වර්තමාන භාවිතයෙදී බුදු දහම අනෙක් ආගම්වලින් වෙනස් වුන විශේෂ එකක් ලෙස, මමනම් දකින්නේ නැහැ. ලංකාවේ අනෙක් ආගම්වලටත් වඩා වැඩියෙන් මැවරකම්වල සහ මිත්‍යාව පැතිරවීමේ යෙදෙන්නේ භික්ෂූන්. මේක අනෙක් ආගම්වලට වඩා බොහොම භයානකයි. දේවාලවල ඉන්න පූජකයන්ට වඩා බොහෝ භික්ෂූන් උගත්, බුද්ධිමත් පිරිසක් නිසා ලස්සන තර්ක ඉදිරිපත් කරමින් ජනතාව ඇන්දීම වඩා හොදින් කරන්නේ බෞද්ධ භික්ෂූන් බව ස්වාධීනව මේ දෙස බලන කෙනෙකුට තේරුම් ගන්න අපහසු නැහැ. මෙම භික්ෂූන් බුදුන් වහන්සේගේ ධර්මයේ ඇති මෛත්‍රිය පදනම්වන ප්‍රඥාගෝචර කරුණුත් ඔවුන්ගේ දේශනාවලට තවරනවා. නමුත් මෙම කිසිම භික්ෂුවකගේ භාවිතයේ එම දහම නැහැ.
වර්තමාන භික්ෂූන්ගේ ඇති නරකම දෙය නම්, ඔවුන් නූගත් මිනිසුන් පමණක් නොව උගත්, බුද්ධිමත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, සරසවි සිසුන් ඇතුළු සමාජයේ සාපේක්ෂව යමක් ගැන හොදින් සිතීමේ හැකියාව ඇති මිනිසුන් පවා, තම ව්‍යාපාරවල ( පිච්චමල් පූජා, බෝධි පූජා, පහන් පූජා ආදී ....... ) අනුගාමිකයන් බවට පත් කර ගන්නා කපටි රැලක් වීමයි. මෙම කපටි, පාහර රැල මහමෙව්නා, මහාමේඝ ආදී විවිධ නම්වලින් අසපු සහ වෙනත් මන්දිර ඉදිකරමින් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන කාලකන්නීන්. පොදුවේ සියලුම පන්සල්වල කරන්නේත් අපට නැති මතු භවයක් ගැන උගන්වමින්, විවිධ මිත්‍යා පූජා උගන්වමින්, තම ශ්‍රමය නොවෙහෙසන පිරිසක්, ශ්‍රමය වෙහෙසා වැඩ කරන මිනිසුන් සුරා කමින් ජීවත් වීමයි.
අප පළමුව කළ යුත්තේ අනෙක් ආගම් විවේචනය කිරීමට පෙර තමන්ගේ ආගමේ ඇති මෙම රැවටීම ජනතාවට කියා දීමයි. සියලු ආගම්වල ශාස්තෘන්ගේ ඉගැන්වීම් සන්සංදනාත්මකව බැලීමේ දී බුදුන්ගේ දහම, භක්තිය නොව බුද්ධිය පදනම් වූ විශිෂ්ඨ ඉගැන්වීමක් වුව ද ඒ ගැන පුරසාරම් දෙඩවීමෙන් වන්නේ නැවතත් ඥානසාරලාට, අනෙක් ආගම් විවේචනය කරමින් අපි පොරවල් යැයි කීමට මාවත් පුලුල් කර දී ම ය. අප පළමුව අප ඉපදුනු ආගමෙන් කරන මෙම වංචාව මිනිසුන්ට කියා දී මෙම කහ රෙදි මුදලාලිලාගෙන් ජනතාව බේරාගත යුතු ම ය.
පොහොයට සිල් ගන්න, සුදු රෙදි ඇදගෙන විවිධ පුජා කරන මිනිසුන් ගේ කාලය ආගමෙන් මිදී ඵලදායී ලෙස යොදා ගත හැකි නම් අප රටක් වශයෙන් ලාබා ගත හැකි දියුණුව ( භෞතික සහ බුද්ධිමය ) වැඩි ඈතක නොවේ.
We are brain washed part 1
We are brain washed part 2

Last edited:
බලල මල්ලෙන් එලියට

මනුස්සයෙක්ට නිදහසේ හිතන්න බැරි කරල තියෙන්නේ. ඇත්ත කියනවනම් මිනිස්සු පුදුම බයකින් ජීවත්වෙන්නේ. හිතන්න අපි වෙනත් ආගමක ඉපදුනා කියල එහෙනම් බොහෝ විට 99.9999%ක්ම ඉඩ තියෙන්නේ ඒ ආගමට අනුව ජීවත් වෙන්න. 

madiyasthawa hithanna purudu wenna one.