ඔය වගේ සයිට් හදන්න නම් මාස ගණන් යන්නේ නැහැ...ඕව ටෙම්ප්ලේට්ස් නේ...ඩිසයින් කරන්න කල් යනවා..
web designing කරන්න මචන් මුලින්ම ඕනේ වෙන්නේ HTML දැනුම...මම පිලිවෙලින් දාන්නම්..මමත් ස්වයන් අධ්‍යනය තුලින් තමයි ඉගෙන ගත්තේ... බැරි කමක් නැහැ...
1. HTML / HTML 5 ( අලුත් ම වර්ෂන් එක ඉගෙන ගන්න තරමට හොදා...)
2. CSS / CSS3
3. Javascript (මූලික දැනුමක් අත්‍යවශ්‍යයි)
4. Jquery (මේ ජාවාස්ක්‍රිප්ට් library එකක්...අර මූලික දැනුම තියෙනකොට මේක නතිංග්)
වෙබ් ඩිසයින් කරන්න නම් ඔය ටික හොදටම ඇති...නමුත් උබට ඉහල මට්ටම ට යන්න මේ දැනුම ඕනේ වෙනවා..
1. Twitter Bootstrap / Foundation / Boilerplate මේ වගේ CSS ෆ්රෙම්වර්ක්ස් දැන් ගොඩක් භාවිත වෙනවා..
2. Jquery ඕනේ වෙනවා...අනිවාර්යෙන්...
වෙබ් developing පැත්ත ගත්තොත් මූලිකව මේ දේවල් ඕනේ වෙනවා..
1. Server Side Language එකක් (මේක උබේ කැමැත්ත අනුව...PHP, Python, Ruby, ASP, Java මේ කැමති එකක්...PHP තමයි ඉගෙන ගන්න හොද..හේතුව සල්ලි හොයන්න ලේසියි..ඒ වගේම සාපේක්ෂව ලේසියි..)
2. Mysql වගේ ඩේටබේස් සිස්ටම් එකක්...
මීටත් අමතරව තියෙනවා ඉතින් CMS..
1. Wordpress
2. Joomla
මේ තමයි මූලිකම ටික...උබට තවත් ඉස්සරහට යන්න ඕනේ නම්..තව තියෙනවා වෙබ් ඇප්ලිකේෂන් development...මේවට ගොඩක් ඕනේ php වගේ language එකක දැනුම...ඊට අමතරව javascript දැනුම...
Front End Development වලට : මේ javascript ෆ්රෙම්වර්ක්ස්..
1. AngularJs
2. BackboneJs
3. ReactJs
Backend End Development වලට : මේ PHP ෆ්රෙම්වර්ක්ස්..
1. Laravel
2. Codeigniter
Servers ගැනත් දැනුමක් ඕනේ වෙනවා...
1. Apache
2. Nginx
3. NodeJS (ජාවාස්ක්‍රිප්ට්)
4. MeteorJs (ජාවාස්ක්‍රිප්ට්)
මීටත් වඩා උබට ඉස්සරහට යන්න ඕනේ නම් තව තියෙනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න...සරලව කිව්වොත්..
Web services, API, payment gateway integration, Plugin develop කරන හැටි.. මේ වගේ එකී මෙකී නොකී කෙළවරක් නැතුව තියෙනවා...
ඔය පිළිවෙලට ඉගෙන ගනින්...මේවා ඉතින් ඉගෙන ගන්න ඕනේ තරම් තැන් තියෙනවා...
1. Codacademy
2. TutorialsPoint
ඕනේ දෙයක් තියෙනවනම් අහන්න
