ඒකත් සිරාවටම වැරදි නෑ. රක්ෂණය නිසා වාසි ලබපු අයත් ඉන්නවා. නමුත් මුළු ජීවිත රක්ෂණ සංකල්පයම මිනිස්සුන්ගෙ කොන්ද පණ නැති බව නිසා හැදුණ කියලයි මට හිතෙන්නේ. මිනිස්සු අනාගතයට බයයි. තමන්ගෙ වටේ දැනට පැල් බැඳගෙන කට්ටිය හිටියත් වයසට ගිය දවසක, නැත්නම් මොකක් හරි අංජබජල්ම ලෙඩක් හැදුනම ඒ දේවල් සේරම වෙනස් වෙනව. ඒ කාලෙදි හොඳට ඉන්න දැන්ම මොනව හරි කොරගන්න ඕන කියන මතය බොක්කටම වද්දල තමයි දැන් රක්ෂණය තියෙන්නේ... ඇත්තටම වැරදිත් නෑ. කවුද අකමැති මැරෙනකල්ම ආතල් සමග ඉන්න...Boman said:නැත්නම් වෙන කවුද මගෙ ගෙදරටම ඇවිල්ලා මාව අර වගේ අනාගත විපත් වලින් මුදවන්නෙ? හොදයි කියමු බලන්නතමන්ගෙ වැඩක් බලන් අනුන්ට හෙන ගැහුවත් ගානත් නැති ලෝකේ අර උත්තමයන් කරන්නෙ සුලුපටු සේවයක්ද මන් අහන්නෙ? සුලු මුදලක් ගන්නව තමයි ඒත ඒවත් කවදා හරි අපිට ආපිට ලැබෙනවනේ.
![]()

