නොමිලේ කාර්යක්ෂම සන්නිවේදන සේවා සපයන ලොව ප්‍රමුඛතම ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තවත් ප්‍රධාන පෙළේ සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන WhatsApp රහස්‍යතා ප්‍රතිපත්තියේ නව සංස්කරණය පිළිබඳ සිය බලවත් විරෝධය පළ කර සිටිනවා.
මීට ඉහතදී WhatsApp පරිශීලකයින්ට තම WhatsApp අංකය Facebook සමඟ හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිමේ හිමිකම ලැබී තිබුණ ද, ඉදිරියේදී එය Facebook සමඟ හුවමාරු කරගැනීම අනිවාර්ය වී තිබෙනවා.
සියලු WhatsApp පරිශීලකයින් දින 30ක් ඇතුළත මෙම කොන්දේසියට එකඟ විය යුතු අතර, එසේ නොවන විට ඔවුන්ට තම WhatsApp ගිණුම භාවිත කිරීමට නොහැකි වනු ඇති.
මෙම තත්ත්වය තුළ WhatsApp පරිශීලකයින් මුහුණ දෙන අවදානම් තත්ත්වය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට, WhatsApp සම-නිර්මාතෘ බ්‍රයන් ඇක්ෂන් 2018 වසරේදී පාර්මි ඔල්සන් සමඟ ෆෝබ්ස් වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පිළිබඳව අවධානය යොමු කරමු.
ඔහු එහිදී තමන් WhatsApp වෙතින් සමුගැනීමේ හේතුවත්, ෆේස්බුක් පරිශීලකයින්ට තම Facebook ගිණුම මකා දමන ලෙසට තමා Twitter හරහා ප්‍රකාශ කිරීමේ හේතුවත් පැහැදිලි කරයි. “විශාල ආර්ථිකමය ප්‍රතිලාභයක් වෙනුවෙන් මම මගේ ග්‍රාහකයන්ගේ (WhatsApp) රහස්‍යතාව විකුණා දැමුවා. ඒ තීරණය නිසා අද බොහෝ දෙනෙකු දුෂ්කරතාවයට පත් වී සිටිනවා. ගත වෙන හැම දවසක දීම ඒ ගැන මා පසුතැවෙනවා”, ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මෙසේ තම රහස්‍යතා ප්‍රතිපත්තියේ නවතම සංස්කරණය තුළින් Facebook තුළට මුළුමනින්ම අන්තර්ග්‍රහණය වීමට වට්ස්ඇප් ක්‍රියාකර තිබෙනවා.
මෙසේ WhatsApp සහ Facebook පරිශීලකයින්ගේ දත්ත එකම ස්ථානයකට ගොනු වීමත් සමඟ, ඒවා පෙරට වඩා වැඩි වශයෙන් මූල්‍යමය ප්‍රතිලාභ වෙනුවෙන් භාවිත කිරිමේ හැකියාව විවර වනවා. සන්නිවේදන කටයුතුවලදී තම රහස්‍යභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන පුද්ගලයින් මේ පිළිබඳ දැඩි සැළකිල්ලක් දැක්විය යුතුව පවතිනවා.
පසුගිය ජනවාරි 4 වැනිදා දක්වා WhatsApp පරිශීලක එකඟතා ලේඛනයේ මෙසේ සඳහන්ව තිබුණා.
“ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීම අපි ප්‍රමුඛතාවයෙහි ලා සළකන්නෙමු. අපි වට්ස්ඇප් ආරම්භ කළ අවස්ථාවේ පටන් ම රහස්‍යතාව පිළිබඳ දැඩි ප්‍රතිපත්ති පෙළක් මත අපගේ සේවාවන් පිරිනමන්නෙමු”.
“කෙසේ වුව ද, ඔබගේ වට්ස්ඇප් පණිවුඩ අන් අයට දර්ශනය වීම සඳහා ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමක් සිදු නොවේ. අපගේ මෙහෙයුම් සහ සේවාවන් පිරිනැමීමේ කාර්යය සඳහා සහාය වීම හැරුණු විට, සෙසු කිසිම අරමුණක් උදෙසා ෆේස්බුක් ඔබගේ වට්ස්ඇප් පණිවුඩ භාවිත නොකරනු ඇත”.
මේ වනවිට ඉහත කී ප්‍රකාශ දෙක ම රහස්‍යතා ප්‍රතිපත්තියෙන් ඉවත් කර දමා තිබෙනවා.
මෙසේ WhatsApp තම පරිශීලකයින්ගේ රහස්‍යතාව අවදානමේ හෙළන අවස්ථාවක, පරිශීලකයින්ගේ දත්ත සුරක්ෂිත කිරීම සඳහාViber සතු ප්‍රධාන විශේෂාංග කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැක.
ඒවා නම්,
● නොමිලේ ලබාගන්නා පෞද්ගලික ඇමතුම් හා කෙටි පණිවුඩ යැවීමේදී කිසිදු විශේෂ සැකසුමකින් තොරව අදාළ පරිශීලකයින් දෙදෙනා අතර පමණක් දත්ත හුවමාරු වන බව (End-to-end encryption by default) සහතික කෙරේ. වඩාත් සරලව හා පැහැදිලිව පැවසුවහොත් කිසිවෙකුට හෝ (වයිබර් ආයතනයට පවා) ඔබේ ඇමතුම් හා කෙටි පණිවුඩ වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නැත.
● එමෙන්ම වයිබර් හරහා යවන කෙටි පණිවුඩ, වයිබර් හෝ වෙනත් ක්ලවුඩ් අවකාශයක් තුළ ගබඩා කිරීමක් සිදු නොවේ. එසේ වයිබර් හරහා හුවමාරු කරගන්නා කෙටි පණිවුඩ ක්ලවුඩ්හි ගබඩා කිරීමට පරිශීලකයින්ට අවශ්‍ය නම්, ඔවුන්ට අවශ්‍ය පරිදි එය සිදුකළ හැකි නමුත් වයිබර් තම පරිශීලකයින්ගේ කෙටි පණිවුඩ හෝ ඇමතුම් කිසිදු අයුරකින් ගබඩා කරගැනීමක් සිදු නොකරයි.
● වයිබර් හඳුන්වා දෙන උසස් ම තලයේ දුරකථන තිරයේ රහස්‍යතාව (Screen Privacy) මගින් අදාළ චැට් එක තුළදී ස්වයංක්‍රීයව මැකී යන කෙටි පණිවුඩ සේවාවක් මෙන් ම, රහස් කේතයක් හරහා පමණක් විවෘත කළ හැකි චැට් සංවාද පවත්වාගැනීමේ අවස්ථාව ද සලසා දෙයි.
● වයිබර්හිදී හුවමාරු වන දත්ත කිසිවක් ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ. ෆේස්බුක් සමඟ ඇති තම සියලු ම ව්‍යාපාර සබඳතා නවත්වා දැමීමට වයිබර් පියවර ගෙන තිබේ. එම නිසා පරිශීලකයින්ගේ කිසිදු තොරතුරක් (දුරකථන අංකය හා පෞද්ගලික දත්ත) කිසිදු හේතුවක් මත ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ.
WhatsApp තම රහස්‍යතා ප්‍රතිපත්තියට අලුතින් හඳුන්වා දී ඇති සංස්කරණය නිසා රහස්‍යතාව විසුළුවට ලක්වෙනවා. මේ හරහා තම පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව WhatsApp නොසළකා හැර ඇති ආකාරය හොඳින් පැහැදිලි යි. ඒ වගේම ඔවුන් තම පරිශීලකයින්ට කර ඇත්තේ විශාල අගෞරවයක්. ඉදිරියේදීත් ඔවුන් ඒ අයුරින් ම කටයුතු කරන බව පැහැදිලියි. මෙම පසුබිම මත අන් කවරදාටත් වඩා Viber රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව මම ආඩම්බර වෙනවා. එම නිසා උපරිම ලන්සුවට අලෙවි වෙන දත්ත බවට පත්වීමට අකමැති සියලු දෙනා ම අපි වයිබර් වෙත සෙනෙහසින් පිළිගන්නවා”, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පවසනවා.