සැම සතවයෙකුටම සිතන්න පුළුවන් සිමාවක් තිබෙනවා,මිනිස්සු ගත්තොත් මිනිස්සුන්ටත් හිතන්න පුළුවන් සිමාවක් තිබෙනවා,මිනිසාගෙන් මිනිසාටත් මේ සිතිමේ හැකියාව විවිධ කරුණු නිසා වෙනස් වෙනවා,මිනිස්සු තිරණ වලට අදහස් වලට බහින්නෙ එ එක් එක් මට්ටම වලින් හිතලා ගත්තු අදහස් වල ප්‍රථිපලයක් හැටියටයි,සිතිමේ පරාසය බොහෝ විට ආගමික සහ සාමජිය බැමි වලින් කොටු වෙනවා,එත් විය යුත්තෙ කොටු විම නොවෙයි,නිදහස් ව සිතිමයි,නිදහස්ව සිතන කල,තමුන්ගේ අත්දැකිමුත් එකතු කොට ගන යම් තාක් දුරකට හෝ සාර්ථක නිගමනයකට ලං විය හැකියි.එ ගන්නා වු තිරණ වුවත් සියයට සියයක් සත්‍ය කියා කිසි විටකත් සිතන්න බැ,එම නිසා තමුන් දරන මතය මතම එල්ලි නොසිටිය යුතු බව කිව යුතුයි,අනික තමුන් දරණ මතය පමණක් හරි බව කිම විහිළුවක් බව කාටත් වැටහිය යුතුයි,සමහරුන් හැසිරෙන්නෙ තමුන් සියළු දේ තිබෙන සැටියෙන්ම දත් මහා පඬියන් ගානටයි,එක දැනුමේ දුරුවලතාවයක් බව සිහි තබා ගත යුතුයි.
කාටත් තමුන්ගේ නිදහස් අදහස්/මත ප්‍රකාශ කිරිමේ අයිතිය තිබෙනවා,නමුත් තව කෙනෙක් දරණ අදහස පහත් කරමින් එය හැල්ලු කිරිමට කිසි කෙනෙකුට බැ,මොකද එහෙම කරන්න කවුරුත් සියල්ල දත්,සියල්ල තියන හැටියෙන්ම වටහාගත්තු උත්තමයන් නොවන නිසා.අපි ගොඩක් අය කතා කරන්නෙ කොහේ හරි පොතකින් හරි කවුරු හරි කියපු දෙයක් ආශ්‍රයෙන්,එහෙම නැතුව වෙන එහෙකින් නෙමෙයි නේ......
පලි:ග්‍රික් දාර්ශනිකයෙක් වු සොක්‍රටිස් වරක් මෙසේ කියා තිබෙනවා.
I know that I know nothing
අපිත් දන්න කෙං ගෙඩියක් නැ මේ ලොකය ගැන ඇත්තම කිව්වොත්,හැබැයි කතාව නම් හරි ඉහලින්.