Forex වෙළදපොල භාවිතා කරන සියලුමදෙනා දෑස් දල්වාගෙන බල සිටින විශේෂ පුවත් කිහිපයක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේදී නිකුත් වීමට නියමිතව තිබේ.
ඇමෙරිකානු ෆෙඩරල් මහ බැංකුව පාලක මණ්ඩලයේ (FOMC) සභාපතිනිය වන ජැනට් යෙලන් ආර්ථික දර්ශක වල පෙන්වා තිබූ වර්ධනයන් හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදුවීමට ඉඩ ඇති බවත් පසුගිය ජුනි මස සදහන් කලාය.
බොහෝ ආර්ථික හා මුල්‍ය විශ්ලේෂකයෝ එක්සත් ජනපද මහ බැංකුව අවසානයේ, දශකයකට ආසන්න කාලයකින් පසුව පළමු වරට පොලී අනුපාත ඉහල ගමන් කරනු ඇති බව සඳහන් කරන අතර Wall Street ජර්නලය මගින් සිදු කල සමීක්ෂණයකින් ආර්ථික විද්යාඥයන්ගෙන් සියයට අනූ හතක් පොලී අනුපාත වැඩිකිරීමක් සිදු වේවි යැයි ද විශ්වාස කරනවා.
මෙය මෙසේ සිදුවුවහොත් ආර්ථික ලෝකයේ විශාල පෙරලියක් සිදු වන බව ප්‍රත්‍යක්ෂ වන කරුණකි. මෙම නිකුත් වීමට ඇති පොලී අනුපාත වල වෙනස් වීම forex වෙළදපොල භාවිතා කරන්නන් මෙන්ම අනෙකුත් මුල්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කරුණක් වනු ඇති. ශ්‍රී ලංකාවට මෙය විශාල බලපෑමක් සිදු නොකලත් ඇමෙරිකානු ආර්ථිකයට මෙය විශාල වශයෙන් බලපෑමක් එල්ල වනු නොඅනුමානයි.
ඇමෙරිකාවේ අඩු පොළී අනුපාතයක් පවත්වාගෙන යෑම 2007 වර්ෂයේ සිටම ඇමෙරිකානු ෆෙඩරල් මහ බැංකුව ප්‍රතිපත්තියක් ලෙස සලකා කටයුතු කර තිබේ. ඒ පිලිබඳ සටහනක් පහත දැක්වේ. නමුත් මෙවර පොළී අනුපාත වැඩි වීමක් සිදුවුවහොත් පොයින්ට් 25කින් පමණ පොළී අනුපාත ඉහල යනු ඇති අතර එය කලින් පවතී 0 සිට 0.25 දක්වා වූ පොළී අනුපාත පරාසය 0.25 සිට 0.50 දක්වා වූ පරාසයකට ගමන් කළ යුතුය.
ඇත්තටම මෙයින් අදහස් කරන්නේ කුමක්ද? ෆෙඩරල් අරමුදල් අනුපාතය යනු බැංකු අතර මුදල් හුවමාරු කිරීමේදී හෝ ණය ලබා ගැනීමේදී අය කරගන්නා පොළී අනුපාතයක් වේ. මෙම අනුපාතයන් වලට සෘජුව වෙනසක් සිදු කිරීමට ෆෙඩරල් මහ බැංකුවට හැකියාවක් නොමැති නිසා ඔවුන් ඒ වෙනුවට පොළී පරාසයක් භාවිත කරයි. පොළී අනුපාත අවශ්‍ය සීමා වල පවත්වාගෙන යාමට ඔවුන් ඔවුන්ගේ මුල්‍ය පද්ධතියෙන් මුදල් ඉවත් කිරීම හෝ සංසරණය වන මුදල් ප්‍රමාණයන් වැඩි කිරීම සිදු කරයි. දැනට පවතින පොළී අනුපාත වැඩි වුවහොත් ණය ලබාගැනීමේදී ගෙවිය යුතු පොළිය වැඩි වනු ඇති අතරම ඊට සාපේක්ෂව ඉතිරි කිරීම් වලට ලැබෙන පොළියද එලෙසින්ම වැඩි වනු ඇත.
දැනට පවතින තත්වය අනුව මෙසේ පොළී අනුපාත වෙනස් වීම අද දින යම් වැඩි වීමක් එනම් 0.25% අගය ඉහල යාමක් සිදුවුවහොත් ඩොලරය අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වනු ඇත. එවිට EUR/USD මුදල් ඒකකයෙහි මිල දැනට පවතින අගයට වඩා පහල අගයක් කරා ගමන් කරනු ඇත. යම් හෙයකින් පොලී අනුපාතික වෙනස් වීමක් සිදු නොවුවහොත් අපේක්ෂා බිද වැටීම මත ඇමෙරිකානු ඩොලරය අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව දුර්වල වනු ඇත. එනම් EUR/USD හි අගය දැනට පවතින අගයට වඩා ඉහල අගයක් කරා ගමන් කරනු ඇත. අනෙකුත් මුදල් ඒකක යුගලයන්ගේද මීට සාපේක්ෂව මිල වෙනස් වනු ඇත.
Forex වෙළදපොලට ආධුනිකයන් මෙම අවස්ථාවල දී හැකි තාක් වෙළදපොලෙන් බැහැරව සිටීම නුවණට හුරු බවත් මෙවැනි විශේෂ පුවත් ඇති අවස්ථාවල ගණුදෙනු සිදුකිරීම ඉතාමත් ප්‍රවේශමෙන් සිදුකළ යුතු බවද විශේෂයෙන් ම කිව යුතුය.
© 2015. Forex-Guru.com
www.forex-guru.com
Last edited: