හෙලෝ කිරියනි 
නිකන් ඉන්න හින්දා පොඩි ආතල් ඇප් එකක් ගැන කියන්න හිතුනා. කිරියෙ Rubik's cube ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති මං හිතන විදියට. ගොඩක් අයට ජීවිතේ එක පාරක් හරි මේකක් අත පත ගාන්න හරි හම්බවෙලා ඇති. තත්පර ගානෙන් cube එක හදන speed cube වැඩ්ඩොත් මේකෙ ඇති. ඒ වගේම මාස ගානක් එහෙට මෙහෙට කරකවලත් ආසාවට ලඟ තියෙන cube එක හදාගන්න බැරි උනුත් ඇති. ඇත්තටම standard 3x3 cube එකක් හදන්න නම් algorithm කීපයක්ම තියෙනවා. එයින් එකක් follow කරලා cube එක හදන එක එච්චර ලොකු වැඩක් නෙමේ. එහෙම algo එකක් අල්ලගෙන ඒක ටිකක් හුරු පුරුදු උනාම ඕනෙ කෙනෙක්ට 3x3 cube එක හදන එක මහලොකු ගේමක් නෑ. ඒත් algorithm වැඩේ අමාරුයි කියලා හිතෙනවා නම් ඔන්න ඒකට පොඩි ආතල් ඇප් එකක් තියෙනවා.
මේ ඇප් එකේ නම ASolver. Android, iOS දෙකටම තියෙනවා. Install කරලා open කරගත්තම ඉස්සෙල්ලම එන්නෙ නානාප්‍රකාර cube ගනනාවක් අතරින් තමන්ට විසඳන්න ඕනෙ cube එක තෝරන්න. මං ගාව තියෙන්නෙ 3x3 cube එකක් විතරයි. ඒ හින්දා මං කරලා බැලුවෙ ඒක විතරයි.
cube එක තේරුවට පස්සෙ ඒකෙ පැති හයේම හරව හරව හරියට කැමරාවට පෙන්නන්න ඕනෙ ඔය grid එකත් එක්ක පොඩි කෑලි නවය සමපාත වෙන විදියට. ඒ ඒ පැති වල colors mix වෙලා තියෙන විදිය එතකොට auto detect වෙනවා. ඇප් එකෙන් හරියට color එක detect කරන්නෙ නැතිනම් manually තෝරලා දෙන්නත් පුලුවන්.
පැති හයේම color detect කලාට පස්සෙ cube එක හදන හැටි පොඩි animation එකක් විදියට පෙන්නනවා. ඒකෙ විදියට හදාගෙන යන්න තියෙන්නෙ. නැත්නම් steps ටික වෙන වෙනම බලාගෙන හදන්නත් පුලුවන්.
තව මේකෙ තියෙනවා එක එක ලස්සන patterns හදන හැටිත්. cube එක කොහොම හරි තනියෙන් හදාගත්තත් මේ patterns හදන වැඩේ හැමෝටම බැරි හින්දා ඒ feature එක නම් පට්ට
ඉතින් ඔයාටත් cube එකක් හදාගන්න අමාරු නම් පොඩි try එකක් දීලා බලන්න. රුබික්ස් වැඩ්ඩොත් ටිකක් කොරවෙන 4x4, 5x5 කියුබ් එහෙමත් ඔයා ගාව තියෙනවා නම් හදලා බලලා අපිටත් කියන්න.
එහෙනම්, Peace

Last edited: