What happened to stewardess-Dharshanie Gunasekera

Memorex

Member
Nov 27, 2012
5
2
0
What happened to stewardess-Dharshanie Gunasekera

6678563611.jpg

Dharshanie Gunasekera

මෙයට වසර 14කට පෙර 1998 සැප්තැම්බර් 29 දින සිවිල් වැසියන් රැගෙන යාපනය පලාලි සිට රත්මලාන බලා ගමන් කරමින් තිබූ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් ඒ.එන්. ඇන්ටනෝව්-24 ගුවන් යානය මන්නාරමට ඉහළ අහසේදී අබිරහස් ලෙස අතුරුදන් විය. එවකට උතුරු-නැඟෙනහිර බොහෝ ප්‍රදේශ කොටි සංවිධානයේ පාලනයට නතුව පැවැති අතර ඊළාම් යුද්ධයද දරුණු අවධියක පැවැතියේය. කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ සෑම් මිලයිල ප්‍රහාරයකින් ලයන් එයාර් යානය ඉහළ අහසේදී ගිනි ගෙන පුපුරා සුන්බුන් මුහුදට ඇද හැලෙනු ධීවරයන් දුටු බව පුවත්පත් වාර්තා කළේය.


එසේ වුවද යානයේ සුන්බුන් හා මළ සිරුරු ගැන කිසිදු හෝඩුවාවක් නොවීය. මේ අතර ගුවන් යානය එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයට කොටින් නිරුපද්‍රිතව බාගත් බවටද රාවයක් පැතිර ගියේය. එය තමිල්නාඩුවේ ප්‍රදේශයකට ගොඩ බෑ බවටද තවත් මතයක් පැතිරිණි. අදාළ ප්‍රදේශවල ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා තවත් ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ක්‍රියාත්මකව පැවැතියත් ලංකාණ්ඩුව හෝ එම සංවිධාන අතුරුදන් ඇන්ටනෝව් යානය සම්බන්ධ කිසිදු නිල පරීක්‍ෂණයක් සිදු කළ බවක්ද වාර්තා නොවීය.


දෙදහස් නවයේදී සිවිල් යුද්ධය ජයග්‍රහණයෙන් කෙළවර විය. තවත් අවුරුදු තුනක්ද ගෙවී ගියේය. මන්නාරම ඉරණතිව් දූපතට ආසන්න නොගැඹුරු මුහුදේ පිහිනමින් සිටි ධීවරයකු දිය යට ගුවන් යානයක් තිබෙන අයුරු මෙයට සති කිහිපයකට පෙර දැක තිබේ. එම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් විසින් යානය නිසැක ලෙස නිරීක්‍ෂණය කර ඇත. එය ඉරණතිව්වලට නාවික සැතපුම් 4ක් උතුරින් වූ අඩි 40ක් පමණ නොගැඹුරු මුහුදේ තිබෙන බව කියයි.


මුහුදු පත්ලේ ඇති ගුවන් යානය නඩු භාණ්ඩයක් සේ සලකා ගොඩ ගැනීමට ත්‍රස්ත විමර්ශන කාර්යාංශය බාර අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී සරත් බැද්දෙවෙල මහතා මන්නාරම උසාවියෙන් ඉකුත් සතියේ නියෝගයක් ලබා ගත්තේය. එම ඒකකය මෑතක අත්අඩංගුවට ගත් කොටි මිසයිල ඒකකයේ සාමාජිකයකු වෙතින් ගුවන් යානයට ප්‍රහාර එල්ලවීම පිළිබඳ තොරතුරු හෙළිකරගත් බවද වාර්තා විය. මේ ලිපිය ලියන අවස්ථාවේ වාර්තා වූයේ උතුරු මැද නාවික විධානයේ අධීක්‍ෂණය යටතේ මේ 31 වන දින ගුවන් යානය ගොඩ ගැනීමට නියමිත බවය.


ගුවන් යානය අතුරුදන් වන විට එහි 55 දෙනකු සිටි අතර මගීන් 48කි. ඉන් 17ක්ම කාන්තාවෝ වූහ. කාර්ය මණ්ඩලය 7කි. නියමුවා වූයේ යුක්රේන ජාතික මැටච්කෝ ඇනමෝලිය. සහාය නියමු ලයිෆයිබැෆෝ සියරේහිය. යානයේ ප්‍රධාන ඉන්ජිනේරුවා කොස්ලෝ සර්ජි වූ අතර මඟපෙන්වන්නා වශයෙන් ඇනහයිඑන්කා සිසර්සෙයි සිටියේය. එම රුසියානු යුක්රේන ජාතිකයන් 4 දෙනාට අමතරව ප්‍රධාන ස්ටුවට් නිලධාරිනිය ලෙස දර්ශනි ගුණසේකර මෙනවියද, ක්‍රිෂාන් නෙල්සන් මහතාද විජිතා මෙනවියද සිටියහ.

ඇනටෝව් - 24 යානය ප.ව. 4.00ට පලාලි ගුවන් පථයෙන් අහසට නැඟී විනාඩි 10කට පසු අඩි 14,000ක් ඉහළ නැගීමට අවසර ලබාගෙන ඇත. ඊට විනාඩි 6කට පසු නියමුවා ගුවන් පාලක මැදිරියට දන්වා තිබෙන්නේ යානය තුළ අවපීඩන තත්ත්වයක් ඇති බවය. ඊට මොහොතකට පසු ගුවන් නියමුවා සහ පාලක මැදිරිය අතර සබඳතා ඇනහිටියේය.


ගුවන් යානයේ ප්‍රධාන ස්ටුවට් නිලධාරිනිය වූ දර්ශනී ගුණසේකර මෙනවියගේ පියා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතාය. මව රන්ජනී ගුණසේකර මහත්මියයි. ඒ දෙපොළ 14 වසරක් තිස්සේ සිය දියණිය සොයා වෙහෙසෙති. ගුවන් යානය අතුරුදන් වූ මොහොතේ සිටම මේ දක්වා සිදුවෙමින් පවතින ක්‍රියා පිළිවෙතෙහි අස්වාභාවිකත්වයක් ඔවුහු දකිති. සිය දියණිය මේ මොහොතේත් ජීවතුන් අතර සිටින බවට විශ්වාසයක්ද ඔවුන් තුළ ඇත. දර්ශනීගේ මව රන්ජනී ගුණසේකර මහත්මිය ‘මව්බිම’ට මෙසේ අදහස් දැක්වූවාය.


“දර්ශනී දුවට ආසාවක් තිබුණා එයාර් ලයින් එකකට සම්බන්ධ වෙන්න. මගේ ලොකු දුව ඒ වෙනකොටත් ‘කුවේට් එයාර්වේස්’ එකේ වැඩ කළා. දර්ශනීත් ‘කුවේට් එයාර්වේස්’ එකට යන්නයි සිටියේ. ඒකට එක්ස්පීරියන්ස් ගන්නයි ලයන් එයාර් එකට බැඳුණේ. ඒ-ලෙවල් විභාග ප්‍රතිඵල ආව ගමන්ම එයා ලයන් එයාර් එකට ගියා.
අවුරුද්දක් එතැන වැඩ කරන ගමන් කුවේට් එයාර්වේස් එකට ඇප්ලිකේෂන් දාලා ඉන්ටවීව් ගියා. එයා බඳවා ගන්න ලියුම ඇවිත් තිබුණෙ එදා. 1998 සැප්තැම්බර් 29 උදේ දුව ගියේ අස්වෙන බව ලයන් එයාර් එකට දන්වල ගෙදර එන්න. 30 වැනිදා තමයි රිසයින් වෙන්න නියමිත දවස. ඒත් මම කීවා, ‘දුව ඔයා යන්න එපා. ඔයා කොහොමත් හෙටනෙ අස්වෙන්නෙ. ඒ නිසා හෙටම යන්න’ කියල.


‘නෑ අම්මි මම හෙට යන්නෙ නෑ. අද ගිහින් කියල එන්නම්. මම අද ප්ලයි කරන්නෙ නෑ ග්‍රවුන්ඩ් ඔෆිස් ඉන්නෙ හවස තුන වෙනකොට ගෙදර එනව’ කිව්ව. එදා උදේ කුවෙට් එයාර්වේස් වැඩ කරන ලොකු දුව ගෙදර ඇවිත් යන දවස. එදා ලයන් එයාර් එකේ පලාලි යන්න හිටියෙ අෑන් කියල ගර්ල් කෙනෙක්. එයා එන්න ප්‍රමාද වෙලා තියෙනවා. ඒ වෙලාවෙ ප්‍රධාන ගුවන් නියමුවා දුවට බල කරල තියෙනවා.


‘දර්ශනී ප්‍රමාද වෙන්න බෑනෙ අපි යමු. ඔයා පැය තුනකින් ආපහු කොළඹනෙ’ කියල. එතකොට තමයි දුව ගිහින් තියෙන්නෙ. උදේ ලොකු දුව ගෙදර ආව අපි 3.00ට විතර එළියට යන්න හදද්දි ෆෝන් එක රින් වුණා. මමමයි ගත්තෙ. ලයන් එයාර් එකේ අධ්‍යක්‍ෂ පැඩී මැන්ඩිස් මහත්තය කතා කළේ. අඬන්න වාගෙ පැකිළෙමින්. මම හිතුවෙ දුවට වෙනත් කරදරයක් කියලා. කීයටවත් මෙහෙම දෙයක් හිතුණෙ නෑ.
‘මිසිස් ගුණසේකර ප්ලයිට් එක මිසිං කිව්ව’
මට මොනවත් හිතා ගන්න බැරි වුණා. අපි ඒ වෙලාවෙම රත්මලානෙ ලයන් එයාර් ඔෆිස් එකට ගියා. ඒ වෙලාවෙ පැඩී මෙන්ඩිස් මහත්තයා කිව්වා,
‘මේක කීයටවත් ප්ලේන් ක්‍රෑෂ් එකක් වෙන්න බෑ. අපට ඉන්න හොඳ පයිලට් තමයි ඇනටනෝව් එක අරන් ගියේ’ කියල. මෙතන සැක හිතෙන ප්‍රශ්නයක් තිබුණ “ඒ පයිලට් මැචට් කෝ? ඇනටොලි සුමාන තුනකට කලින් කාටත් නොදන්වා යන්න ගිහින් තිබුණා” දර්ශනී ගෙදර ඇවිත් කිව්වා.


‘අම්ම අර හොඳම පයිලට් ඇනටෝනි රිසයින් වෙලා යන්න ගිහින් ලයන් එයාර් එක දන්නෙත් නෑ’ කියල සුමාන තුනකට විතර පස්සෙ කිව්ව.
‘අර ගියපු පයිලට් ආයෙත් ඇවිත් වැඩ කරනවා’ කියල. ඒක ගැන අපි කවුරුත් පුදුම වුණා. එයා ගිය බව අනෙක් රුසියන් කට්ටිය දැනගෙන හිටියෙත් නෑ. ගියේ ඇයි? ආවෙ ඇයි? කියන දෙකම මේ සිද්ධියත් එක්ක ප්‍රශ්න බවට පත්වුණා.


මේ ලයන් එයාර් එක ගැන විස්තර ලෝකෙ පුරාම පත්තරවල ගියා. 2002 අමෙරිකාවෙ ‘වෝල් ස්ටී්‍රට් ජර්නල් එකේ’ පිටුවක මෙහෙම තියෙනවා. ලයන් එයාර් වගෙ කුඩා සමාගමක් ටයිගර්ස්ලගෙ තුවාල සනීප කළා කියලයි මේකෙ කියන්නෙ.
ලයන් එයාර් එක අයිති චන්ද්‍රන් රත්නම්ට එයා ටෙක්සාස් ප්‍රාන්තෙ සොනල්ඩ් මැක්සිමීඩ් කියල කෙනෙක් එක්ක ඩොලර් 50,000කින් මේක පටන් අරන් තියෙන්නෙ. මේ ලිපියෙ තියෙනව මේ ප්ලයිට් එකට වුණේ මොකද? කියල බලන්න කිසිම කෙනෙක් උනන්දු නොවීම පුදුමයි කියල.
ගුවන් යානයෙ කොටස් නෑ. මළ සිරුරු නෑ. සුන්බුන් නෑ. ශ්‍රී ලංකා ආණ්ඩුවත් මේක රහසක් හැටියට තියා ගන්නව. කොටිත් මේ ගැන නිහඬයි. මානව හිමිකම් සංවිධාන කියනව සෑම පාර්ශ්වයක්ම මේ ගැන දක්වන නිහඬතාව ප්‍රශ්නයක්. මේකෙ තව කරුණක් තියෙනව. මේ ගුවන් යානය නියමිත ට්‍රැක් එකෙන් පිට ෂෝර්ට් කට් අරන් මිනිත්තු 10ක කාලය ඉතිරි කර ගන්නට. ඒක කරන්න එපා කියල රත්නම් ගුවන් නියමුවන්ට අවවාද කර තිබුණා කියල.


අනිත් කාරණය ඔවුන් කියනව එන්ජින් දෙකේ මේ ගුවන් යානය තද බොරළු පොළොවක වුණත් මීටර් 300ත් 500ත් අතර දුරකදී ලෑන්ඩ් කරන්න පුළුවන් කියල. මට හිතෙන්න මේ පයිලට් එහෙම කරන්න වුණත් බැරි කෙනෙක් නෙමෙයි. එයා රත්මලානෙදි වහලවල ගෑහෙන නොගෑවෙන ගාණට ප්ලයිට් එක ගන්නව කියල දුව මා එක්ක කියල තිබුණා.


මේ වෙනකොට මගේ මහත්තය සේරුනුවර ඒ.එස්.පී. හැටියට වැඩ කළේ. එයා සෑම පැත්තකින්ම මේ ගැන හෙව්ව. මළ සිරුරු තුනක් හමුවෙලා ධීවරයො ඒව වළ දැමූ බව පොලිසිය අපට දැනුම් දුන්නා. රෙඩ්කේ‍රාස් එකටවත් දැනුම් නොදී එහෙම කරන්නෙ කොහොමද? ඒ කාලෙ අපේ හමුදාවේ මළ සිරුරු වුණත් රෙඩ්කේ‍රාස් එක හරහා ආපසු එවමින් තිබුණෙ.


අවුරුදු දෙකකට පස්සේ රත්තරන් ආභරණ, ඔරලෝසු, ලියකියවිලි, හැඳුනුම්පත් මන්නාරම මහෙස්ත්‍රාත් හරහා කොළඹට එවා තිබුණා. ධීවරයන් අහුලා බාරදී ඇති භාණ්ඩ වශයෙන් තමයි ඒවා අපට පෙන්නුවේ. ලියකියවිලි ලාච්චුවකින් එළියට ගත්තා වාගෙ අලුත් පිට තිබුණා. යන්තමින්වත් වතුර තැවරුණු බවක් හෝ පිලිස්සුණු බවක් හෝ ඒවයේ දැකගන්න තිබුණෙ නෑ. අපේ දුවට අයිති දෙයක් එතන තිබුණෙත් නෑ. අනික මාළු මරන කෙනෙක් වැල්ලෙ තිබිල මුද්දක් ඇහිලුවාම ඒක කොටින්ට බාරදීල කොටි උසාවියට බාරදුන්න කියල අපි කොහොම පිළිගන්නද?


තවත් වතාවක් ගුවන් යානයේ ‍ෙදාරක් මුහුදේ තිබී ධීවරයන්ට හමුවුණා කියල කොළඹට එව්වා. ඒ ගැන රසපරීක්‍ෂක වාර්තාවෙ තිබුණෙ ඒක පිපිරීමකට සම්බන්ධ ‍ෙදාරක් නොවේය ෆ්‍රිජ් එකකින් ගලවා ඉවත් කළ ‍ෙදාරක් කියල.
සටන් විරාමය ආවම දුවව රඳවගෙන ඉන්නව නම් නිදහස් කර දෙන්න කියල ලියුම් හදාගෙන ප්‍රභාකරන් බැරිනම් තමිල්චෙල්වම් හරි හමුවෙන්න හිතාගෙන වව්නියාවට ගියා. මම දුක්විඳගෙන දවස් ගාණක් වව්නියාවෙ නතර වෙලා හිටිය. ඒත් මට එතැනින් එහාට යන්න අවසර දුන්නෙ නෑ. මගේ ගමන වැළැක්වුවේ එතන බාරව හිටි දයා මාස්ටර්.


‘ඔයාලගෙ ආණ්ඩුවට කියන්න යුද්දෙ නවත්තන්න එතකොට ඔක්කොම හරියයි’ කියල දයා මාස්ටර් මට යන්න දුන්නෙ නෑ. කොටි රඳවගෙන ඉඳල අන්තිමට නිදහස් කළ ආමි, නේවි, එයාර්ෆෝස් හතර දෙනෙක් මා එක්ක වෑන් එකේ අනුරාධපුරේට එනකන් ආවා. ඒ අය මට කිව්වෙ කොටි ෆ්ලයිට් එකක් බාගෙන කියල ඒ අයටත් ආරංචිය ලැබුණ කියලයි.
මම මන්නාරම බිෂොප් රායප්පු ජෝෂප් පියතුමා හමුවුණා. එතුමා කීවෙත් අර දයා මාස්ටර් කියපු කතාවමයි.
‘ඔයාලගෙ ආණ්ඩුවට කියන්න යුද්ධෙ නවත්වන්න එතකොට ඔක්කොම හරියයි’ කිව්වා.


ඊළඟට එක්සත් ජාතීන්ගේ ලේකම් හමුවෙන්න අවසර හදාගෙන මම ජිනීවා නුවරට ගියා. මාසයක් රස්තියාදු වෙලා මට හමුවෙන්න පුළුවන් වුණේ ඔලාරා ඔටුනු මහත්තයා. එයා ළමා සොල්දාදුවන් ගැන හොයන්න ලංකාවට ඇවිත් යාපනෙත් ගිහින් තිබුණා. ඒ ගියේ ලයන් එයාර් එකේ.
අපි විස්තර කියනකොට එයාට දර්ශනීව මතක තිබුණා. මා සමඟ ඔහු කිව්වා ‘මට ඔයාගෙ දුවව හොඳට මතකයි. මම එයා එක්ක ගොඩක් කතා කළා. එයා අපට හොඳට සැලකුවා’ කියලත් කිව්වා. එයාගෙ ලේකම්වරිය ඉන්දියානු කාන්තාවක්. ඇය ඔක්කොම විස්තර ලියාගෙන කිව්වෙ මේක ප්ලේන් ක්‍රෑෂ් එකක් කියලා විශ්වාස කරන්න බෑ. මේක බාගෙනම තමයි. අපි හොයන්නම් කියලා. ඊළඟට මම ලන්ඩන්වලට ගිහින් ඇම්හස්ට් ඉන්ටර්නැෂනල් ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කළා දුවව හොයල දෙන්න කියල.


ආයෙ වතාවක් මේ ගැන තොරතුරක් හොයාගෙන ඉන්දියාවට ගියා. තමිල්නාඩුවෙ වෙලන්කන්නිවල මගේ විස්තර උනන්දුවෙන් ඇහුම්කන් දීපු වගකිවයුතු අය හැමකෙනෙක්ම ටික වෙලාවකින් අතුරුදන් වුණා. ආයෙ දකින්න හිටියෙ නැහැ.


ඒ වෙලාවෙ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, දැන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට යවපු ලියුම්වලට පිළිතුරු ලැබුණෙ නෑ. දැන් තමයි අවුරුදු 14කට පස්සෙ ආයෙත් මේ තොරතුරු ලැබෙන්නෙ. ගුවන් යානය ගොඩට ගත්තොත් ඇත්තටම මොකක්ද වුණේ කියල අපට දැනගත හැකිවේවි. පුපුරලා බිමට වැටුණද, බාගෙන තිබිල මූදට ඇදල දැම්මද, මගීන්ට මොනව වුණාද කියල පිළිතුරු ලැබෙනකම් බලා ඉන්නවා. මම තවමත් විශ්වාස කරන්නේ මගේ දුව දර්ශනී තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලයි.

උදේනි සමන් කුමාර (මව්බිම)
..................................................

For English Readers


When Dharshanie Gunasekera, the chief stewardess of the ill-fated Lion Air AN 24 arrived at Lion Air office at the Ratmalana Airport on September 29, 1998 to bid adieu to her colleagues as she had quit her job, little did she know that her fate and that of the rest of the 59 passengers and crew would take a cruel twist.

"My daughter was not scheduled to fly on that fateful day. She had already resigned and was at the Lion Air office in Ratmalana to say goodbye to her colleagues. However, since the stewardess who was to fly that day was late reporting to work, the chief pilot asked Dharshanie to join the flight telling her they would return within three hours," recalled Ranjini Gunasekera, the grief-stricken mother of Dharshanie who along with her husband and other three children earnestly believes that Dharshanie is still alive.

The fate of Dharshanie and the rest of the crew on board the ill fated flight as well as its 52 passengers including some foreigners still remains an unsolved mystery. For Ranjini and her husband, a retired Police media spokesman, SSP Ranjith Gunasekera, that fateful day 14 years ago still remains a puzzle for many reasons.


"I still cannot fathom why my daughter who had resigned from Lion Air by that time was coaxed to join that ill-fated flight," mused Ranjini. She added that in 1999 some of Dharshanie’s personal belongings including jewellery and letters claimed to have been retrieved from the sea and supposedly handed over to the Mannar Police by local fishermen, had been directed to the Bambalapitiya Police to be identified by the families of the missing persons aboard the flight.

"It was also said that the bodies of those who were on board were buried by local fishermen along the coast of Mannar. In the absence of any concrete evidence, we refuse to believe that our daughter is dead."

Without an overland route to the Jaffna peninsula during the LTTE time, many civilians sought the services of Lion Air which operated regular flights between Palaly and Ratmalana. The ill-fated Lion Air AN 24 with a Russian flight crew of chief pilot, co-pilot, engineer and navigator and three Lankans - Dharshanie Gunasekera (chief stewardess), Chrishan Nelson and K. Vijitha, returned to the news 14 years since plane went missing when an LTTE member, ‘Arun,’ taken into custody by the Terrorist Investigation Department (TID), had under interrogation revealed that the aircraft had crashed into the sea due to a missile attack launched by the LTTE on September 29, 1998 from the Iranathivu Island.

On the request of the TID, the Sri Lanka Navy (SLN) deployed a diving team to locate the wreck. "During this survey, it was found that the wreckage is lying 1.5 nautical miles south of Iranathivu at a depth of approximately 25 feet. The fuselage was shattered into several pieces, including wings and engines. The survey was completed about two months ago and on a judicial directive, video footage of what was found was submitted to the relevant authorities," Commander Kosala Warnakulasuriya, the Navy spokesman told the Sunday Island.

After this initial survey, on a directive of the Ministry of Defence, the SLN planned to salvage the wreck on October 31 using a special team of 25 divers under the guidance of Captain Jayantha Gamage. "Unfortunately, due to bad weather the diving operation had to be called off. However, we plan to resume this salvage operation shortly, when the weather conditions improve," Warnakulasuriya said.

Parts of the wreck will be surfaced with the help of an inflatable balloon system and will be secured onboard a landing craft fitted with a deck-mounted crane. The operation will be completed in the presence of the legal and TID observers, the spokesman said. He expected the job to be done in about two days no sooner the weather permitted.

According to the police sources, once the salvage is done, the wreck will be sent to the Government Analyst’s Department for forensic investigation including DNA testing.

‘Please help me find Dharshanie’

I, Ranjanie Gunasekera, mother of Dharshanie Gunasekera, who was the chief stewardess of Lion Air Flight No. AN24, desperately need your help to find my dearly loved daughter. She was working on this flight on the 29th September 1998m which disappeared en route from Palali to Ratmalana Sri Lanka.

I hope that someone within the forces personnel, police personnel and the general public will have any information regarding her whereabouts or about the disappearance of this Lion Air aircraft. The trauma, pain and suffering we have gone through without knowing where she is or what happened to her over the past 14 long years is not something I would wish upon any other human being. If you know anything!!! Please contact me on the following telephone numbers +94 0776909494 or +94 -777745486 or Email: [email protected].

Randima Attygalle (The Island)

..................................................
 
  • Like
Reactions: malkavi

Memorex

Member
Nov 27, 2012
5
2
0
reputation_neg.gif
What happened to... 11-27-2012 11:53 PM -5
Are you crazy-seems you are having some mental illness ,better if you can channel a good psychiatrist,I don't care about reps man,keep it mind I am not new to this elakiri,however today I came here to Just share this heart breaking message with you all.

bye
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යුද්ධ කාලේ වුන ගොඩක් දේවල් ඇත්තටම සාමන්‍ය ජනතාවගෙන් වසන් කරා... පව් අසරණ අම්ම කෙනෙක්ගේ අහිංසක බලාපොරොත්තුව... ඒත් මොනවා වුනත් මම හිතන්නේ නෑ මේ ගෑනු ලමයා තාම ජීවතුන් අතර ඇති කියලා... :(
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Godak dukai oct 31 bad whether eka nisa wade kal gihin.e plane eke gipu anith ayage relations latath puduma dukak danenawa athi,TFS