Warakapola

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වරකාපොළ නගරය 23 දා තෙක් වසා දමයි

    කොරෝනා වෛරසය ආසාධිත බවට වරකාපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හමුවීමත් සමග ලබන 23 වනදා තෙක් නගරයේ අත්‍යාවශ්‍ය සේවා හැර සියලුම කඩසාප්පු වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
    ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත, පොලිසියේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පවුර සංවිධානයේ මැදිහත්වීම මත කඩහිමියන් ස්වේච්චාවෙන්ම මෙම තීරණයට පැමිණ ඇත.
    මෙහිදී අත්‍යවශ්‍ය සේවා සපයන ඔසුසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, සමුපකාරය සහ සතොස ආයතන විවෘතව තැබීමට තීරණය කළ බවත් අනෙකුත් සියලුම කඩසාප්පු වසා දමන බවත් පවුර සංවිධානයේ චන්දන හේරත් මහතා පැවසී ය.
    කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති මන්ත්‍රීවරයා පසුගිය දිනවල ප්‍රියසම්භාෂණ, දේශපාලන රැස්වීම් ආදී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ක්‍රියාකාරීව සිට ඇත. එබැවින් ලබන 23 වනදා වනවිට ප්‍රදේශයේ තත්වය සළකා බලා සතුටුදායක තත්වයක් පවතී නම් එදින සිට යළි නරයේ වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවත් චන්දන හේරත් මහතා පැවසී ය.
    අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිදු මොහොතක නගරයට පැමිණීමෙන් වලකින ලෙසත් නිකරුනේ මහජනතාව අතර නොගැවසී තම තමන්ගේ නිවෙස්වලට ම වී සිටින ලෙසත් මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසී ය.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    90333826-2597712787151587-4696855804022620160-o.png
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63

    http://www.lankadeepa.lk/latest_news/ඇල්ලේ-53-දෙනෙක්-ස්වයං-නිරෝධායනයට/1-568114

    ඇල්ල නගරයේ ප්‍රධාන සංචාරක හෝටල් හතරකට අයත් 53 දෙනෙකු අද (18) සිට දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය.

    ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නැවතී සිටි දේශීය සංචාරක මග පෙන්වන්නෙකුට සහ ඇල්ල නගරයේම සංචාරක හෝටයක නතර වී සිටි විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා එම සංචාරක හෝටල්වල සේවකයින් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

    මෙම ස්වයං නිරෝධායනයට ලක්කළ පිරිසට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම තිදෙනා ඇසුරු කළ තවත් පිරිසක් මෙම ප්‍රදේශයේ ඇති බවත් එම පිරිසද සොයා ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.
     
    :shocked::sorry:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,068
    7,061
    113
    Back Bay-Beacon Hill, Boston
    :angry::angry::angry:බිග් මැච් එකක් නවත්තගන්න බැරි පොන්නයෙක් ජනාධිපති වුනහම ඔහොම දේවල් තමයි වෙන්නේ.