දශක තුනක් රටත් ජාතියත් පෙළූ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට දහස් සංඛ්‍යාත වූ රණවිරුවෝ දිවි පිදූහ. එසේ දිවිදුන් රණවිරුවන්ගේ අවසන් සුසුමින් ජීවය ලැබූ ආරක්ෂක බළ සේනා ත්‍රස්තවාදය පරාජය කර දහස් සංඛ්‍යාත මෑණිවරුන්ගේ නෙතඟ නැඟෙන්නට තිබූ කඳුලට විරාමය තැබූහ. සිය මවගේ නෙතඟ කඳුළක් නංවා දහස් සංඛ්‍යාත මවුවරුන්ගේ නෙතඟ කඳුළැල් පිස දැමූ වීරෝදාර රණවිරුවකුගේ මව ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස සිට මේ පතන්නේ නැවතත් මේ බිමෙහි යුද ගිනි නොනැගේවා කියා නොවේ ද?
Dinamina
Last edited:
may all of them attend nibbana
thanx
