WANTED..!!

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    1(37).gif

    2014.03.gif

    ත්‍රස්තවාදී විමර්ශන අංශයේ පරීක්ෂණ සඳහා අවශ්‍ය බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) හා ඔහුගේ සගයා බව කියන නවනීදන් නවරත්නම් හෙවත් අප්පන් ගැන නිවැරදි තොරතුරක් දෙන කෙනකුට රුපියල් ලක්ෂ 10 බැගින් තෑගි පිරිනමන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
    මේ දෙදෙනා අවශ්‍ය වී ඇත්තේ පසුගිය 13 වැනි දා කිලිනොච්චියේ ධර්මපුරම්හි පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේ මූසලපිට්ටියේ දී රත්න කුමාර නම් පොලිසි නිලධාරියට වෙඩි තබා පලා යෑම සම්බන්ධයෙනි.
    ප්‍රභාකරන්ගෙන් පසු යාපනයේ කොටි සංවිධානය යළි පණ ගැන්වීමට තැත් කර බවයි ගෝබි බර වාහන රියැදුරකි.
    කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් පසු යළි කොටි සංවිධානයට පණදීම බාර කර ඇතැයි කියන පොන්නයියා සෙල්වනායගම් කජීබන් හෙවත් ගෝබි (31) 2009 යුද්ධ අවසානයේදී රජයේ හමුදාවට බාරවී පූන්තෝට්ටම් කඳවුරෙන් පැන කටාර් රැකියාවකට ගොස් යුරෝපයේ ද සංචාරය කර දෙමළ කොටි ඩයස් පෝරාවේ නායකයා බව කියන පෙරම්පනායගම් සිවබරන් හෙත් නිදීයාවන් නොර්වේ රාජ්‍යයේදී හමුවී උපදෙස් ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි. කොටි සංවිධානයේ ඔත්තු අංශයේ නායකයා වූ ෂම්මුලිංගම් ශිවශංකර් හෙවත් පෙට්ටුඅම්මාන් යටතේ පුහුණුව ලබූ කජීබන් පසුගිය මාර්ත් 13 වැනි දා මූසලම්පොක්කනෙයි ජයකුමාර් බාලේන්ද්‍රන් (50) වැන්දඹු කතගේ නිවසේ දී ඇඳ යට සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීම මඟහැරුණේ නූලෙනි.
    ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල් ගේ බඩට හා පාදයට වෙඩි තබා ඔහු නිවසින් පැන ගිය බව පොලිසිය කියයි. උදරයට හා කකුලකට වෙඩි වැදුණු පොලිස් කොස්තාපල් රෝහල් ගත කැරිණි. ගෝබ් එම ගෙදර සිටින බවට ත්‍රස්ත විමර්ශන අංශයට තොරතුරු ලැබී තිබිණි. එහෙත් එවැන්නකු ගෙදර නැතැයි කී බාලේන්ද්‍රන් කිලිනොච්චිය වැඩ බලන මහේස්ත්‍රාත් එස්. සිවබාලසුබ්‍රමුනියම් මහතාගේ නියෝගක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 18ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරයි.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ගෝබි කියන එකාලු දැන් LTTE එකේ නායකයා. මුගෙ මූන දැක්කම හොම්බට ඇනගෙන ඇනගෙන යන්න හිතෙනවා :angry: මුන් එකෙක්වත් තියන්න හොද නෑ. මුලදිම මුල් පිටින්ම උදුරලා දාන්න ඔන ලොකු වෙන්න කලින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල්

    :rofl: යකෝ මුන් කසිප්පු හොයන්න යන්නෙත් වෙපන් එක්ක..... මේකට ගිහින් නිරායුධව..... :lol: කාට කියන්නද මේවා....... :dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල්

    :rofl: යකෝ මුන් කසිප්පු හොයන්න යන්නෙත් වෙපන් එක්ක..... මේකට ගිහින් නිරායුධව..... :lol: කාට කියන්නද මේවා....... :dull:

    ඒක ගැන නම් කතා කරල වැඩක් නෑ. මේ වගේ සීරියස් කේස් එකකට ගිහින් තියෙන්නේ එක කොස්තාපල් කෙනෙක් වෙපන් කිසිම දෙයක් නැතුව බලු කුක්කෙක් අල්ලන්න යන විදියට. මේවා ගැන කාට කියන්නද? ආර්ම් එකට හරි එස්.ටී.එෆ් එකට හරි දැනුම් දුන්නා නම් දැන් බඩු බනිස්. කොස්තාපල් උන්නැහේ තනියම වැඩේ කරන්න ගිහින් ගම කාගෙන :baffled:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඒක ගැන නම් කතා කරල වැඩක් නෑ. මේ වගේ සීරියස් කේස් එකකට ගිහින් තියෙන්නේ එක කොස්තාපල් කෙනෙක් වෙපන් කිසිම දෙයක් නැතුව බලු කුක්කෙක් අල්ලන්න යන විදියට. මේවා ගැන කාට කියන්නද? ආර්ම් එකට හරි එස්.ටී.එෆ් එකට හරි දැනුම් දුන්නා නම් දැන් බඩු බනිස්. කොස්තාපල් උන්නැහේ තනියම වැඩේ කරන්න ගිහින් ගම කාගෙන :baffled:
    :lol::lol::(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල්

    :rofl: යකෝ මුන් කසිප්පු හොයන්න යන්නෙත් වෙපන් එක්ක..... මේකට ගිහින් නිරායුධව..... :lol: කාට කියන්නද මේවා....... :dull:

    maha gon huththala thama... pot eka balan missile ekak yawanna one ltte unge nm :angry::growl: