ගිලෙන නැවක් ලෙස දුටු පාසලේ නම වෙනස් කරන්න හේතුව පැහැදිළි කරයි.
කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නම වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සුදානම් වන බවට මේ වනවිට කතාබහක් ඇති ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති අශෝක ගුණවර්ධන පවසන්නේ පාසල් සංවර්ධන සමිතිය මගින් මෙම තීරණය ගත් බවයි.
එයට ප්‍රධාන අමාත්‍යවරයාගේ හෝ ආදී ශිෂ්‍ය සංගමයේ සම්බන්ධයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පාසල් සංවර්ධන සමිතිය මගින් මෙම තීරණය ගැනීමෙන් අනතුරුව විදුහල්පතිවරයා ආදී ශිෂ්‍ය සංගමයේ රැස්වීමක දී එම යෝජනාව ඉදිරිපත් කළ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස සේවය කරමින් සිටියදී පරිහානියට පත්වෙමින් තිබූ මෙම පාසල තමන්ට බලයක් ලැබුණු ඕනෑම මොහොතක සංවර්ධනය කරන බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පොරොන්දුවී සිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ළමුන් 3000ක් පමණ සිටි මෙම පාසලේ දැනට සිටින්නේ ළමුන් එකසිය ගණනක් පමණක් බව පෙන්වා දෙන ඔහු වැසීයාමට තිබූ මෙම පාසල රැක ගත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය බවද අවදාරණය කළා.
රාහුල විදුහල යන නම ඇසු පමණින් ගුරුවරු සේවයට නොපැමිණෙන අතර ගිලෙන නැවක් ලෙස ඇතැමුන් මෙම විදුහල දුටු අතර පාසල නවීකරණය කර නම වෙනස් කළ හොත් තත්ත්වය වෙනස් වනු ඇති බවට දෙමාපියන්ගේ අදහසක් තිබු බවයි ඔහු කියා සිටියේ.
පාසලේ උප විදුහල්පතිවරයා දෙමාපියන් සමග පැවති රැස්වීමකදී ඉසුර යනු සෞභාග්‍ය බවද එය පුද්ගලික නමක් නොවන බවද සඳහන් කර ඇති අතර එම රැස්වීමෙන් පසුව ඔවුන් එක්ව කලාප කාර්යාලයට එය දන්වා ඇති බවද රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.
නම වෙනස් කිරීම සඳහා පාසල් සංවර්ධන සමිතියට ඉදිරිපත් වූ යෝජනාව ද ඒකමතිකව සම්මතවී තිබෙනවා.
මෙහි පිහිනුම් තටාකයේ නම ශ්‍රී රාහුල ලෙසින් නම් කරන බවද ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.
දේශපාලන කුහකත්වයෙන් යුතු පුද්ගලයන් මෙම විදුහලේ සංවර්ධනය නවත්වා දැමීමේ අරමුණෙන් ප්‍රධාන අමාත්‍යවරයා තමන්ගේ නම පාසලට දමා ගැනීමට සුදානම් වන බවට චෝදනා කරන බවයි රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
http://nethnews.lk/article/64780
.....


