
IMAX කියන්නේ Brand එකක්. මේකට තියෙන්නේ එයාලගෙම IMAX SCREEN (ඉතාමත් විශාල) එකක්. IMAX 12 Channel Surround System එකයි (13.1-channel DTS X immersive sound technology) හා සමාන ඊට වඩා වෙනස් පැහැදිලි ශබ්දයක් IMAX Sound Technology එක යටතේ නිෂ්පාදනය වන High Quality එකක්.තව IMAX Comfortable LUXE SEAT SET (Steep stadium seating )එකක් එන සුපිරිම තියටර් එකක්. IMAX Sound technology එකට ගොඩාක් දුරට JBL Speakers තමා දාන්නේ මම දන්න තරමින්. JBL WOOFER එක්ක හොඳ Deep Bass එකක් ගන්න පුලුවන් නිසා.මේ තියටර් එකේ සියළුම දේවල් IMAX නාමය යටතේ නිෂ්පාදිත ඒවා (Projectors පවා) IMAX තනිකරම Brand එකක් කිව්වොත් හරි.
ප්‍රධානම දේ අපි දන්න විදියට කිව්වොත් 1.43:1 or 1.90:1 Aspect Ratio Screen එකක් (උදාහරණයක් විදිහට අපේ ඇහැට 16:9 Full aspect ratio resolution එකකට සමානකමක් තියන) තමා IMAX Hall වල තියෙන්නේ 2k or 4k හරි එතනින් එහා 8k හරි. සරලවම අපි උදාහරණයක් විදියට ගත්තොත් The Jungle Book 3D / The Lion King 3D වගේ Movies ආවේ 1.78:1 (16:9 Full aspect ratio resolution) එකක් එක්ක.තේරෙණ භාෂාවෙන් කිව්වොත් ඒක SCOPE හෝ KCC MULTIPLEX/SAVOY/LITE CINEMAS හෝ වේවා මොන හොල් එකේ බැලුවත් Screen එකේ දෙපැත්තෙන් පොඩි ඉඩක් ඉතුරු වෙනවා. ඒකට හේතුව Standard Cinemas වල ගොඩාක් දුරට එන්නේ 2.4:1 Screen එකක්. (film එක හරි විදිහට Screen එකට Fit කරලා පෙන්වන්න නම් 1.78:1 (16:9) දෙන්නම ඕන.) එහෙම නැතුව SCREEN FIT කලොත් ෆිල්ම් එකේ උඩින් හරි යටින් හරි අඩුයි.Frames නෑ. IMAX එකේදි 16:9 Ratio වලට සමානවම ආයිත් ෆිල්ම් එක එනවා IMAX VERSION කියලා. සාමාන්‍ය Film එකේ Frame Rate එකෙන් එහා. STANDARD IMAX Theaters වගේම IMAX DOMES Theaters කියලා දෙකක් තියනවා.දෙකේම 3D බලන්න පුලුවන්. එතකොට STANDARD IMAX තියටර් එකක ඉතා විශාල IMAX SCREEN තමා තියෙන්නේ. ආසන්න වශයෙන් උස අඩි 52ත් පළල අඩි 72 වගේ. ලොකුම Screen එකක අඩි 98 /140/144 වගේ උසක් තියෙන්නේ මන් දන්න තරමින්.හිතන්නකෝ සාමාන්‍ය Film Hall එකකට වඩා බොහෝ ගුණයක් විශාලයි.ගොඩාක් දුරට IMAX dual 4K projectors තමා මේ තියටර් වලට එන්නේ.



තව IMAX DOMES තියටර් එක.හෝල් එකෙන් භාගයක්ම වැහිලා තියෙන්නේ හරියට අර්ධ ගෝලාකාරා හැඩයකට නිර්මාණය කරලා තමයි එයාලා කියන්නේ.හෝල් එක Screen එකෙන් වැහිලා වගේ. අපි අහස දිහා බලන් ඉන්නවා වගේ.හිතාගන්න බෑ.ෆිල්ම් එකෙන් පිට ලෝකයක් නෑ.මොකද Film බලනකොට අපිට පිට කිසිම දෙයක් පේන්නේ නෑ.අපි Screen එක යට ඉන්නවා වගේ හැඟීමක් එන්නේ. ඒකනම් බලන්නම වෙනවා මාත් දැකලා තියනවා විතරයි. IMAX Single laser projector එකක් තමා මේකට එන්නේ.
එතකොට 3D Movie එකක් බලනකොට ෆට්ටම Feeling එකක් එන්නේ 1.43:1 or 1.90:1 (16.9 සමානකමක් ඇති) big Screen එකක් නිසා. හැබැයි 16:9 aspect ratio එකෙන් Standard Cinema එකක මොන ෆිල්ම් එක බැලුවත් එහෙමයි.3D Effects වල කිසිම වෙනසක් නෑ. නමුත් IMAX වල ඒක අපිට දැනෙනවා වැඩී Sharp Big Screen එකක් නිසා. 3D Effects Same තමා.වෙනසක් නෑ STANDARD CINEMA වුනත් IMAX වුනත්.(නොතේරෙණ කෙනෙක්ට උදාහරණයක් විදියට FHD 32 inch Tv එකක බලලා 4K 75 inch Tv එකකට මාරු උනා වගේ. මොකද Tv එකේ අපිට එන්නේ 16.9 නිසා.අපි TV එකෙන් ෆිල්ම් එකක් බලනකොට පුළුල් තිර කියන්නේ මන් අර කියපු Standard Cinema resolution එක).
ඒවගේම සිනමාවට කැමැති අය ඉන්නවනම් මන් දාපු සිනමාවේ ආරක්ෂාව - ෆිල්ම් එකක් තියෙටර් එකක පෙන්වද්දි ඒ ෆිල්ම් එකේ ආරක්ෂාව සහතික කරන ආකාරය සහ තියෙටර් එකකට ගිහින් ටිකට් එකක් අරන් ෆිල්ම් එකක් බැලුවට සිනමා ප්‍රොජෙක්ටර්ස් වල ප්‍රොසෙස් එක threads 2 ත් බලන්න කියලා කියනවා.







"THIS IS A COPIED POST AND ALL CREDIT BELONGS TO THE RESPECTIVE OWNER"