Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    චීන්නු හොඳයි චීප් ලේබර් ගන්න. එච්චර තමයි. 🤣🤣🤣
    චීප් ලේබර් විතරක් දීලා අපිට පව් නොදී ඉන්න තිබුණනේ පුලුවන් එකෙක්ට ෆෝන් හදාගන්න දීලා. 🫢🫢

    උබත් චීනෙන් ගෙවල තියාගන්න අනාතයෙක්ද අර පුකමුරා වගේ? 😂😂
    එහෙම නෑ. හැබැයි වෙන දෙයක් මට පේනවා. :ROFLMAO:

    චීනෙ හැදුව කියල ඩිසයින්ස් උන්ගෙ නෙවෙයි.
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    this should be some sort of a spyware.reset the phone or sniff the traffic (from the device) and see what servers the device is accessing.this can very well be a spyware since android is no longer supported in huawei devices.there are plenty of old android vulnerabilities for spywares to build on.

    @chami2015 :giggle: :lol:





    @chami2015 එහෙම අවශ්‍යතාවක් නැහැ ඔය සෙල්ලම් ටික දාන්න. දුරකථනයේ තිරයටත් ප්‍රවේශය ඇතිව සරලව තමන් ළඟ තියන දුරකථනයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කරන දේවල් වලට වඩා වැඩි යමක් සහ වැඩි ප්‍රයෝජනයක් දුරස්ථව පාලනය කරන කෙනාට ලබන්න පුළුවන් ඉතිං. මං ගාව අධ්‍යනයට හුවමාරු කරගත්ත ඔය මෘදුකාංග කිහිපයක්ම තියනවා.

    රූට් නොකර ඒවා සැඟවෙන හා අයින් කරන්න (අන්ඉන්ස්ටෝල්) බැරිවෙන විදිහට දාන්න පුළුවන්. ඒ වගේම හැමවෙලාවෙම ක්‍රියාත්මකව තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඊට අමතරව සමහර පේන්නම තියන ගොඩක් අවසර (පර්මිෂන්) ඕන පද්ධති යෙදුම් (සිස්ටම් ඇප්) වුනත් ඇත්තම ඒවා නොවෙන්න පුළුවන් (උදා: ගූගල් ප්ලේ ස්ටෝර් යෙදුම, ඒවා අනිවාර්යෙන් වෙනදා වගේම හොඳට වැඩ කරනවා)
    කඩේට දුන්නු නිසා ඒ පුද්ගලයාට රූට් කරලා ඕන දෙයක් දාලා අන්රූට් කරන්නත් පුළුවන්. ඔය පහසුකම් අඩංගු කරලා, එහෙම නැතිනම් සරලව අදාළ යෙදුමක් හෝ දෙකක් දාලා හදපු ස්ටොක් රොම් (දුරකථනයට එන නියම එක) එකක් ෆ්ලෑෂ් කරන්නත් පුළුවන්. එක්ස්ප්ලොයිට් හෝ හාඩ්වෙයාර් මට්ටමින් වැළලෙන්න හදන එවුන් නම් කඩවල නැතිව ඇති. :lol:

    මේ දෙවල් කරලා බලන්න:

    සමහරවිට ඒ පුද්ගලයා වට්ස්ඇප් සේවාවේ අපටත් හිතාගන්න පුළුවන් දුර්වලතාවයකින් ප්‍රයෝජන ගන්නවා වෙන්නත් පුළුවන්.
    නමුත්, දාගෙන තියන දුරකථන අංක පිටපත් කරලා, අනෙක් දත්ත ඔක්කොමත් එක්ක SD කාඩ් එකකට දාලා ඒ ගෑණු ළමයාට දෙන්න. @Hyaenidae කීව්වා වගේ හාඩ් රිසෙට් කරලා; අළුතින් වට්ස්ඇප් දාලා බලන්න. නියම ස්ටොක් රොම්/ෆර්ම්වෙයාර් ද තියෙන්නේ බලන්න. (වයිරස්ගාඩ් නම් තේරුමක් නැහැ)
    (මම වට්ස්ඇප් පාවිච්චි කරලා නැහැ. වට්ස්ඇප් යෙදුමේ මුරපද වෙනස් කරන්න පුළුවන් නම් කරන්න)

    ටෙක් පොරක් කිව්ව නිසා :giggle:, විෂයට ආසයි නම්, මුලින්ම ටික දවසක් දුරකථනය වයිෆයි වලට සම්බන්ධ කරලා, සම්බන්ධතා නිරීක්‍ෂණය කරලා බලන්න. ඒවා බලන්න මේ වගේ මෘදුකාංග සාමාන්‍ය දැනුමකින් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය traffic සහ DNS traffic දෙකම නිරීක්‍ෂණය කරන්න ඕන.
    https://www.ntop.org/products/traffic-analysis/ntop/ (High-Speed Traffic Analysis and Flow Collection)
    https://www.ntop.org/products/deep-packet-inspection/ndpi/ https://www.ntop.org/products/packet-capture/pf_ring/
    https://pi-hole.net/ (Normal DNS server)

    සමහර යෙදුම්වල (ඇප්) සැකසුම් වලට අනුව වයි-ෆයි වලට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා සිම් එක හරහා යන සම්බන්ධතා නිරීක්‍ෂණය කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට තව පොඩ්ඩක් විෂය දැනුම ඕන.

    හොඳ විෂය දැනුමක් තියනවා නම්, ඇප් ඔක්කෝම නියම ඒවා ද බලන්න. ඊළඟට මෙහෙයුම් පද්ධතියේ සහ යෙදුම්වල (ඇප්) හැසිරීම විශ්ලේෂණය කරලා බලන්න.

    එහෙම දේවල් අහුවුනත් නැතත්, ඔයාට ඔය දුරකථනයේ නියම ස්ටොක් රොම් එක හොයාගෙන ෆ්ලෑෂ් කරන්න පුළුවන්. නැතිනම්, ඔය වර්ගයට පෝර්ට් කරපු හෝ පෝර්ට් කරලා රොම් එකක් ෆ්ලෑෂ් කරන්නත් පුළුවන්.
    ඕනනම්, සිම් දෙකම නැතිවුනා කියලා ඒ අංකම මොබිටෙල් එකෙන් එයාට ගන්න කියන්න. ඔයා සැක කරන එක් දෙයකට විසඳුමක් වේවි. අන්තිමට ඉතිං තියෙන වට්ස්ඇප් ගිණුම මකලා, අළුතින් එකක් ඒ අංකයට හදන්න බලන්න.

    ඔන්න හැමදෙයක්ම කියලා තියෙන්නේ. කලින් කරලා නැත්නම් ලොකු වැඩ කරන්න ගිහින් අනාගන්නේ නැතිව පොඩි වැඩ කරලා බලන්න. :lol: උදව්වක් ඕන නම් අහන්න. :giggle:
    I agree with you on this one.but......
    එහෙම නෑ. හැබැයි වෙන දෙයක් මට පේනවා. :ROFLMAO:
    ...... can you elaborate on this further
    ------ Post added on Jul 12, 2023 at 12:57 PM