Welcome back Underworld

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඊයේ ආමර් වීදියේදී බිහිසුණු පාතාලය යළි හිස එසවූ හැටි
    ඇන්ටනි වාහනය එළවද්දී මරුට

    gossiplanka_2018-03-20_13-54-26.jpg


    ඩුබායිහි රැදී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන පුද්ගලයකුට ඊයේ (19) ආමර්වීදියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබ තිබේ.
    මෝටර් රථයකින් ගමන් කරමින් සිටි එම පුද්ගලයාට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු සමග සිටි බිරීඳ ද තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙමටගොඩ වේළුවන පාරේ පදිංචිකරුවකු වන බී.එම්. ඇන්ටනි (42) නමැත්තෙකි.


    හෙරොයින් කිලෝ එකහමාරක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වසර 11ක් බන්ධනාගාර ගතව සිට මීට වසර එකහමාරකට පමණ පෙර නිදහස් වීමෙන් පසු මොහු මධුගේ මන්ද්‍රව්‍ය ජාවාරමට සම්ඛන්ධව සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. සිය බිරිඳ සමග මේ පුද්ගලයා ඊයේ (19) අලුත්කඩේ අධිකරණයට ගොස් ඇය රැකියා ස්ථානයට ඇරලවීමට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව පොලීසිය කියයි.
    මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන තිබෙන බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
    ඝාතනය සිදුකර පලායන අයුරු ආමර්වීදියේ වෙළඳසලක තිබූ සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා දෙමටගොඩ පිහිටි නිවසට නිතර නොපැමිණෙන බවත් ඔහු වෙනත් ප්‍රදේශයක රහසිගතව ජීවත් වන බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ, මන්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ආමර්වීදිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


    Source: Gossiplankanews