of course it isFor me, they're still better than the recent reboot.





HD ripda?Suicide Squad 5/10
![]()
similar to BVS same shit over & over again,not worth watching dissapointed
can post a small review if anyone interested

pssi hdaenawa ban mekanam![]()
Review from fb
'Phobia' (2016)
බොලිවුඩ් සිනමාවෙන් මෙතෙක් දුටු අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයක් වගේම මේ වසර තුලදී දකින්නට ලැබෙන හොඳම සිනමා පට වලින් එකක්.... ලොකු Credit එකක් හිමි වෙන්න ඕනි Radhika Apteගේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්. ශක්තිමත් චරිත විස්තරයක් වෙනුවෙන් ඇයව තෝරා ගැන්ම තමයි මම දුටු සාර්ථකම දේ. කෙටි ගමන් මගකින් ඇය බොලිවුඩය දිනා අවසන් නමුත් ඇයට ලැබුනු ඉහළම අවස්ථාවෙන් ඇය උපරිම ප්‍රයෝජන ගෙන තිබුනා..
Phobia හෙවත් සමාජ භීතිකාවකින් පෙළෙන තරුණියක් ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් යොමු කෙරෙන්නේ කබලෙන් ලිපට වැටෙන අවස්ථාවකට. භීතිකාව නිසාම එළිමහනට, මිනිස්සුන්ට ඇති වෙන බිය එක්ක සටන් කරන්නට සිද්ද වෙච්ච ඇයට දැන් මුහුණ පාන්නට වෙන්නේ හොල්මන් අවතාර වලට. ඒ අස්සේ එහා ගෙදර ඉන්නේ මිනී මරුවෙක්. මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන්නියක් නිසා හැමෝටම මේ හැම දෙයක්ම ඇය විසින් සිතින් මවා ගත් බහුබූත. ඇයව තේරුම් ගෙන ඇයව විශ්වාස කරමින් ඇගේ සහයට ඉන්න එකම කෙනා නව යොවුන් වියේ දඟකාර කෙල්ලක් විතරයි. Phobiaවෙන්, අවතාර වලින්, මිනීමරුවගෙන් ඇය කොහොමද ගැලවෙන්නේ?
මෙයාකාරයෙන් කතා පෙළගැස්ම තුලට ඇතුලත් කර තිබුනු, Horror සහ psychological thriller රසයන් උපරිම කුතුහලයකින් යුක්තයි. Predictable ගතියෙන් තොරයි. සිද්ද වෙන දේ දිහා මවිතයෙන් බලා ඉන්නවා ඇරෙන්නට මෙහෙමයි සිද්ද වෙලා තියෙන්නේ කියන පූර්ව නිගමන වලට කිසිම අවස්තාවක් නැහැ. චරිත සුසංයෝගයන් සෑහෙන්න ආකර්ශනීයයි Mehak-Shaan සහ Mehak-Nikki වශයෙන්. රූපමය පෙළහර තීව්ර කරවන්නට ශබ්ධ පරිපාලනයෙන් සහ සංගීතයෙන් ගුණාත්මක මෙහෙවරක් ඉටු කර තිබුනා. Horror රසය පිරී ඉතිරෙන psychological thriller එකක් රසගන්වන්නට අවශ්‍ය සෑම දෙකින්ම 'Phobia' පොහොසත්. මුලිනුත් සඳහන් කළා වගේ Radhika Apte තමයි ප්‍රධානතම දේ....
ඉතින් අනිවාර්යයෙන්ම නරඹන්න කියන පණිවිඩය දැනටමත් විස්තර තුල ඇතුලත්... තාමත් කල්පනා කළේ මේ හා සමාන හොලිවුඩ් චිත්‍රපටයක් නරඹා තිබුනාද කියා.... මතකෙට එන්නේ නම් නෑ හැබැයි....
HD ripda?![]()