Warning triangle එකක් භාවිතා කරන්නේ අනතුරකදී, හදිසි අවස්තාවකදී හෝ කාර්මික දෝෂයකදී වාහනය පාර අයිනට කල නොහැකි අවස්තාවකදී ඒ බව ඉදිරියට පැමිණෙන රියදුරන්ට දැනුම් දීම සදහායි. මාර්ගයේ ස්වභාවය අනුව අනතුර වූ ස්ථානයේ සිට අවම 50m ක් හෝ අවස්තාවට ගැලපෙන සුදුසු දුරකින් හොදින් පෙනෙන පරිදි මෙය ස්ථානගත කල යුතුයි. එවිට කල්තියා රියදුරන්ට වේගය අඩුකොට ඒ සදහා සුදානම් විය හැක. මෙය රතු පැහැතියි. මේක ආලෝකය පරාවර්තනය කරන නිසා රෑට ලයිට් එලිය වැදුන ගමන් පට ගාල පේනවා..
බොහෝ රටවල වාහනයේ warning triangle එකක් රැගෙන යෑම අනිවාර්යයි. ඒ එහෙ. මෙහෙ warning triangle වැඩිපුරම දක්නට ලැබෙන්නේ bus වල අලංකරණ අයිතමයක් ලෙස එල්ලන් යන එකයි.
බොහෝවිට නිෂ්පාදකයා වාහනය විකුණන විට මෙය වාහනයට ඇතුලත් කරනවා. වාහනය භාවිතා කර නැවත විකුණන විට මෙය නව අයිතිකරුට ලැබිය යුතුයි.නමුත් අපේ රටේ වාහනය සමග එන owner's manual එක, warning triangle, scissor jack, lever arm, lug wrench, cross wheel brace, tool kit, spare wheel නව අයිතිකරුට ලැබෙන්නේ නැහැ. Spare wheel එකත් අයින් කරලා ඒ වෙනුවට කැළණි ටයර් එකකුත් දාල තමයි දෙන්නේ. බොහෝවිට emergency flares (පැරා), warning triangle, owner's manual වගේ ඒවා sale වලින් අලුතෙන්ම මිලදී ගන්නා විටත් ලැබෙන්නේ නැහැ. මෙහෙ අය්යලා නැවෙන් බාපු ගමන් ඔය ඔක්කොම ගැලව ගන්නවා. ඊට පස්සේ වෙනම කඩේ අපිටම විකුණනවා. අලුතින් wiper blades මිලදී ගන්නා විට ඒ සමග නොමිලේ එන washer liquid බෝතල් පවා මෙහෙ විකුනන්නේ වෙනම.
ඒ වගේම service, වාහන හෝදන්න ගියාම වැඩේ ඉවර උනාම මේවා තියෙනවද කියල පොඩ්ඩක් බලන්න. නැත්නම් ආයේ කඩෙන් සල්ලි දීලා ගන්නේ වාහනේ තිබ්බ එකම වෙන්න පුලුවන්.
කෙසේ උනත් කමක් නැහැ. ඔබේ වාහනයේ මේකක් නැත්නම් දැන්ම මිලදී අරන් තියාගන්න. මොකද කවදාහෝ කොහේදී හෝ උවමනා වීමට ඉඩ තිබෙනවා.