අද දහවල් බස් රථ දෙකකින් කඩාවැදුණු සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් මාරාන්තික උපවාසයේ නියුතු ස්වාමීන් වහන්සේට ම්ලේච්ඡ ආකාරයෙන් පහරදී උන්වහන්සේලා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇත. සිවිල් ඇඳුමින් සැරසුණු මෙම පිරිස එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ල බාගනිමින් මෙම පැහැරගරනීම සිදු කර ඇත.
අද උදෑසන පටන් මෙම උපවාස භූමිය අවට විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් ස්ථාන ගත කර තිබුණු අතර, හදිසියේම දහවල් මෙම පොලිස් පිරිස උපවාස භූමිය වට කොට ඇත. මේ අවස්ථාවේදී බස් රථ දෙකකින් පැමිණි පිරිසක් මෙම උපවාස භුමියට පැමිණ උපවාසයේ නියුතු හා එම ස්ථානයේ රැස්ව සිටි ස්වාමීන් වහන්සේලාට ම්ලේච්ඡ ලෙස පහරදී ඇත.
පහරදීමෙන් පසු මෙම මැර පිරිස උපවාසයේ නියුතු ස්වාමීන් වහන්සේලා ඔවුන් පැමිණි බස් රථවලට බලහත්කාරයෙන් නන්වාගෙන පිටත්ව ගොස් ඇති අතර, මෙම සිදුවීම වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂාව ලබා දී ඇත. මැර පිරිස ස්වාමීන් වහන්සේලාට පහර දෙන අවස්ථාවේදී හා උන්වහන්සේලා පැහැර ගෙන යන අවස්ථාවේදී පොලිසිය විසින් අවට රැස්ව සිටි කිසිදු පුද්ගලයෙකුට එම ස්ථානයට ළඟාවිය නොහැකි ආකාරයට ආරක්ෂාව ලබා දී ඇත.
උපවාසයේ නියුතුව සිටි ස්වාමීන් වහන්සේලා මැර පිරිස විසින් බලහත්කාරයෙන් ඔවුන් පැමිණි බස් රථවලින් ගෙන ගොස් ඇති අතර, මෙතෙක් එම ස්වාමීන් වහන්සේලා ගෙන ගොස් ඇත්තේ කොහේටදැයි කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
source - http://www.lankatruth.com/sin/index...-20-10&catid=34:2008-10-13-08-28-51&Itemid=27