Wheel Alignment ගැන දැනගමු

nuwanc1

Active member
  • Mar 21, 2017
    35
    113
    33

    රථයක ධාවනයට Wheel Alignment ඉතාම වැදගත් වේ. රෝද නිවැරදි කෝණයන්ට අනුරූපව එකලස්ව පිහිටිය යුතු අතර එසේ නොපිහිටන්නේ නම් එය නිවැරදි කිරීම නොපමාව සිදුකල යුතු වේ. එමෙන්ම මෙම කෝණයන් නිවැරදි අගයේ නොපැවතියහොත් රථය ධාවනයේදී අනාරක්ෂිත තත්වයට පත්වෙනවා සේම රෝද, අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් වලට, සුක්කානම් පද්ධතියේ (Steering System) කොටස් වලට හානී වීමද සිදුවිය හැක. එබැවින් රථයක ධාවනයට ඉතාම වැදගත් වන්නා වු Wheel Alignment පිලිබදව මෙම ලිපියෙන් සාගච්චා කෙරේ.

    Wheel Alignment පිළිබදව සැලකීමේදී Wheel alignment එකක් සිදුකලයුතු කාලය පිළිබදව සැලකිලිමත් වීමද ඉතාම වැදගත් වේ. බොහෝ නිශ්පාදකයින්ට අනුව 5000Km වරක් Wheel Alignment සැකසීමක් සිදුකලයුතු අතර අලුතින් Tire යොදන අවස්ථාවන්හිදී මෙන්ම අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් හා සුක්කානම් පද්ධතියේ (Steering System) සමහර කොටස් ගලවා නැවත සවිකිරීමෙන් පසුද මෙලෙස wheel alignment සැකසීමක් සිදුකලයුතු වේ.

    Wheel Alignment වලට අදාලව රෝද සැකසුම් කෝණයන් සහ අනිකුත් සැකසුම් අගයන් පිලිබදව මෙහි දක්වා ඇත.
    * Camber Angle
    * Caster Angle
    * Toe
    * King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)
    * Included Angle
    * Caster Trail / Caster Offset
    * Scrub Radius
    * Turning Angle of the Front Wheel / Toe Out on Turns
    * Set Back
    * Thrust Angle
    * Side Slip

    * Camber Angle

    Camber Angle යනුවෙන් අදහස් කරනු ලබන්නේ රෝදය පොළවට ලම්බක රේඛාවට කොපමන ආනතියකින් පිහිටනවාද යන්න වේ. Camber කෝණය පැහදිලිව දැකගත හැක්කේ රථයේ ඉදිරිපසින් රෝද නිරීක්ෂණය කිරීමෙනි. ඉහත රූපයේ පොළවට ලම්බක රේඛාව Vertical Line යනුවෙන් දක්වා ඇති අතර රෝදය ආනතව ඇති දිශාව රතු රේඛාවෙන් දක්වා ඇත. රෝදය ඉහලින් ඇතුලට ආනතියක් සහිතව පිහිටයි නම් එය Negative Camber ලෙසද, රෝදය ඉහලින් පිටතට ආනතියක් සහිතව පිහිටයි නම් එය Positive Camber ලෙසද හදුන්වනු ලබයි. බොහෝ රථවල දැකිය හැක්කේ Positive Camber අගයකි. එනම් රෝදය ඉහලින් පිටතට ආනතව පිහිටා ඇත. මෙලෙස ආනතව පිහිටීම හේතුවෙන් රෝදය Knuckle Arm එක හා හොදින් සම්බන්ධව පවතී. එමනිසා රථයේ ස්ථායි භාවය (Stability) පවත්වා ගැනීමට මෙම Camber Angle එක බෙහෙවින් ඉවහල් වේ. සමහර විශේෂිත වු රථ Negative Camber අගයක් සහිතව ද නිර්මාණය කර ඇත. ඒ තුලින් Rolling Movement එක අඩුකරගැනීමට උත්සහ කර ඇත.
    කෙසේ වෙතත් මෙම Camber අගය නිෂ්පාදකයා දක්වා ඇති අගයට අනුරූපව පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වේ.

    * Caster Angle

    මෙහිදී රථයේ බර රෝද වෙත ක්‍රියාකරනු ලබන අක්ෂය ඉදිරියට ආනතියක් සහිතව නිර්මාණය කර ඇත. එමගින් රථයේ බර මගින් බලයක් ඉදිරියට යොමුකරගෙන ඇත. මෙම හේතුවෙන් රථය පහසුවෙන් ඉදිරියට චලනය කරවාගත හැක. විවිධ වූ රථයන්ගේ විවිධ වූ අවලම්බන පද්ධතීන්ගේ නිර්මාණයන් මත මෙම රේඛාව නිර්මාණය වන්නා වූ ආකාරයන් වෙනස් වුවද සෑම රථයකම Caster කෝණය නිර්මාණය කර ඇත. තේරුම් ගැනීමේ පහසුව සදහා Mc pherson strut ආකාරයේ Suspension System එකක් සහිත රථයක Caster Angle එක පිහිටා ඇති ආකාරය පහතින් දක්වා ඇත.

    රෝදය පොළවට ස්පර්ෂ වන ස්ථානයට වඩා ඉදිරියට මෙම රේඛාව යොමුකර ඇත්නම් එය Positive Caster ලෙස සලකනුලබන අතර රේඛාව පසුපසට යොමුවී ඇත්නම් එය Negative Caster ලෙසද සලකනු ලබයි. වර්තමානයේ බොහෝ රථයන් සදහා Positive Caster යොදාගනු ලබන අතර අතීතයේදී සමහර රථයන් සදහා Negative Caster යොදාගෙන ඇත.
    මෙලෙස Positive Caster Angle එකක් නිර්මාණය කිරීම හේතුවෙන් පහසුවෙන් රෝද ඉදිරියට පෙරලීමට හැකිවනවා සේම රෝද එක එල්ලේ ධාවනය කිරීමේ හැකියාවද, අඩු ආයාසයකින් සුක්කානම හැසිරවීමේ හැකියාව ලැබී ඇත.

    * Toe

    රථයක ඉදිරි රෝද ඉදිරියෙන් සමීපව පිහිටයි නම් එය Toe in ලෙස සලකනු ලබන අතර රෝද ඉදිරියෙන් ඈත්ව පිහිටයි නම් එය Toe out ලෙසද සලකනු ලබයි. ඉහත රූපසටහනින් එය වඩාත් පහැදිලිවේ. රථයක් ධාවනය වීමෙදී රෝද සමාන්තරව පැවතිය යුතුය. නමුත් රථයක් නවතා තබා ඇති අවස්ථාවක එහි රෝද සමාන්තරව පිහිටවනු ලැබුවහොත් එම රථය ධාවනයෙදී Suspension System එක හා සම්බන්ධිතව පවතින රබර් කොටස් හේතුවෙන් එම රථයේ රෝද Toe in හෝ Toe out ආකාරයේ පිහිටීමකට ලක්වේ. මෙලෙස රෝද ඈත්වීම හෝ සමීප වීම තීරණය වනු ලබන්නේ රථයට එලැවුම ලබාදෙන්නේ ඉදිරි රෝදයන්ගෙන්ද, පසුපස රෝදයන්ගෙන්ද යන්න මත සහ Suspension System එකෙහි සැකැස්ම මත වේ. එබැවින් එයට අනුරූපව රෝදයේ සිදුවන වෙනස්වීම වලක්වාගතයුතු වේ. එබැවින් යම් රථයක් ධාවනය වීමෙදී එහි Toe out එකක් නිර්මාණය වීමක් සිදුවන්නේ නම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe in ආකාරයට සැකසීම සිදුකරනුලබයි. එලෙසම රථයක් ධාවනය වීමෙදී එහි Toe in එකක් නිර්මාණය වීමක් සිදුවේනම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe out ආකාරයට සැකසීම සිදුකරනු ලබයි. එබැවින් Toe in හෝToe out අගය නිෂ්පාදකයා ලබදී ඇති අගයේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ.
    එමෙන්ම එක් රෝදයක Toe අගය Individual Toe ලෙසද රෝද දෙකෙහිම අවසාන Toe අගය Total Toe ලෙසද සලකනු ලබයි.


    * King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)

    රියදුරා විසින් සුක්කානම ක්‍රියාත්මක කිරීමේදී රෝදයෙහි හැරවීම සිදුවන්නා වූ අක්ෂය හා පොළවට ලම්භක තලය අතර ඇති කෝණය King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI) නමින් හදුන්වයි. මෙම හැරවුම් අක්ෂය පොළවට ලම්භකව නිර්මාණය නොකරන අතර මෙලෙස යම් ආනතියක් සහිතව පිහි‍ටුවා ඇත. රථය ධාවනය වන අවස්ථාවකදී සුක්කානම හැරවීමෙන් පසු නැවතත් සුක්කානම මුල් පිහි‍ටුමට ස්වයංක්‍රියවම ගෙන ඒම මෙම කෝණය මගින් සිදුකරන ප්‍රධානම කාර්‍යය වේ. එමෙන්ම රථයක පවතින ප්‍රබලම කෝණය මෙය වන අතර එයට හේතුවනම් රථයේ බර මෙම කෝණය වෙත ක්‍රියත්මකවීම වේ. (මෙම කෝණයේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව නිරීක්ෂණය කලහැකි අවස්ථාවක් නම් රථය නතරකොට සුක්කානම එක්දිශාවකට හැරවීමේදී රථයේ ඉදිරිකොටස ක්‍රමානුකූලව ඉහලට එසවෙන ආකාරය දැකගත හැක).

    වැඩිදුර විස්තර සඳහා මෙතන click කරන්න...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මම දන්න තැනක toe in, toe out දුර, දිග එජස් කරන්න පුලුවන් රිටක් රෝද අතරට තියල හදනව.
    Pin Inclination Angle එකත් රෝද අතරට කලින් කියපු රිටම තියල දුර අරගෙන හදනව.
    ඒ රිට ඇරෙන්න වෙන කිසිම උපකරනයක් පාවිච්චි කරන්නෙ නෑ.

    ඒ විදිහට alignment කරන එක සාර්ථකද?
     
    • Like
    Reactions: NRTG

    nuwanc1

    Active member
  • Mar 21, 2017
    35
    113
    33
    මම දන්න තැනක toe in, toe out දුර, දිග එජස් කරන්න පුලුවන් රිටක් රෝද අතරට තියල හදනව.
    Pin Inclination Angle එකත් රෝද අතරට කලින් කියපු රිටම තියල දුර අරගෙන හදනව.
    ඒ රිට ඇරෙන්න වෙන කිසිම උපකරනයක් පාවිච්චි කරන්නෙ නෑ.

    ඒ විදිහට alignment කරන එක සාර්ථකද?
    ඔබ සඳහන් කර ඇත්තේ manually toe අගය adjust කරන ආකාරයයි. එලෙස manual toe gauge එකක් ආධාරයෙන් නිවැරදිව toe අගය සැකසීම සිදුකල හැක. නමුත් King pin Inclination angle එක සාමාන්යෙන් බොහෝ වාහනවල වෙනමම adjust කරන්න බෑ. camber සහ caster කෝණයන් නිවැරදිව adjust කිරීමේදී ඉබේම King pin Inclination angle එකත් නිවැරදිව නිෂ්පාදිත අගයට පැමිණෙනවා. camber සහ caster කෝණයන් manually adjust කිරීම සඳහා camber / caster gauge එකක් යොදා ගැනීමට සිදුවෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔබ සඳහන් කර ඇත්තේ manually toe අගය adjust කරන ආකාරයයි. එලෙස manual toe gauge එකක් ආධාරයෙන් නිවැරදිව toe අගය සැකසීම සිදුකල හැක. නමුත් King pin Inclination angle එක සාමාන්යෙන් බොහෝ වාහනවල වෙනමම adjust කරන්න බෑ. camber සහ caster කෝණයන් නිවැරදිව adjust කිරීමේදී ඉබේම King pin Inclination angle එකත් නිවැරදිව නිෂ්පාදිත අගයට පැමිණෙනවා. camber සහ caster කෝණයන් manually adjust කිරීම සඳහා camber / caster gauge එකක් යොදා ගැනීමට සිදුවෙනවා.
    හොඳට පැහරදිලි කරා. Thank you
     
    • Like
    Reactions: NRTG and D_Mad

    nuwanc1

    Active member
  • Mar 21, 2017
    35
    113
    33
    අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ස්තූතියි.