We are brain washed part 3

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
NDE,OOBE hallucination (මනෝභ්‍රන්ති) thathwayak kiyanne,samaharak snayu wayidiyawaru witharayi,e aya ehema kiyanne,e aya kala prathipala anuwa,eyala ehema kiyanakota thawath aya ewa prathikshepa karanawa,eka nisa thawamath oka hari pilithurak na,ada e aya karana prathipalen labena utthare neme heta thawa kattiyak karala labenne,anna ekayi attha,ekath mathaka thiyaganna :)madiyasthawa hithanna purudu wenna one.

ඔවු ..!
මේ ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ. දන්න පොතක් පතක් තියෙනවනම් share කරපං මචං ..
 
EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මචං පාර්ට් 3 දාන්න කලියෙන් පාර්ට් 2 අහපු පස්න වලට උත්තර දුන්නා නම් හොදයි නෙද?

ඔයා මඩ කවලම් කරලා පස්න අහන එක විතරක් නම් බලාපොරොත්තුව?
එක නිශ්පල වැඩක්.
මොකද එකෙන් ඔයාගෙ ආගමට හොද අදහන එකට මිනිස්සු කැමැති වෙන්නෙ නැ!
මොකක් හරි දෙයක් ගැන සැකයක් තියෙ නම් කොන්දක් ඇතුව පස්න අහන්න පුලුවන්

මඩ කවලම් කරලා පස්න ඇහුවා කියලා මචං බුද්ධාගමටවත් අපිටවත් කිසිම පාඩුවක් නැ ඔයාටමයි පාඩුව?

එහෙනම් පාර්ට් 1 වල 2 තියෙන පස්න වලට උත්තර දීලා යම් කිසි තත්වයක් හදාගමු මුලින්
නැතිනම් එලකිරි එකෙන් උබව කොන් වෙලා යනවා

ඔවු ..! ඒක හරි :yes:

වැදගත් විදිහට කරන තර්කානුකූල ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න උඹ බැඳිලා ඉන්නවා

නැත්නම් කොහොමද බුද්ධිමය සංවාදයක් ඇතිවෙන්නේ.
මම කලින් post එකේ reply කරන්න එපා කියල අදහස් කලේ මොඩයෝන්ට

අනික්වට reply කරපං මචං ..!

උඹ යමක් දන්න මිනිහෙක්,

දැනුම share කරගමු.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාවෙන්න....
    ඔබතුමාත් ඉන්නේ බ්‍රේන් වොෂ් වෙලා නෙවෙයි ද?

    අපි මේ ලෝකේ පරම සත්‍ය අත්විදලා නෑ.....ඒ නිසා විවිධ ප්‍රවාද වල ඉන්නවා.....ඒක තේරුම් ගන්න....
    තමුන් ඉන්නෙත්, මේ ලියන මා ඉන්නෙත් ඒ වගේ ප්‍රවාදයක.....

    අපිට බුද්ධියට ගෝචර වල අයුරින් මේ ලෝකයේ පැවැත්ම ගැන යම් සබුද්ධික යමක් කියා ඇත්තේ සිද්ධාර්ථ ගෞතමයන් සහ ජෛන මහාවීරයන් පමණයි. නමුත් ජෛන මහාවීර ගේ දර්ශනයේ විද්‍යාත්මකභාවය ප්‍රශ්නාර්ථයි. ඒ නිසා අර කියන අපි ඉන්නා ප්‍රවාදයෙන් යම් තාක් දුරට හෝ එළියට එන්න නම් එතුමන්ලා දේශනා කල දේ හරහා යම් තල්ලුවක් ගන්න වෙනවා....
    ඔබ ඒක බ්‍රේන් වොෂ්වීමක් ලෙස දකිනවා නම්.......මා සිතන්නේ නෑ ඔබ සමග තව දුරටත් මා සංලාපයේ යෙදිය යුතු යයි කියා......
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara

    අන්න සහෝ නියම උත්තරේ,ඔය විදියට පිලිතුරක් ගලපාගන මෙකේ දාන්න තරම් මට දැනුමක් තිබ්බෙ නැ.:yes::)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔවු ..!
    මේ ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ. දන්න පොතක් පතක් තියෙනවනම් share කරපං මචං ..

    hondayi saho :) oya gana liyawecchi journals wage ewa godak thiyanawa,mama hoyala dannam :) me gana hithala thread ekak dannath hithenawa dan nam :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මට මේක කියවනකොට පුන්චි ප්‍රශ්නයක් ආවා ඔබ කියන විදිහට කර්මයක් නැත්තන් කෙනෙක් උපදිනකොට අංග විකල වෙන්නේත්, එහෙමනැත්තන් උප්පත්තියෙන් පස්සේ අනතුරු වලට භාජනය වෙලා අතපය අහිමි වෙන්නේත් කුමන හේතුවක් නිසාද පෙර බවයක කර්මයක් අපි ගෙනත් නැත්තන් හැමෝම එකම විදිහකට උපදින්න ඕනනේද? අච්චුවේ දාලා හැදුවා වගේ එක වගේ වෙන්න ඔන. හැමෝගෙම ආයුශ සමාන වෙන්න ඕන මොකද කර්මය කියලා එකක් නෑනේ.. ඔයා කියනවනම් වාසනාව අවාසනාව නිසා එහෙම වෙන්නේ කියලා වාසනාව අවාසනාව පදනම් වෙන්නේ මොකක් මතද?:rolleyes:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    නැකැත් රාල;17183797 said:

    කළු ගලකට dynamite දාල පුපුරවද්දී සමාන කෑලි වලට කැඩෙන්නේ නැත්තේ ඇයි ..?
    කුණාටුවකදී සමහර ගස් බිමට වැටුනත් සමහර ගස් බිමට නොවැටෙන්නේ ඇයි ..?
     
    මගේ ප්‍රශ්නෙට උත්තරය ඔතන නෑනේ. මනුස්සයෙක් අනතුරකට භාජනය වීමත් ඕකත් අතර සම්භන්ධයක් නෑනේ? පැහදිලි කරන්න තව..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    කළු ගලකට dynamite දාල පුපුරවද්දී සමාන කෑලි වලට කැඩෙන්නේ නැත්තේ ඇයි ..?
    කුණාටුවකදී සමහර ගස් බිමට වැටුනත් සමහර ගස් බිමට නොවැටෙන්නේ ඇයි ..?

    materialist lage point of view eka thama meka :yes: meka niyama utthare epatthe baluhama,eth meka hariyanne na api wage minissunta utthara denakota,mokada api materialist nowana nisa :D
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    නැකැත් රාල;17183844 said:
    මගේ ප්‍රශ්නෙට උත්තරය ඔතන නෑනේ. මනුස්සයෙක් අනතුරකට භාජනය වීමත් ඕකත් අතර සම්භන්ධයක් නෑනේ? පැහදිලි කරන්න තව..

    මේ සියලු දේ අහඹු සිදුවීම් මචං ..!

    ඔය කර්මය කියන එක ගැන හිතද්දී මට එන ප්‍රශ්නයක් තමයි මානසික රෝගයකින් පෙලෙන මනුස්සයෙක් මිනීමැරුමක් කලොත් එයාට පවු සිද්ධ වෙනවද කියන එක.

    මම හිතන්නේ නෑ කියල ...! මොකද පව සම්පූර්ණ වෙන්න ඕනේ සියලුම සාධක එතන තිබුනත් [ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු බව දැනගැනීම ,... ආදී ]
    සාධාරණ ලෝකයක් ඇතුලේ ඒක පවක් කියල කියන්න බෑ. මොකද ඒක නොදැන කරන දෙයක් එතැන පාප චේතනාවක් නෑ.

    යහපත් ක්‍රියාවකට යහපත් ප්‍රතිපලත් අයහපත් ක්‍රියාවකට අයහපත් ප්‍රතිපලත් ලැබෙනවනම්,

    යම් ක්‍රියාවක් හොඳ හෝ නරක යයි තීරණය කරන්නේ කුමන මිනුම් දණ්ඩක් අනුවද, අපි ජීවත් වෙන ශිෂ්ට සමාජයේ සම්මතය අනුව නේද.
    දැන් බලන්න ඉතිහාසයේ මායා ගෝත්‍රිකයෝ තමන්ගේ ගෝත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් හිරු දෙවියන්ට මිනිස් බිලි පූජා දුන්න.

    උසස් ආගමික හැගීමකින් කරපු ඒ බිලි පූජා වලින් සිදුවෙන්නේ මොනවගේ කර්මයක්ද. ?

    අනිත් දේ තමයි අපි පවු කරලා මැරිලා ගියාම නැවත අපි ඉපදුනොත් සරපයෙක් වෙලා, මොකක්ද ඒ දඬුවමේ තේරුම.
    සරපයෙක් ජීවත් වෙන්නේ උගේ ලෝකය ඇතුලේ, එතන ඌට තියෙන්නේ උගේ ලෝකය ඇතුලේ තියෙන සාමාන්‍ය ප්‍රශ්න ටික විතරයි. කෑම හොයාගැනීම.

    ඒක දඬුවමක් වෙන්නේ කලින් ආත්මේ හිටපු මනුස්සයට සාපේක්ෂව. දැන් ඌ ඉන්නේ උගේ ස්වභාවික පරිසරයේ ඌට ඒක දඬුවමක් නෙමේ. ඌ දන්නේ නෑ තමන් දඬුවමක් විදින්නේ කියල. අනික ඌට ඌ අල්ලගන්න මීයෙක් අපිට රෝස් කරපු චිකන් එකක් වගේ. එතකොට සර්පයෙක් වෙලා ඉපදෙන එක කොහොමද දඬුවමක් වෙන්නේ.

    ගොම කුරුමිනියට උගේ ගොම බොලේ වටිනවා අපිට දියමන්තියකටත් වඩා... බලපන් ඌ කොච්චර මහන්සි වෙනවද කියල එක රැක ගන්න.
    මේ සියලු දේ සාපේක්ෂයි නේද.

    මමත් හරි කැමති නැවත ඉපදීම විශ්වාස කරන්න. කර්මය විස්වාස කරන්න.
    එතකොට හරි ලේසියෙන් ඊළඟ භවය හොඳ කරගන්න ක්‍රම තියෙනවා.

    නමුත් මම උඩින් කියල තියෙන ප්‍රශ්න වගේ ප්‍රශ්න කැටියක් මගේ ඔළුවට එනවා. එතකොට මට හිතෙනවා මේ සියලු දේ අහඹු සිදුවීම් කියල. මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් සාර්ථකම උත්තරේ එක විතරයි.

    මම කියන්නේ මේ පුනුරුප්පත්‍ය, කර්මය වගේ මත වලට මම විරුද්ධ නෑ.
    නමුත් ඒ මත වල දෝෂ සහිත තැන් තියෙනවා, මම ඒ ගැන හොයද්දි, පොත් පත් කියවද්දී මම දැක්කේ ආයෙමත් ඒ මත වලට විරුද්ධ සාදක විතරයි.

    ඒ විරුද්ධ සාධක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. නමුත් කර්මය කොහෙවත් ඔප්පු කරලා නෑ

    කියන්නේ මෙන්න මේ පිටකයේ හෝ සූත්‍රයේ කියල තියෙනවා,
    එහෙම නැත්තනම් මෙන්න මේ ජාතක කථාවේ කියල තියෙනවා කියල.

    දැන් උඹ අහන්නෙත් උපදිනකොට අංග විකල වෙන්නේත්, එහෙමනැත්තන් උප්පත්තියෙන් පස්සේ අනතුරු වලට භාජනය වෙලා අතපය අහිමි වෙන්නේත් කුමන හේතුවක් නිසාද කියලා.

    එකෙන් කර්මය කියන එක ඔප්පු වෙන්නේ නෑ. ඔප්පු වෙන්නේ උඹටත් මට වගේම ප්‍රශ්න තියෙනවා කියන එක.
    උඹ ඒ ප්‍රශ්නෙට ලේසි උත්තරේ හොයාගෙන තියෙනවා.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    materialist lage point of view eka thama meka :yes: meka niyama utthare epatthe baluhama,eth meka hariyanne na api wage minissunta utthara denakota,mokada api materialist nowana nisa :D

    තව පොඩ්ඩක් පැහැදිලි කරපං මචං
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    නැකැත් රාල;17183797 said:
    මට මේක කියවනකොට පුන්චි ප්‍රශ්නයක් ආවා ඔබ කියන විදිහට කර්මයක් නැත්තන් කෙනෙක් උපදිනකොට අංග විකල වෙන්නේත්, එහෙමනැත්තන් උප්පත්තියෙන් පස්සේ අනතුරු වලට භාජනය වෙලා අතපය අහිමි වෙන්නේත් කුමන හේතුවක් නිසාද පෙර බවයක කර්මයක් අපි ගෙනත් නැත්තන් හැමෝම එකම විදිහකට උපදින්න ඕනනේද? අච්චුවේ දාලා හැදුවා වගේ එක වගේ වෙන්න ඔන. හැමෝගෙම ආයුශ සමාන වෙන්න ඕන මොකද කර්මය කියලා එකක් නෑනේ.. ඔයා කියනවනම් වාසනාව අවාසනාව නිසා එහෙම වෙන්නේ කියලා වාසනාව අවාසනාව පදනම් වෙන්නේ මොකක් මතද?:rolleyes:

    ඕක ඉතාම සරල දෙයක්. කෙනෙකු, සතෙකු හෝ මොනයම් ජීවියෙකු ඉපදෙනකොට විකුර්ති තත්වයන් ඇති වෙන්න පුලුවන් ඒක අතිශය ස්වාභාවික දෙයක්. ඒකට මවු ජීවියාට ඇතිවෙන රෝග තත්වයන්, මවු ජීවියාගේ තියෙන ජානමය නොහික්ත තත්වයන් වැනි දේ හේතුවෙන්න පුලුවන්. ගස් කොලන් ගත්තත් එහෙමයි. දැකල ඇති තනි සුදු පාට පැළ වර්ග ඒව ඇලි පැල වර්ග ටික දිනකින් බ්‍රභාසංස්ලේෂණය කරන්න බැරි නිසා මැරිල යනව. මේවා මවු ශාකයෙන් හෝ ඇති වූ පසු පසු කාලීණව ඇති වෙච්චර විකෘර්ති තත්වයන්.

    අපිට නොදැනුනාට. අපෙත් අපිට නොදැනුවත්වම විකෟර්ති තත්වයන් ඇති වෙනව. මොළයේ යම් ප්‍රදේශයක එවැනි වෙනස් කම් වලින් ඇතැම් අයට අති සුවිශේෂී හැකියාවන් එක වර ජීවිතේ ලැබිලා තියෙනව. සමර අයට නරක විදියටත් බලපානව. ඇතිවුනු ඇතැම් වෙනස් කම් ජාන කිටුවේ ඇති ඌවොත් තමන්ට සිය මවු දෙමව්පියන්ගෙන් උරුම නොවූ ජානමය ගති ගුණ තම ජනිතයින්ට දෙන්න පුලුවන්. එහෙම ලෝකයේ කාලයත් එක්ක ගොඩක් වේරියේෂන්ස් ඇති වෙනව.

    තව මේ දේවල් වලට. පාරිසරික තත්ව, ජීවන මට්ටම්, සංස්කෘතිය, දේශපාලනය වගේ හැම දෙයක්ම බලපානව. මානව පරිණාමයේදීත් කංඩායම් කැඩී විවිද ප්‍රදේශවලට සංසරණය වීමෙන් අවුරුදු දහස් ගණනකින් එකිනෙකාට හාත්පසින්ම වෙනස් ස්වරෑප තියෙන අය ඇති වෙලා තියෙනව. හමේ වෙනස් කම්, ඇස්වල, කොන්ඩෙ ඔය හැම ගති ගුණයකම.

    අනතුරු වෙලා අතපය අහිමි වෙන එක ගත්තොත්. ඒක අතිශය ස්වභාවික දෙයක්. පරිසරය දිහා බැලුවත්. දුබලයා ප්‍රබලයාගේ ගොදැරක්. ඒක පාරිසරික තුලනයට ලොකු උදව්වක්. මිනිස්සු මේ ඔක්කොම කෘතිමව වෙනස් කරන් ඉන්නේ. ඒකයි මිනිස් ජන ගහනය වැඩි වෙන්නෙත්.

    හිතන්න යම් කෙනෙක් ඉන්නවා ගොඩක් දර්මය රකින කෙනෙක්. ඒත් එයා කෑම පිසින වෙලාවක හරි සිහියෙන් හිටපු නැති නිසා එයාගේ ඇඟිල්ලක් කැපිල වෙන්වෙනව. එතනදි ඒ අනතුරට හේතුව නොසැලිකිලිමත් භාවය. ගොඩක් නූගත් අසරන අය කරන්නේ ඒක මගේ කරුමය නිසා කියල හිත හදාගන්න එක. ඒක එක අතකින් කමක් නෑ හිතට සහනයක් ලැබෙනව නම්.

    හැමෝගෙම ආයුශ සමාන වෙන්නෑ කොහොමත් ඒකට මම කලින් කියපු ස්වාභාවික විිකෟර්ති, ආහාර, ජීවන මට්ටම, පාරිසරික සාදක වගේ ගොඩක් දේවල් බලපානව.

    තවත් සමහරක් කියන විදියට පෝසත් තැන්වල ඉ‍පදෙන්නේ ගොඩක් පින් කල වාසනාවන්ත අයත්, දුප්පත් තැන්වල ඉපදෙන්නේ සාපේක්ෂව අඩු පින් සහ වාසනාවන්ත කමින් අඩුය අය කියන එකත් තනිකර මිත්‍යාවක් විතරයි.

    ඔය ලොකු මිටි, පහත්, පොහොසත් දුප්පත්. කියන දේවල් තියෙන්නේ වර්තමාන සමාජයේ නේ. ඒව මිනිස්සු හදාගත්තු දේවල් විතරයි. හිතන්න මානවා වානරයින් වශයෙන් සිටි අවදිය. එහිදී තිබුනේ ශක්තිවන්තයා හා දුර්වලයා කියන දේ විතරයි. ඒකත් ඇති උනේ ස්වභාවධර්මයේම නියමයක් මත. මොකද එතකොට ශක්තිවන්තයා ගේ ජානකිටුව තමයි ඉදිරියට යන්නේ. ඕකට කියන්නේ ස්වාභාවික වරණය කියල.

    ගොඩක් අපි හිතන් ඉන්න දේවල් සංකල්ප විතරයි. කර්මය, පව, පින, වාසනාව, අවාසනාව ඔය ඔක්කොම එකයි. ඕවලින් වර්තමානයේ සිදුවෙන සිද්දිවලට සරලව අර්ථකතනයක් දෙන්න පුලුවන් එච්චරයි. හැබැයි ඔය සංකල්ප උනත් වැරදියට තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේව කිව්ව ගොඩ දෙනෙක්ට රිදෙනව. කරන්න දෙයක් නෑ ඒ තම තමන් දාගත්ත මානසික සීමා සහ වැට කඩොලු තමයි.

    ලෝකයේ ආගම් තමයි මිනිස්සු බෙදල වෙන්කරල, මිනිස්සුන්ගේ සිතීමේ හැකියාම මොට කරල. අලුත් දෙයක් කරන්න හදපු මිනිස්සු මරල මේ ලෝකය අාපස්සට හරවන්න හදල තියෙන්නේ. :P

    ලෝකයේ ඇතිවෙච්ච හොඳ නරක වල ඉඳන් හැම දෙයක්ම තමන්ගේ පැවැත්ම තහවරු කරගන්න හදාගත්ත දේවල්. බෞද්ධ පුද පූජා උනත් එහෙමයි. ඔය දාගත්ත කෙහෙල්මල් රාමු සමහර විට වලංගු වෙන්නේ. එක ගමකට, නගරයකට, රටකට වෙන්න පුලුන්. ලෝකේ අනිත් පස සම්පූර්ණයෙන් වෙනස් එකක් වෙන්න පුලුවන්. ලිංමැඩියො වගේ කරන්නං වාලේ සහ මොලේට පොඩි කාලේ ඉඳන් කැවෙව්ව විදියටම හිතන්නේ නැතිව ඇතුලු තියෙන මොළගෙඩියෙන් ටිකක් කල්පනා කරනව නම් තමයි හොඳ.

    මම දන්නව මේව ඔක්ක‍ොම අතඇරල දාපු එකෙක්ට කරන්න බැරි දෙයක් නෑ. කිසිම ජරාවක් නැති ඉතා සුපැහැදිලි චිංතකයෙක්. :yes: තමන්ට තේරෙන මානව ගුණ ධර්මවලට ගරුකරගෙන හිටියම ඇති. නැත්නම් මේ හැම දෙයක්ම මළ විකාර ඔලුවල් කාපු.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ සියලු දේ අහඹු සිදුවීම් මචං ..!

    ඔය කර්මය කියන එක ගැන හිතද්දී මට එන ප්‍රශ්නයක් තමයි මානසික රෝගයකින් පෙලෙන මනුස්සයෙක් මිනීමැරුමක් කලොත් එයාට පවු සිද්ධ වෙනවද කියන එක.

    මම හිතන්නේ නෑ කියල ...! මොකද පව සම්පූර්ණ වෙන්න ඕනේ සියලුම සාධක එතන තිබුනත් [ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු බව දැනගැනීම ,... ආදී ]
    සාධාරණ ලෝකයක් ඇතුලේ ඒක පවක් කියල කියන්න බෑ. මොකද ඒක නොදැන කරන දෙයක් එතැන පාප චේතනාවක් නෑ.

    යහපත් ක්‍රියාවකට යහපත් ප්‍රතිපලත් අයහපත් ක්‍රියාවකට අයහපත් ප්‍රතිපලත් ලැබෙනවනම්,

    යම් ක්‍රියාවක් හොඳ හෝ නරක යයි තීරණය කරන්නේ කුමන මිනුම් දණ්ඩක් අනුවද, අපි ජීවත් වෙන ශිෂ්ට සමාජයේ සම්මතය අනුව නේද.
    දැන් බලන්න ඉතිහාසයේ මායා ගෝත්‍රිකයෝ තමන්ගේ ගෝත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් හිරු දෙවියන්ට මිනිස් බිලි පූජා දුන්න.

    උසස් ආගමික හැගීමකින් කරපු ඒ බිලි පූජා වලින් සිදුවෙන්නේ මොනවගේ කර්මයක්ද. ?

    අනිත් දේ තමයි අපි පවු කරලා මැරිලා ගියාම නැවත අපි ඉපදුනොත් සරපයෙක් වෙලා, මොකක්ද ඒ දඬුවමේ තේරුම.
    සරපයෙක් ජීවත් වෙන්නේ උගේ ලෝකය ඇතුලේ, එතන ඌට තියෙන්නේ උගේ ලෝකය ඇතුලේ තියෙන සාමාන්‍ය ප්‍රශ්න ටික විතරයි. කෑම හොයාගැනීම.

    ඒක දඬුවමක් වෙන්නේ කලින් ආත්මේ හිටපු මනුස්සයට සාපේක්ෂව. දැන් ඌ ඉන්නේ උගේ ස්වභාවික පරිසරයේ ඌට ඒක දඬුවමක් නෙමේ. ඌ දන්නේ නෑ තමන් දඬුවමක් විදින්නේ කියල. අනික ඌට ඌ අල්ලගන්න මීයෙක් අපිට රෝස් කරපු චිකන් එකක් වගේ. එතකොට සර්පයෙක් වෙලා ඉපදෙන එක කොහොමද දඬුවමක් වෙන්නේ.

    ගොම කුරුමිනියට උගේ ගොම බොලේ වටිනවා අපිට දියමන්තියකටත් වඩා... බලපන් ඌ කොච්චර මහන්සි වෙනවද කියල එක රැක ගන්න.
    මේ සියලු දේ සාපේක්ෂයි නේද.

    මමත් හරි කැමති නැවත ඉපදීම විශ්වාස කරන්න. කර්මය විස්වාස කරන්න.
    එතකොට හරි ලේසියෙන් ඊළඟ භවය හොඳ කරගන්න ක්‍රම තියෙනවා.

    නමුත් මම උඩින් කියල තියෙන ප්‍රශ්න වගේ ප්‍රශ්න කැටියක් මගේ ඔළුවට එනවා. එතකොට මට හිතෙනවා මේ සියලු දේ අහඹු සිදුවීම් කියල. මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් සාර්ථකම උත්තරේ එක විතරයි.

    මම කියන්නේ මේ පුනුරුප්පත්‍ය, කර්මය වගේ මත වලට මම විරුද්ධ නෑ.
    නමුත් ඒ මත වල දෝෂ සහිත තැන් තියෙනවා, මම ඒ ගැන හොයද්දි, පොත් පත් කියවද්දී මම දැක්කේ ආයෙමත් ඒ මත වලට විරුද්ධ සාදක විතරයි.

    ඒ විරුද්ධ සාධක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. නමුත් කර්මය කොහෙවත් ඔප්පු කරලා නෑ

    කියන්නේ මෙන්න මේ පිටකයේ හෝ සූත්‍රයේ කියල තියෙනවා,
    එහෙම නැත්තනම් මෙන්න මේ ජාතක කථාවේ කියල තියෙනවා කියල.

    දැන් උඹ අහන්නෙත් උපදිනකොට අංග විකල වෙන්නේත්, එහෙමනැත්තන් උප්පත්තියෙන් පස්සේ අනතුරු වලට භාජනය වෙලා අතපය අහිමි වෙන්නේත් කුමන හේතුවක් නිසාද කියලා.

    එකෙන් කර්මය කියන එක ඔප්පු වෙන්නේ නෑ. ඔප්පු වෙන්නේ උඹටත් මට වගේම ප්‍රශ්න තියෙනවා කියන එක.
    උඹ ඒ ප්‍රශ්නෙට ලේසි උත්තරේ හොයාගෙන තියෙනවා.

    ඔයා ඔය කියල තියෙන සර්පයාගේ උදාහරණය ඇත්තට හොඳ එකක්. හැම දේම අපි බලන්නේ එක රාමුවකට අදාලව ඒකයි මෙතන තියෙන අවුල. ඔයා ඒක හොඳට උදාහරණයෙන් ඉදිරිපත් කරල තියෙනව. හරියට ටිකක නිදහසේ හිතන්න පුලුවන් මිනිස්සුන්ට ඔය වගේ ප්‍රශ්න ඇති වෙන එක ස්වභාවිකයි. මේ හැම දේකම ප්‍රශ්න තියෙනව.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මේ සියලු දේ අහඹු සිදුවීම් මචං ..!

    ඔය කර්මය කියන එක ගැන හිතද්දී මට එන ප්‍රශ්නයක් තමයි මානසික රෝගයකින් පෙලෙන මනුස්සයෙක් මිනීමැරුමක් කලොත් එයාට පවු සිද්ධ වෙනවද කියන එක.

    මම හිතන්නේ නෑ කියල ...! මොකද පව සම්පූර්ණ වෙන්න ඕනේ සියලුම සාධක එතන තිබුනත් [ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු බව දැනගැනීම ,... ආදී ]
    සාධාරණ ලෝකයක් ඇතුලේ ඒක පවක් කියල කියන්න බෑ. මොකද ඒක නොදැන කරන දෙයක් එතැන පාප චේතනාවක් නෑ.

    උඹේ ප්‍රශ්නයට උඹ නිවැරදිව උත්තර දීලා තියනවා හැබයි උන පූර්නයක් තියනවා.. මානසික රෝගියෙක් වුනාම ඌට ඕව්වා නිවැරදිව හදුනාගන්න පුලුවන්ද කියන එක..

    යහපත් ක්‍රියාවකට යහපත් ප්‍රතිපලත් අයහපත් ක්‍රියාවකට අයහපත් ප්‍රතිපලත් ලැබෙනවනම්,

    යම් ක්‍රියාවක් හොඳ හෝ නරක යයි තීරණය කරන්නේ කුමන මිනුම් දණ්ඩක් අනුවද, අපි ජීවත් වෙන ශිෂ්ට සමාජයේ සම්මතය අනුව නේද.
    දැන් බලන්න ඉතිහාසයේ මායා ගෝත්‍රිකයෝ තමන්ගේ ගෝත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් හිරු දෙවියන්ට මිනිස් බිලි පූජා දුන්න.

    උසස් ආගමික හැගීමකින් කරපු ඒ බිලි පූජා වලින් සිදුවෙන්නේ මොනවගේ කර්මයක්ද. ?

    මෙතනදී මචන් ප්‍රානඝාත අකුසලය වෙන්න අවශ්‍ය දේ සම්පූර්න වෙලාද බලමු
    මුලින්ම
    පාණෝ භවේ පාණසඤ්ඤී - වධක චිත්ත මුපක්කමෝ
    තේන ජීවිතනාසෝ ච - අංගා පංච වධස්සිමේ
    කියලනේ කියලා තියන්නේ. දැන් බලමු අපි
    ප්‍රානයක් තියනවද? ඔව්
    ප්‍රානය ඇති බව දන්නවද? ඔව්
    මරන්න හිතනවද? ඔව්
    උපායක් යොදනවද? ඔව්
    ඒ උපායෙන් මැරෙනවද? ඔව්
    එහෙනම් ශ්‍රද්ධාවෙන් කලත් නැතත් මෙතන ප්‍රානඝාත අකුසලයක් වෙලා නේද?

    අනිත් දේ තමයි අපි පවු කරලා මැරිලා ගියාම නැවත අපි ඉපදුනොත් සරපයෙක් වෙලා, මොකක්ද ඒ දඬුවමේ තේරුම.
    සරපයෙක් ජීවත් වෙන්නේ උගේ ලෝකය ඇතුලේ, එතන ඌට තියෙන්නේ උගේ ලෝකය ඇතුලේ තියෙන සාමාන්‍ය ප්‍රශ්න ටික විතරයි. කෑම හොයාගැනීම.

    ඒක දඬුවමක් වෙන්නේ කලින් ආත්මේ හිටපු මනුස්සයට සාපේක්ෂව. දැන් ඌ ඉන්නේ උගේ ස්වභාවික පරිසරයේ ඌට ඒක දඬුවමක් නෙමේ. ඌ දන්නේ නෑ තමන් දඬුවමක් විදින්නේ කියල. අනික ඌට ඌ අල්ලගන්න මීයෙක් අපිට රෝස් කරපු චිකන් එකක් වගේ. එතකොට සර්පයෙක් වෙලා ඉපදෙන එක කොහොමද දඬුවමක් වෙන්නේ.

    ගොම කුරුමිනියට උගේ ගොම බොලේ වටිනවා අපිට දියමන්තියකටත් වඩා... බලපන් ඌ කොච්චර මහන්සි වෙනවද කියල එක රැක ගන්න.
    මේ සියලු දේ සාපේක්ෂයි නේද.

    මට මේක කියපන් උඹ හිතන්නේ ඒක (සතෙක් ලෙස ජීවත් වීම) මනුෂ්‍ය ජීවිතයටවඩා හොඳයි කියලද නරකයි කියලද?

    මමත් හරි කැමති නැවත ඉපදීම විශ්වාස කරන්න. කර්මය විස්වාස කරන්න.
    එතකොට හරි ලේසියෙන් ඊළඟ භවය හොඳ කරගන්න ක්‍රම තියෙනවා.

    නමුත් මම උඩින් කියල තියෙන ප්‍රශ්න වගේ ප්‍රශ්න කැටියක් මගේ ඔළුවට එනවා. එතකොට මට හිතෙනවා මේ සියලු දේ අහඹු සිදුවීම් කියල. මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් සාර්ථකම උත්තරේ එක විතරයි.

    මම කියන්නේ මේ පුනුරුප්පත්‍ය, කර්මය වගේ මත වලට මම විරුද්ධ නෑ.
    නමුත් ඒ මත වල දෝෂ සහිත තැන් තියෙනවා, මම ඒ ගැන හොයද්දි, පොත් පත් කියවද්දී මම දැක්කේ ආයෙමත් ඒ මත වලට විරුද්ධ සාදක විතරයි.

    ඒ විරුද්ධ සාධක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. නමුත් කර්මය කොහෙවත් ඔප්පු කරලා නෑ

    කියන්නේ මෙන්න මේ පිටකයේ හෝ සූත්‍රයේ කියල තියෙනවා,
    එහෙම නැත්තනම් මෙන්න මේ ජාතක කථාවේ කියල තියෙනවා කියල.

    දැන් උඹ අහන්නෙත් උපදිනකොට අංග විකල වෙන්නේත්, එහෙමනැත්තන් උප්පත්තියෙන් පස්සේ අනතුරු වලට භාජනය වෙලා අතපය අහිමි වෙන්නේත් කුමන හේතුවක් නිසාද කියලා.

    එකෙන් කර්මය කියන එක ඔප්පු වෙන්නේ නෑ. ඔප්පු වෙන්නේ උඹටත් මට වගේම ප්‍රශ්න තියෙනවා කියන එක.
    උඹ ඒ ප්‍රශ්නෙට ලේසි උත්තරේ හොයාගෙන තියෙනවා.

    හරි උඹ කියනවනම් ඒක අහඹුවක් කියලා. උඹ පිලිගන්නවද මේ ලොකේ වෙන හැම දෙයක්ම වෙන්නේ යම් කිසි දෙයක ප්‍රථිඵලයක් විදිහට කියලා? හැම සිද්දියකටම කලින් ඒ සිද්දියට හේතුවක් තියනවා. නමුත් උඹ කියන විදිහට කෙනෙක් අබ්බ ගාත වෙන්නත් තව කෙනෙක් එහෙම නොවෙන්නත් හේතුවක් නෑ.. ඒක අවුල් වගේ නේද? හැම දේටම එහෙම තිබිලා අර අහඹු ලෙස වුනා කිව්ව එක මට වෙන්නත් උඹට නොවෙන්නත් තියන හේතුව මොකක්ද? ඒකටත් හේතුවක් ඇතිනේ?? මොකක්ද ඒ හෙතුව? එක අහම්බෙන් වුන දෙයක් නම් ඒක එහෙම වෙන්න ඕන කියලා තීරනය කලේ කවුද?
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    නැකැත් රාල;17184230 said:
    උඹේ ප්‍රශ්නයට උඹ නිවැරදිව උත්තර දීලා තියනවා

    හරි උඹ කියනවනම් ඒක අහඹුවක් කියලා. උඹ පිලිගන්නවද මේ ලොකේ වෙන හැම දෙයක්ම වෙන්නේ යම් කිසි දෙයක ප්‍රථිඵලයක් විදිහට කියලා? හැම සිද්දියකටම කලින් ඒ සිද්දියට හේතුවක් තියනවා. නමුත් උඹ කියන විදිහට කෙනෙක් අබ්බ ගාත වෙන්නත් තව කෙනෙක් එහෙම නොවෙන්නත් හේතුවක් නෑ.. ඒක අවුල් වගේ නේද? හැම දේටම එහෙම තිබිලා අර අහඹු ලෙස වුනා කිව්ව එක මට වෙන්නත් උඹට නොවෙන්නත් තියන හේතුව මොකක්ද? ඒකටත් හේතුවක් ඇතිනේ?? මොකක්ද ඒ හෙතුව? එක අහම්බෙන් වුන දෙයක් නම් ඒක එහෙම වෙන්න ඕන කියලා තීරනය කලේ කවුද?

    මොනවද සහෝදරයා මේ දෙකයි පනහේ ප්‍රශ්න? සරලයිනේ.................
    හිතන්න නයා, කොටියා, අලියා බහුලව ගැවසෙන පාරක් තියෙනව. ඒකේ අපි ගියොත් එම සතුන්ගෙන් අනතුරක් වීමට තිබෙන හැකියාම වැඩියි. අපි එවැනි ප්‍රදේශ දැන ගෙන එවැනි අනතුරු බහුල ප්‍රදේශ මග ඇරල එවැනි අනුතුරු අඩු ප්‍රදේශයකින් යනව නම් අනතුරු වීමේ සම්බාවිතාව අඩුයි.

    තවත් සරලව කව්වොත්. රුපියල් දෙකේ කාසියක් උඩ දැම්මොත් වැටෙන්න පුලුන් ඔය දෙපැත්තෙන් එකයි න‍ේ? ඉතා කලාතුරකින් එක පැත්තක්වත් නොවැටෙන්න පුලුවන්. එතනදි සම්බාවිතාව එක් පැත්තකට ආසන්නව 50%ක් ලෙස ගන්න පුලුවන්.

    දැන් ගන්නව පැති 6ක් තියෙන දාදු කැටයක් එතනදි එක් පැත්තක සම්බාවිතාව 100/6 වෙනව. දැන් කියන්න එපා දාදු කැට ගැන නෙමේ මම ඇහැව්වේ කියල. :D

    ඕකට කියන්න් අහබුතාවය කියල ඕක මතක විදියට ගණිත පාඩමක් ලෙස 9 වසරේ හෝ 8වසරෙදිත් උගන්වනව.

    තවත් උදාරණයකින් කිව්වොතින්. රිය අනතුරකදි මෝටර්සයිකල් එකේ යන කෙනාට ඉම්පැක්ට් එක ගොඩාක් වැඩි කාර් එකක යන කෙනාට වඩා. සමර වෙලාවට කාර් එකෙත් එක්කෙනෙක් මැරෙනවා එයාර් බෑග් එක වැඩ කරන්නැතිව. ඒකට‍ හේතුව එයා බෑග් එක වැඩ නොකරපු එක. අපි ඒකට කරුමය ගාවගන්නව මොකද ඒක තමයි හිතට දැනෙන විදියට ඒ දේ විස්තර කරන්න පුලුවන් සරලම විදිය.
     
    Last edited:

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    උඹේ ප්‍රශ්නයට උඹ නිවැරදිව උත්තර දීලා තියනවා හැබයි උන පූර්නයක් තියනවා.. මානසික රෝගියෙක් වුනාම ඌට ඕව්වා නිවැරදිව හදුනාගන්න පුලුවන්ද කියන එක..

    දැන් උඹ කියන්නේ මේ මානසික රෝගියාට පවු සිද්ධ වෙනවා කියලද නෑ කියලද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    උඹේ ප්‍රශ්නයට උඹ නිවැරදිව උත්තර දීලා තියනවා හැබයි උන පූර්නයක් තියනවා.. මානසික රෝගියෙක් වුනාම ඌට ඕව්වා නිවැරදිව හදුනාගන්න පුලුවන්ද කියන එක..

    දැන් උඹ කියන්නේ මේ මානසික රෝගියාට පවු සිද්ධ වෙනවා කියලද නෑ කියලද ?

    මානසික රෝගියා මිනිමැරුමක් කරන්නේ හොඳ සිහියෙන්ද? ඔහු හැසිරෙන්නේ අව සිහියෙන්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    සැම සතවයෙකුටම සිතන්න පුළුවන් සිමාවක් තිබෙනවා,මිනිස්සු ගත්තොත් මිනිස්සුන්ටත් හිතන්න පුළුවන් සිමාවක් තිබෙනවා,මිනිසාගෙන් මිනිසාටත් මේ සිතිමේ හැකියාව විවිධ කරුණු නිසා වෙනස් වෙනවා,මිනිස්සු තිරණ වලට අදහස් වලට බහින්නෙ එ එක් එක් මට්ටම වලින් හිතලා ගත්තු අදහස් වල ප්‍රථිපලයක් හැටියටයි,සිතිමේ පරාසය බොහෝ විට ආගමික සහ සාමජිය බැමි වලින් කො‍ටු වෙනවා,එත් විය යුත්තෙ කො‍ටු විම නොවෙයි,නිදහස් ව සිතිමයි,නිදහස්ව සිතන කල,තමුන්ගේ අත්දැකිමුත් එකතු කොට ගන යම් තාක් දුරකට හෝ සාර්ථක නිගමනයකට ලං විය හැකියි.එ ගන්නා වු තිරණ වුවත් සියයට සියයක් සත්‍ය කියා කිසි විටකත් සිතන්න බැ,එම නිසා තමුන් දරන මතය මතම එල්ලි නොසිටිය යුතු බව කිව යුතුයි,අනික තමුන් දරණ මතය පමණක් හරි බව කිම විහිළුවක් බව කාටත් වැටහිය යුතුයි,සමහරුන් හැසිරෙන්නෙ තමුන් සියළු දේ තිබෙන සැටියෙන්ම දත් මහා පඬියන් ගානටයි,එක දැනුමේ දුරුවලතාවයක් බව සිහි තබා ගත යුතුයි.

    කාටත් තමුන්ගේ නිදහස් අදහස්/මත ප්‍රකාශ කිරිමේ අයිතිය තිබෙනවා,නමුත් තව කෙනෙක් දරණ අදහස පහත් කරමින් එය හැල්ලු කිරිමට කිසි කෙනෙකුට බැ,මොකද එහෙම කරන්න කවුරුත් සියල්ල දත්,සියල්ල තියන හැටියෙන්ම වටහාගත්තු උත්තමයන් නොවන නිසා.අපි ගොඩක් අය කතා කරන්නෙ කොහේ හරි පොතකින් හරි කවුරු හරි කියපු දෙයක් ආශ්‍රයෙන්,එහෙම නැතුව වෙන එහෙකින් නෙමෙයි නේ......

    පලි:ග්‍රික් දාර්ශනිකයෙක් වු සොක්‍රටිස් වරක් මෙසේ කියා තිබෙනවා.

    I know that I know nothing

    අපිත් දන්න කෙං ගෙඩියක් නැ මේ ලොකය ගැන ඇත්තම කිව්වොත්,හැබැයි කතාව නම් හරි ඉහලින්.
     
    Last edited: