනාම නවාතැන්‍පොළ බලා ගියහ. එහෙත් අල්ලස් විමර්ශන නිලධාරීන් තමන් වෙත 'ලිංගික අල්ලස්' දැල එලා තිබෙන බවක් මෙම නිලධාරියා දැන නොසිටියේය.
    ඔවුන් කාමරය තුළ තනිවී සිටියදී අල්ලස් විමර්ශන නිලධාරීහු දොර තල්ලු කරගෙන කාමරයට කඩාපිනූහ.

    අධ්‍යාපන බලධාරියාට කට උත්තර නැතිවිය. දරුවකු පාසලට ඇතුළත් කර දීම සඳහා දරුවාගේ මවගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කිරීමේ වරද යටතේ අධ්‍යාපන බලධාරියා අත්අඩංගුවට පත් විය.

    සිද්ධිය වූ දින දහවල් වන විට මෙම සිද්ධිය දිවයිනේ සියලුම විද්‍යුත් නාලිකාවලින් රට හමුවේ අනාවරණය කළ අතර පසුදින පුවත්පත් වලද අකුරක් නෑර කතාව පළ වූයේ රට පුරා ජනතාවගේ අවධානය එකවර පැහැර ගන්නා ආකාරයෙනි.
    මෙවැනි සිද්ධියක් පුවත්පත්වල සහ විද්‍යුත් ජනමාධ්‍යවල පළවී ප්‍රසිද්ධියක් ලැබිමත් සමග සූදානම් වන තවත් කණ්ඩායමක් වෙයි. ඔවුන් නම් රිමාන්ඩ් සිරකරුවන්ය. සිද්ධිය රිමාන්ඩ් බන්ධනාගාරවලට වාර්තා වීමත් සමග දහස් ගණන් රිමාන්ඩ් සිරකරුවෝ තව මොහොතකින් බන්ධනාගාරයට එන අමුත්තා
    පිළිගන්නට සූදානම් වෙති. එය මල්මාලා දමා, බෙර වයා, අතට අත දී සිදුකරන පිළිගැනීමක් නම් නොවේ. උසාවි දමා තවත් සැකකකරුවකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාර වෙත රැගෙන එන රටේ ඕනෑම කෙරුම්කාරයෙක් පිළිගනු ලබන්නේ ඔහු විසින් සිදුකර තිබෙන 'අපරාධයේ' තරම අනුවය. ඒ වගේම එවැනි අපරාධවලට පූර්ව ප්‍රචාරයක් ලැබිම පිළිගැනීම තවත් දියුණු කිරීමට හේතුවකි.

    අධ්‍යාපන නිලධාරියා රිමාන්ඩ් සිරකරුවකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ දිනයේ ඔහුට ලබා දුන් ප්‍රථම පිළිගැනීම වූයේ ලොකු මිරිස් ගුලියක් ඔහුගේ ලිඟුවේ ඇතිල්ලීමයි. එය සාහසික ක්‍රියාවකි. නමුත් සිරගෙවල්වල රිමාන්ඩ් බන්ධනාගාරවල සිදුවන තවත් සිද්ධීන් විමසා බලන විට අධ්‍යාපන බලධාරියාට ලබා දී ඇත්තේ සුළු පිළිගැනීමක් බව රිමාන්ඩ් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
    රිමාන්ඩ් සිරකරුවන්ට මහා පිළිකුලක් දනවන අපරාධයක් තිබේ. එය නම් ස්ත්‍රී දූෂණයයි. ස්ත්‍රීන්, ළමුන් දූෂණය කොට සාහසික ලෙස ඝාතනය කළ අපරාධකරුවන් උසාවි මගින් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ විට සිරකරුවන් ලබාදෙන දඬුවම් පිළිබඳ පිටත සමාජය දැනුවත් නම් එවැනි අපරාධ බොහෝ දුරට පාලනය වීමට ඉඩ තිබේ.
    හෝකන්දර ප්‍රදේශයේ එකම පවු‍ලේ හය දෙනකු ඝාතනය කළ සිද්ධිය ජනතාවට තවමත් අමතක නැත. එම සය මිනිස් ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත්
    පරීක්ෂණයක් පවත්වන්නට සිද්ධිය වූ ස්ථානයට ගිය මහේස්ත්‍රාත්වරිය එක් තරුණියක් දූෂණය කර මරා දමා තිබූ ම්‍ලේච්ඡ සාහසික ආකාරය දුටු විගස ක්ලාන්ත වී ඇද වැටුන බව එකල පැතිරී ගිය තවත් පුවතක් විය.

    මෙම සිද්ධියට ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය. අතුරුගිරිය ‍පොලීසිය සැකකරුවන් අල්ලා රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අවස්ථාවේ රිමාන්ඩ් සිරකරුවෝ මෙම සාහසිකයන්ට වටකර පහර දුන්හ. එම පහර දීම මොන තරම් බරපතළ වීද යත් සැකකරුවන් කීප දෙනෙකුගේ අත්පා කැඩී කටු එළියට පැන තිබුණි.
    රත්නපුරය ප්‍රදේශයේ කුලියට ඇඳුම් මහන්නෙකු සිදුකළ ඝාතනයක් කියැවූ රිමාන්ඩ් සිරකරුවෝ ඔහු එනතුරු ඇඟිලි ගනිමින් බලා සිටියහ. මෙම 'ටේලර්වරයා' විවාහකයෙකි. ඔහුගේ තරුණ බිරිඳ දරු ප්‍රසූතියට පවා සූදානමින් සිටියාය. ඒ අතරවාරයේ මොහු වෙනත් රූමත් තරුණියක් සමග පෙම් පටලැවිල්ලක් ඇතිකර ගත්තේය. ඇගෙන් විසුමක් නැති විය. බිරිඳ දික්කසාද කර පැමිණ තමන් විවාහ කරගන්නා ලෙස කියමින් තරුණිය සිය පෙම්වතාට ඇවිටිලි කළාය. අවසානයේදී තීරණය වූයේ ගැබ්බර බිරිඳ මරා දැමීමයි.

    ඒ වෙසක් සමයයි. මෙම ටේලර්වරයා තමන්ගේ මිතුරන් කීප දෙනෙකුට ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන්නේය. බිරිඳ සමග වෙසක් බලන්නට යන බවත් අසවල් පාළු පාරේදී බිරිඳ මරා දමන ලෙසත් ටේලර්වරයා මිතුරන්ට පවසා තිබේ. මරාදමන්නට පෙර අවශ්‍ය නම් සිය ගැබිණි බිරිඳ දූෂණය කළාටද කම් නැතැයි මොහු මිතුරන්ට පවසා තිබුණි.
    නියමිත දින රාත්‍රියේ බිරිඳ කැටුව පාළු මාර්ගයේ පැමිණෙමින් සිටියදී එක්වරම කඩාපිනූ සාහසිකයන් රැළ ඇය කැළයට ඇදගොස් ඇගේ කට ගැටගසා එකිනෙකා ඇය දූෂණය කර තිබේ. එහෙත් ගැබිණි කාන්තාව මරා දමන්නට මිතුරන් පැකිලී තිබේ. එම අවස්ථාවේදී සාහසික සැමියා පිහියකින් බිරියගේ උදරයට ඇන ඇය ඝාතනය කර තිබෙන බව ‍පොලිස් වාර්තා උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේය.

    මෙය දුටු රිමාන්ඩ් සිරකරුවන් අපරාධකරුවා පැමිණෙනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. අත්අඩංගුවට ගත් ටේලර්වරයා උසාවි දමා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

    සිරකරුවන්ගේ මැදිරියක කුඩා මේසයක් තිබිණ. ඒ අසලම කොන්ක්‍රීට් කණුවකි. ටේලර්වරයා කොන්ක්‍රීට් කණුව අසල සිටගෙන සිටී. සිය ගණනක් වූ රිමාන්ඩ් සිරකරුවන් කියන දේ කරනවා මිස ඔහුට ඊට විරුද්ධවීමට බැරිය.
    මොහොතකට පසු ටේලර්වරයාගේ රහස් අවයව මේසයේ තිබූ ලාච්චුවට ඇතුළු කළේය. “දැන් කතාව කියපං” ටේලර් සැකකරුවා කතාව කියන්නට පටන් ගත්තේය. අපරාධය සිදුකරන්නට මූලික වූ පළමු කාරණාවේ සිට කතාන්දරයක් පරිදි මෙම කතාව කියන්නට සිරකරුවන්ට සිදුවේ. එසේ කතාව කියාගෙන යන විට හැඟීම් උද්දීපනය වන ප්‍රශ්න සිරකරුවන් විසින් අසනු ලැබේ. ඒ මෙම සිරකරුවන් විශාල පීඩනයක් යටතේ පසුවන බැවින්ය.

    සැකකරු සිය බිරිඳ ඝාතනය කරන ස්ථානය දක්වා කතාව කියාගෙන එද්දී අකුණක් පුපුරන්නාක් මෙන් ‘දඩාස්’ හඩින් ලාච්චුවට පා පහරක් එල්ලවිණ. සිය අවයව ලාච්චු පියන් අතරේ

    ක්ෂණිකව සිරවීමෙන් ලද කම්පනයට ටේලර් සැකකරු ‘බුදු අම්මෝ’යැයි කෑගසමින් හිස වේගයෙන් ගැස්සුවේය. ඒ ගැස්සිල්‍ලේ වේගයට ඔහුගේ හිස එතැනම තිබූ කොන්ක්‍රීට් කණුවේ වේගයෙන් ගැටුණි. දත් කීපයක් කැඩී බිම වැටිණ. නාස් ‍පොල්ල බිඳී නළල පුරා දරුණු පැලීමක් සිදුවිය.

    මවක් සහ දියණියක් දූෂණය කළ එක්තරා හමුදා භටයින් කීපදෙනෙකුට නියම වූ දඬුවම නම් වැසිකිළි ලෙව කෑමයි. (මෙම සිදුවීම් සටහන් කිරීම ඉතා අසීරුය. නමුත් සිරගෙදර දඬුවම් පිළිබඳ ජනතාව දැනුවත් විය යුතු යැයි යන හැඟීමෙන් මෙම සටහන තබමි.) වැසිකිළි ලෙවකන්නට නොහැකි බවට හමුදා භටයින් පැවසූ අවස්ථාවේ එය ඉටුකරනතුරු ටෙලිෆෝන් වයර්වලින් සිරකරුවන් නොනවත්වා පහරදෙන්නට පටන් ගත්හ. අවසානයේදී රිමාන්ඩ් සිරකරුවන්ගේ නියෝගය පිළිපදින්නට භටයින්ට සිදුවිය.

    රජයේ සේවකයින් රිමාන්ඩ් සිරකරුවන් වූ අවස්ථාවේදී ඔවුන් වෙනම කූඩු කර තැබිම සිරිතයි. පෙර කී ආකාරයේ අපරාධ සිදුකොට රිමාන්ඩ් වූ රජයේ සේවකයින් වෙනම කූඩුවලට වහාම ගාල් කිරීම සෙසු සිරකරුවන් කෝප ගන්වන ක්‍රියාවකි. බොහෝ විට එසේ සිදුකරනු ලබන්නේ සැකකාර රජයේ සේවකයා සතුව තිබෙන සිවිල් බලතල අනුවය.
    එහෙත් මොනතරම් කූඩුකර සිටියත් රිමාන්ඩ් සිරකරුවන්ගෙන් බේරී සිටින්නට බැරිය. අවස්ථාව උදාවනතුරු මෙම සිරකරුවෝ ප්ලාස්ටික් බාල්දිවලට අසූචි එකතු කරති. කූඩුවේ දමා සිටින රජයේ සේවක සිරකරුවා එළියට ගත් අවස්ථාවකදී දහස් ගණන් සිරකරුවන් අතරේ එම ආරංචිය කටින් කට පැතිරී යන්නේ විදුලි තරංගයක් මෙනි. එක්වරම අසූචි බාල්දියකින් රජයේ සේවක සිරකරුවාගේ සිරුර වැසී යයි. ඉතිරි අසූචි බාල්දිවලින්ද ඔහුට පහර වදී ඉන්පසු එම සිරකරුවා තමන් සිටි සිර කූඩුවට පවා එහි සිටින අනෙක් රජයේ සේවක සිරකරුවන් විසින් වැද්ද නොගන්නා තත්ත්වයක් උදාවන අතර ඔහුට නිදාගන්නට සිදුවන්නේ වැසිකිළි පාමුලය. නොබෝදා මෙම ‘සැලකිල්ලට’ ‍පොලිස් අධිකාරිවරයකුටද ලක්වන්නට සිදුවිය.
    රිමාන්ඩ් සිරකරුවන් තමන්ගේ දෑසට දකින්නට අකැමැති ප්‍රධාන චරිතය නම් ‍පොලිස් යුනිෆෝමයයි. වරක් ‍පොලිස් අධිකාරිවරයෙකු සිර ගෙදරට පැමිණියේ එහි මත් කුඩු තිබේදැයි පරීක්ෂා කර බලන්නටය.

    “යන්න එපා සර් තනියම. අපිත් එන්නම්.” බන්ධනාගාර නිලධාරීහු කීහ.

    “කොටි එක්ක හැප්පුන මට මුන් මහ කජ්ජක් නමෛයි අයිසේ.” එසේ පවසා ‍පොලිස් අධිකාරිවරයා ප්‍රධාන දොරෙන් සිරගෙයට ඇතුළු විය. මිනිත්තු දහයක් පමණ ගතවන විට ‍පොලිස් අධිකාරිවරයා විලාප තබාගෙන දිව එන අයුරු සහ ඔහු පිටුපස සියයක් පමණ සිරකරුවන් පන්නා ගෙන එන ආකාරය දකින්නට ලැබුණි.

    තවත් වරෙක ‍පොලීසියේ පන්සියයක් පමණ සිරගෙදරට ඇතුළු වූයේ රිමාන්ඩ් සිරකරුවන් පරීක්ෂා කරන්නටය. එහෙත් අවසානයේදී ‍පොලිස් නිලධාරීන්ට සිදුවූයේ ‍පොලිස් ඇඳුම් සිරගේ තුළ ගලවා දමා ජම්පර් හැඳගෙන පිටතට එන්නටය.
    එම අවස්ථාවේදී ‍පොලීසියේ සෑහෙන දෙනකුට ලිංගික අතවර සිදුවී තිබූ අතර ඉන් බේරෙන්නට ඉහළ මාලයකින් බිමට පැන්න නිලධාරීන් කීප දෙනෙකුගේ දෙපා බිඳී ගියේය.




    අනුර හොරේෂස්
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පාටි කාරයො ගහගත්තා වගෙ නෙවෙයි අහිංසක මිනිස්සුන්ගෙ රස්සා නැති වෙන්නෙ. ඔය හැම පහරදිමක්ම දුර ගියොත් ඒවට රෑ එළි වෙනකන් කල්පනා කර කර දුක් විඳින මිනිස්සු ඉන්නවා බං.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නීතියක් නැති රටක එහෙම දේකින් හරි ඕකුන්ට පාඩමක් උගන්නනවානම් හොදා..:yes:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    නීතියක් නැති රටක එහෙම දේකින් හරි ඕකුන්ට පාඩමක් උගන්නනවානම් හොදා..:yes:

    පොලිස් කාරයො සම්බනධව නම් කතාව ඇත්ත. :yes: උන් පණ්ඩිතයි මචන්. එකපාරක් තුවක්කු අරන් පිස්සුවක් කෙළියෙ කියන දේ අහන්නෙ නැතුව අය්යලා වෙන්න ගිය නිසයි. ඒකෙදිත් අන්තිමේදි..
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මේ කථාවල් නම් ඇත්ත දූෂණ කේස් වලට රිමාන්ඩ් වෙන උන්ට ඇතුලේ උන් දෙනවලු බැස්ටිය අයේ ගෑනු දිහා බලන්ත් බය හිතෙන්න. දූෂණ කේස් වලට එන උන් එක්ක ඇතුලේ උන් පට්ට තරහක් තියෙන්නේ.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    athule inna unuth athule inne ganunta eka eka ewa karala mini marala :) un aluthen ena unta daduwam denne un niwaradi wage :) heeee

    monawa wunath neethiyak nathi rate mehema hari wena eka hodai :) oya podi podi hal massonta wada thoru morunta owa wenawanam hodai :D

    bt thora moru owata danne na ne un inne wenama athal eke :D ekai duka :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හිර ගෙවල් වල ස්ත්‍රී ළමා දූෂණ කරලා එන උන්ට දෙන ටොපිය නම් වැඩක් නෑ කියලා...හැබැයි ටික දවසයි..ඊට පස්සේ ඌ නිදැල්ලේ ඉන්නවා ඇතුලේ..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ කථාවල් නම් ඇත්ත දූෂණ කේස් වලට රිමාන්ඩ් වෙන උන්ට ඇතුලේ උන් දෙනවලු බැස්ටිය අයේ ගෑනු දිහා බලන්ත් බය හිතෙන්න. දූෂණ කේස් වලට එන උන් එක්ක ඇතුලේ උන් පට්ට තරහක් තියෙන්නේ.
    :yes::yes: