Who Repaired the Multiple rocket launchers-Dr AMITH MUNINDRADASA

2osama

Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    පොත බලා මල්ටි බැරල් අලුත්වැඩියා කළ ඉංජිනේරුවා: ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස
    QJUGyAtnZLf6TF4J_Article_Cover.jpg


    2000 වසරේ දී ශ්‍රී ලංකාවට චෙක් ජනරජයේ නිෂ්පාදිත මල්ටි බැරල් රොකට් විදින (මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ) හෙවත් MBRL ගෙන්වන්නේ මෙරට වසර ගණනාවක් පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා යි.

    නමුත් මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ගෙන ආ ගුවන් යානය මෙරටට ගොඩ බැස්සවූ පසු ඒවාගේ විද්‍යුත් පරිපථ විනාශ කර දමා ඇති ආකාරය ආරක්ෂක අංශවලට දකින්න ලැබෙනවා.

    මීට ප්‍රථම පාකිස්ථානයෙන් පැරණි මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ගෙන්වාගෙන තිබුණු නමුත් මෙම කාලය මල්ටි බැරල් අලුත්වැඩියාව පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරුවන්ට හා කාර්මිකයන්ට එතරම් දැනීමක් නැති යුගයක් වුණා. මෙම අවස්ථාවේ දී චෙක් ජනරජයෙන්ම ඉංජිනේරුවන් පැමිණ එය අලුත් වැඩියා කරන තුරු සිටීමට සිදු වුවහොත් ප්‍රහාරක යන්ත්‍රය ත්‍රස්තවාදීන්ට එරෙහිව භාවිතා කිරීමට ප්‍රමාද වෙන බව බුද්ධි අංශ විසින් සඳහන් කරනවා.

    එහිදී මේ සඳහා වහාම ක්‍රියාත්මක වෙන්නේ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස් නම් ඉංජිනේරුවා යි. ඔහු ජීවිතයේ ප්‍රථම වතාවට දුටු මල්ටිබැරල් රොකට් ලෝන්චර්ස් ප්‍රහාරක යන්ත්‍රයේ විද්‍යුත් පරිපථය, ඒවාගේ අත්පොත අධ්‍යයනය කර යථා තත්ත්වයට පත් කිරීමට සමත් වෙනවා.

    රාජකීය විද්‍යාලයෙන් මොරටුව විශ්වවිද්‍යාලයට
    bW6gh8E6qZAWIwN5_01.jpg


    අමිත් මුනින්ද්‍රදාස (ResearchGate)
    1966 වසරේ පානදුර ප්‍රදේශයේ උපත ලබන අමිත් මුනින්ද්‍රදාස සිය ප්‍රාථමික අධ්‍යාපනය නිම කරන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුල් වෙන අමිත් මුනින්ද්‍රදාස අ.පො.ස උසස් පෙළ භෞතීය විෂයය ධාරාවෙන් සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨය වෙත ඇතුලත් වෙනවා.

    එහිදී ඔහු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන අතර වසර හතරක ඇවෑමෙන් ප්‍රථම පන්තියේ උපාධියක් සමග තම පළමු උපාධිය (B.Sc Eng) සම්පූර්ණ කරනවා. ඉන් පසුව කුඩා කාලයක් එම දෙපාර්තමේන්තුවේම සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා.

    ඔහු තම ප්‍රථම උපාධිය අවසන් කිරීමෙන් අනතුරුව ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. අනතුරුව තම ආචාර්ය උපාධිය (Ph.D) සඳහා අර්ධ සන්නායක විෂයය ක්ෂේත්‍රය තෝරා ගන්නවා.

    තම ආචාර්ය උපාධිය ද සාර්ථක ලෙස අවසන් කරන ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙක් ලෙස සේවයට එකතු වෙනවා.

    ක්ෂේත්‍ර රැසක දක්ෂයෙක්
    frAzcTdiiyybnwJB_02.jpg

    මල්ටි බැරල් රොකට් ලෝන්චර්
    අමිත් මුනින්ද්‍රදාස ඉංජිනේරු විද්‍යාවෙන් පමණක් නොව ඡායාරූපකරණයෙන් ද සත්ත්ව විද්‍යාවෙන් ද දක්ෂතා දැක් වූ බුද්ධිමතෙක්. World University Service නම් සංගමයේ මොරටු විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු සෑම වර්ෂයක දී ම විශ්වවිද්‍යාල පරිසර කණ්ඩායම සමග කඳවුරු වැඩසටහන් සංවිධානය කරනවා.

    වරෙක ඔහු විසින් ශ්‍රී ලංකාවේ නව මැඩි විශේෂයක් හදුනා ගන්නවා. එම මැඩියා නම් වන්නේ ‘‘Lanka Cornu Batrachus” නමින්. ඔහු එම සොයා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් ද ඉදිරිපත් කරනවා.

    විෂ සහිත උරගයන් හා භයානක සත්ත්වයන් සමග මිත්‍රශීලීව කටයතු කිරීමේ අපූරු හැකියාවක් අමිත් මුනින්ද්‍රදාස සතුව තිබූ අතර ඔහු කිසිදු සතෙකුට බියක් දක්වන්නේ නෑ. බිය ගැන ඔහු වරෙක මෙලෙස ප්‍රකාශ කරනවා.

    “මිනිසා වතුරට බියක් දක්වන්නේ නැත්නම් මිනිසා කිසිම දිනෙක වතුරේ ගිලෙන්නේ නෑ.”

    ඔහු නවීන විද්‍යාව සඳහා වූ ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙසත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ උපදේශකයෙක් ලෙසත් කටයුතු කරනවා. 2003 -2006 කාල සිමාවේ දී ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා.

    තවද විදුලි සංදේශන කොමිෂන් සභාවේ පාලන කමිටු සාමාජිකයෙක් ලෙසත් තවත් විද්‍යා හා තාක්ෂණික ආයතන රාශියක විවිධ තනතුරු හොබවනවා.

    පර්යේෂණ හා නව නිපැයුම්

    QJUGyAtnZLf6TF4J_Article_Cover.jpg


    නව නිර්මාණ රාශියක් බිහි කළ නව නිපැයුම්කරුවෙක් ලෙසත් විද්‍යා හා තාක්ෂණික පර්යේෂකයෙක් ලෙසත් ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු වරක් ඉලෙක්ට්‍රොනික මෝටර් රථයක් නිෂ්පාදනය කරනවා. එය සාමාන්‍ය Single Phase හෝ Three Phase මෝටරයකින් ක්‍රියා කරවිය නොහැකි වූ බැවින් ඒ වෙනුවෙන් ම Five-Phase මෝටරයක ගණිතමය සංකල්පයක් (Mathematical Model) ඉදිරිපත් කරනවා. මරණයට පත්වෙන තුරුම මේ සම්බන්ධ පර්යේෂණවල ඔහු නිරත වූ බව සදහන්.

    ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කළ අමිත් මුනින්ද්‍රදාස මෙරටට නැනෝ තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියෙක් ලෙස කටයුතු කරනවා.

    තමන් උගන්වන දෑ ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්වන ගුරුවරයෙක් වූ අමිත් මුනිද්‍රදාස වරෙක සිය පුතාගේ උපන් දිනය වෙනුවෙන් තමන් විසින්ම සාදන ලද විදුලි මෝටර් රථයක් ලබා දෙනවා.

    අමිත් මුනින්ද්‍රදාසයන්ගේ අකල් මරණය

    7QawIT6lftSZX5AU_03.JPG

    2007 වසරේ ජූනි මාසයේ 11 වැනි දා හදිසියේම ඔහු සිය ජීවිතයෙන් සමු ගන්නවා. එසේ ඔහු හදිසියේ මරණයට පත්වෙන්නේ ඊශ්‍රායලයේ පැවති සමුළුවකට සහභාගී වෙමින් සිටිය දී යි. මිය යන විට අමිත් මුනින්ද්‍රදාස 41 වැනි වියේ පසු වෙනවා.
    image001.jpg


    Amith.jpg

    හදීසි මරණය හෘදයාබාධයක් නිසා ඇති වූ බව නිවේදනය වූ නමුත් මේ අසහාය බුද්ධිමතාගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත සමාජය තුළ පැතිර පවතිනවා. මෙම මරණය සඳහා ඊශ්‍රායල් බුද්ධි අංශ වගකිය යුතු බව එම මතවලින් එකක්.​

    උපුටා ගත්තේ @roarmedia Lasantha Kularatna​
     
    • Like
    Reactions: DGN and Pessimist

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,989
    113
    අපේ දිහෑ
    අමිත් මුණින්ද්‍රදාසයන් විසින් නව ජීවී විශේෂ 6ක් සොයා ගැනීම සදහා තම පර්‍යේශන දායකත්වය ලබා දී තිබෙනවා. මේ අතරට මැඩි විශේෂයක් හා හූනන් විශේෂ 5ක් ඇතුලත්..
    මැඩි විශේෂය Polypedates ranwellai ලෙස විද්‍යාත්මකව හදුන්වන අතර හූනන් 5 Cnemaspis ගණයට අයත් වේ.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොසාඩ් එකෙන් දුන්න ගේමක්
    සුපිරි වැඩ්ඩො අපේ රටවලින් අතුගාවල දැම්ම..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    මොසාඩ් එකෙන් දුන්න ගේමක්
    සුපිරි වැඩ්ඩො අපේ රටවලින් අතුගාවල දැම්ම..

    LTTEඑකෙන් මොසාඩ් එකට සල්ලි දෙන්න ඇති . ඊශ්‍රායල් කියන්නේ කොහොමත් දෙපැත්ත කාපු රටක් :yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    මොසාඩ් එකෙන් දුන්න ගේමක්
    සුපිරි වැඩ්ඩො අපේ රටවලින් අතුගාවල දැම්ම..

    මුන් බය වෙන්න ඇති ලංකාවෙම මල්ටි බැරල් හදයි කියලා
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    LTTEඑකෙන් මොසාඩ් එකට සල්ලි දෙන්න ඇති . ඊශ්‍රායල් කියන්නේ කොහොමත් දෙපැත්ත කාපු රටක් :yes::yes:

    ඔව් මුල් කාලේ දෙමල කොටින්ට පුහුණු දුන්නේ උන් තමයි.එහේ පුහුණුවකට ගිය අපේ හමුදාවේ අයට කොටි මූණට මූණ හම්බ වුන කතාවකුත් තියෙනවා
     
    • Like
    Reactions: DGN and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    ඔව් මුල් කාලේ දෙමල කොටින්ට පුහුණු දුන්නේ උන් තමයි.එහේ පුහුණුවකට ගිය අපේ හමුදාවේ අයට කොටි මූණට මූණ හම්බ වුන කතාවකුත් තියෙනවා

    ටිකක් භයානක රටක්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    අකාලේ සෝම හාමුදුරුවෝ ,සේනක බිබිලේ, උපාලි විජේවර්ධන ලැයිස්තුවට ගියපු රටට වැඩක් කරන්න හිටපු විද්වතෙක්.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    ටිකක් භයානක රටක්


    උන් සල්ලි හොයන්නේ යුද්ද වලින්, අවි ආයුද , සටන් පුහුණුව...
    අපේ හමුදාවට සටන් පුහුණුවක් විකුනන්නම් කොටි මොකක්හෝ ලෙවල් එකකට පුහුණු කරන්න ඕනිනේ. ඊට හොද එකක්නේ අපිට දෙන්නම් කියල සල්ලි ගන්නේ