Water Proofing concrete slab

sanjeewa81

Active member
  • Jan 8, 2007
    436
    105
    43
    මචන් මම හදන තට්ටු දෙකේ ගෙදර ස්ලැබ් එක දැම්මා. නමුත් උඩ තට්ටුවේ වැඩ නම් දැන්ම පටන් ගන්න බැහැ. මොකද මේ ටිකත් කරගත්තේ හරි අමාරුවෙන් බාසලගේ ගණන් වගේම මැටිරියල් හෙන ගණන්. ගෙයක් හදන එකත් එපා වෙනවා දැන් නම්. නමුත් මම මේ ටික කර ගන්න හොදම අමුද්‍රව්‍ය යකඩ කම්බි පාවිච්චි කළා. ගේ යට තට්ටුව බැන්දේ 9'' පුච්චපු ගඩොල් බැමි වලින්. කොන්ක්‍රීට් ස්ලැබ් එක 5" ගනකමට දැම්මා. ගේ සාලය හරියේ ස්ලැබ් එක අගල් 7 කට ආසන්න ගනකමකට වැටුනා. මොකද යටින් පහත් කළා සාලය උඩ බාත් රුම් එක අගල් 2ක් පහත් කරගන්න ඕන නිසා.

    මචන් මම යට තට්ටුව කම්ප්ලිට් කරගෙන පදිංචි වෙන්න හදන්නේ. මොකද දැනටත් ඉන්න ගෙට ලොකු රෙන්ට් එකක් ගෙවන නිසා. උඩ තට්ටුව නම් දැන්ම හදාගන්න අමාරුයි. ගොඩක් අය කියනවා උඩ හදල වහලේ ගහන්න කල් යනවා නම් ස්ලැබ් එක water proof කරන්න කියලා. මොනවද බැරලාස්ටික් කියල එකක් ගාන්න ඕනලු. ඒකට මචන් ලක්ෂ 2ක් විතර යනවලු. වර්ග අඩි1500ක් තියෙනවා ස්ලැබ් එක. දන්නා එකෙක් කියනවද මචන් water proof කරන්න ඇත්තටම එච්චර යනවද ? මම කොහොමත් ඊලග අවු 5ක් ඇතුලත උඩ වැඩ කරනවා. මෙහෙම water proof කරන වියදම අපරාදයක් වෙයිද මචන්? මොකද මගේ උඩ තට්ටුවේ තියෙන්නේ roof top එකක්. කොහොමත් මට ඒක water proof කරන්න වෙන නිසා දැන් තියෙන ස්ලැබ් එක water proof කලොත් එතරම් වියදමකින් ඒක අපරාදයක් කියලයි මට හිතෙන්නේ. උඩ තට්ටුව හදනකම් ස්ලැබ් එක බේරගන්න වෙන ක්‍රම තියේද මචන්ලා ? දන්නා එකෙක් මට පොඩි උපදෙසක් දියල්ලා බොහොම පින්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට ඇතුළට වතුර එන්නේ නැත්තං කළබල වෙන්න එපා. අව්රුදු 5 නේ. උඩට ගිහින් තියන කණු වල කම්බි ටික මලකඩ කන්නේ නැති වෙන්න බලාගන්න. ඒවට එකක් anti corrosive paint වත් ගාලා තියන්න.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔව්. මටත් පෙන්නේ ඒක අපරාධයක් කියලා. මොකද ලක්ෂ 2ක්. පොඩි ගාණක් නෙවෙයි. roof top එකක් දානවානම් අනිවර්යයෙන්ම water proof කරන්න ඕන. ඒත් roof top එක ගහනකම් slab එකෙන් වතුර leak වෙන එක නවත්තන්නත් එපැ. ඕකට slab එක වැහෙන්න තාවකාලිකව (ගලවන්න පුළුවන්) වහලයක් වාගේ දාගන්න බැරිද? මන් කිව්වෙ ලොකු වියදම් දරලා හදන ඒවා නෙවෙයි. ඔය ටකරන් වගේ තියනවා නේද ලේසියෙන් ගලවලා ගන්න පුළුවන් ඒවා.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    ඇස්බෑස්ටොස් උඩින් අතුරලා හිල් වලට සිමෙන්ති ටිකක් දාන්න වෑඩේ ගොඩ.