Wallet / Purse එකේ මොනවද දාන්නෙ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,768
    1
    15,509
    113
    කොහොමද හද්ස්සියට ත්‍රිවිල් එකකට හරි බස් එකකට හරි සල්ලි මදි වෙලා ඔය 500 ගන්න කලිසම පාත් කරද්දි බස් එකේ එකා හරි ත්‍රීවිල් එකේ එකා හරි හිතුවම අඩේ මූට සල්ලි නැතුව කලිසම පාත් කරලා පුප දෙන්න හදනවා කියලා.
    ජීවිතේට ජොකෙක් අ‍ැඳල, condom දාල කෑල්ලක් ගහල නැද්ද බං? පොකට් එක තියෙන්නෙ side එකේ. එ‍්ක ගන්න මොනවත් ගලවන්න ඕන නෑ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    ජීවිතේට ජොකෙක් අ‍ැඳල, condom දාල කෑල්ලක් ගහල නැද්ද බං? පොකට් එක තියෙන්නෙ side එකේ. එ‍්ක ගන්න මොනවත් ගලවන්න ඕන නෑ.
    කෑලි නං හැම විදියට ගහල තියනවා
    ඒ උනාට ජොකාට පොකට් ඕන වෙලා නැහැ මේ වෙනකල්. මං හිතුවෙ කලිසම ගලවලා තමයි පොකට් එක ඇක්සස් කරන්නෙ කියලා
    :P:P:P
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    වොලට් එක P.G. Martin තමයි ඉතින් :love:

    ඩෙබිට් කාඩ් දෙකයි
    ලයිසන් එක
    NIC එක
    සිම් පන්නන පින් එක
    කෑෂ් 10,000 ට අඩු ගානක්
    ** කාසි නම් වොලට් එකට දාන්නේ නෑ.. මම අදින හැම කලිසමකම අර හිම්බිච්චන් සාක්කුව තියෙනවා, අර ඩෙනිම් වල දකුණු පැත්තේ සාක්කුවට උඩින් තියෙන එක. පුරුද්දක් විදිහට කාසි හම්බුනොත් දාන්නේ ඒකට.
    කාසි දැම්මොත් වොලට් එක ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ..

    Screenshot 2025-10-13 212825.png
     
    • Like
    Reactions: fe-lix

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත
    මම නම් පාවිච්චි කරන්නෙ Daraz එකෙන් රු. 970 කට ගෙන්න ගත්ත PU Rexin wallet එකක් බං. මාසෙකට වගේ සැරයක් පොල් තෙල් ටිකක් ගාල මසාජ් කරනවා, එතකොට කාලයක් තියෙනවා හම යන්නෙ එහෙම නැතිව.

    අන්තර්ගතය ගත්තොත් එ‍්කෙ ප්‍රධාන වශයෙන් Debit card දෙකක් තියෙනවා. සල්ලි කොළයි, ID එකයි තියෙනවා. මට credit card නෑනෙ. හිතාමතාම කාසි තියා ගන් නැහැ වාත නිසා. කඩේකින් එහෙම දුන්නත් එපා කියනවා, නැත්තම් ටොෆියක් හරි මොකක් හරි ගන්නවා. බැරිම වුණොත් සාක්කුවට දා ගන්නවා.

    Extras විදිහට Passport size photo දෙකයි, Reload කාඩ් කීපයකුයි, හැට්ට කටු කැරැල්ලකුයි, sticking plaster කීපයකුයි, නමපු පොඩි පොලිතින් බෑග් කීපයකුයි, නමපු A4 දෙකකුයි, Type C-A 20cm data cable එකයි, dettol සබන් පොත්තකුයි, රබර් බෑන්ඩ්, Toothpick, cotton bud කීපයකුයි, moods dotted දෙකකුයි තියෙනවා. ඔය ටික ඉතින් ගෙනියන්න පහසු, මොකක් හරි හදිස්සියක් වුණාම වැදගත් වෙන දේවල්නෙ. මම නිතර ගොඩක් දුර අ‍ැවිදින නිසා ඕවා අවශ්‍ය වෙන්න ඉඩක් තියෙනවා. ගොඩක් දේවල් කියල හිතුවට ඔය ටිකට යන්නෙ හරිම පොඩි ඉඩක්. ගොඩක් උන්ට card ගොඩකුයි, කාසියි පුරවගන්න යන ඉඩ ඔය ටිකට හොඳටම අ‍ැති.

    (හැට්ට කටු - අ‍ැඳුමක් ඉරුණොත් හෝ සෙරෙප්පු කැඩුණොත්, Reload card - network නැති වුණොත්, plaster - තුවාලයක් වුණොත්, C-A cable එක ඕන තැනකට ගහල phone දෙක charge කරගන්න, පොලිතින් බෑග් - කුඩයක් නැතිව වැස්සකට අහු වුණොත්, වතුරකට වැටුණොත් වගේ phone/earbuds/wallet එක එහෙම දා ගන්න, A4 ටික මොනවා හරි ලියන්න වගේ (පෑනක් සාක්කුවෙ තියෙනවා) , සබන් පොත්ත - අවශ්‍ය වුණොත් අතපය මූණ පුක පක හෝද ගන්න, Cotton bud, rubber band, tooth pick - ප්‍රයෝජන ගණනාවක් තියෙනවා, Condom - ෂුවර් නැති එකක් සෙට් වුණොත් වගේ.)

    බෑග් එක ගෙනියන් නැතත් ඕන තැනක යද්දි සාමාන්‍ය හදිසි අවශ්‍යතා ටික සපුර ගන්න ඔය ටික අ‍ැති. අ‍ා, තව bank එකේ cardless cash on කරල තියෙනවා හදිස්සියක් වෙලා මොනවත් නැති වුණත් අංක ගහල සල්ලි අරගන්න පුළුවන් වෙන්න. ජොකාගෙ පොකට් එකෙයි, phone back cover එකෙයි 500 කොළ දෙකක් තියෙනවා ATM එකක් ගාවට යා ගන්න.

    ඔය ටික තමයි. 😎

    අ‍ා මේ තියෙන්නෙ භාණ්ඩෙ. Cash on delivery Rs. 30 ත් එක්ක ගාණ ඔය. දැන් අවුරුද්දකට කිට්ටුයි අරන්.

    IMG-20251013-111012.jpg
    යකෝ කලු කුහරයක් ද ඕක . හාවෝ නැද්ද