What Is Torrent...

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ටොරන්ට්

    Transmission_torrent


    ටොරන්ට් කියන්නෙ මොකද්ද?

    ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි..

    අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් චිත්‍රපටයක් බාගත කරගන්නා ආකාරය.. (මෙහිදි බයිස්කෝප් සිංහලෙන් අඩවිය මගින් පහදාදීම සිදු කළත් ඔබට ඕනම වෙබ් අඩවියකින් මෙසේ ටොරන්ට් බාගත කල හැක..)

    1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක්

    තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ..utorrent

    1. Utorrent
    2. Bittorrent
    3. BitComet
    4. BitTorrent
    5. Yet ABC

    මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි.. :D

    2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..

    3..දැන් ඔබට ඕන කරන චිත්‍රපටය තෝරාගන්න..
    4..චිත්‍රපටය බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න..
    5..දැන් ඔබ යොමුවූ වෙබ් අඩවියේ ඇති ටොරන්ට් ෆයිල් එකක් බාගැනීමට ලින්ක් එකක්..එමගින් ටොරන්ට් ෆයිල් එක බාගන්න ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..
    6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය..
    7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්‍රපටය සේව් කරන්න ඕන කියල..
    දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්‍රපටය බාගතවෙයි.. :)
    ටොරන්ට් වල තාක්ශණික පැත්ත..

    * ටොරන්ට් ෆයිල් එකක් යනු!

    ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්..

    * ටොරන්ට් Client එකක් යනු!

    ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්..

    * ටොරන්ට් Tracker එකක් යනු!

    මේ ක සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

    * ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

    ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ චිත්‍රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය..

    දැන් බලමු ප්‍රසිද්දම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල..
    මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ..

    ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වේනත් කෙනෙක් හරහා…චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.. :)

    source: http://www.baiscopelk.com/?page_id=1012
     
    • Like
    Reactions: gudaya and DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වටිනාකියන ෙදයක් අපිත් එක්ක ෙබදාගත්තට ෙබාෙහාම ස්තූතියි යාලුවා...:)
    REP +
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: thusi02

    guraz

    Member
    Dec 27, 2010
    213
    10
    0
    ado sirawata ban fata ban..api karanne bala iwara una gaman tornt eka delete karana eka ban..adin passe seeds denna one..nathanm maha katha wade...nice work..