Why is it called Bluetooth? lol :)

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඉස්සර දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනා‍ට වෙන දේ නම් අපි දන්නවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ...

    බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා..

    Chamikawpblogspotcom06_zpsa11f14ee.jpg
    ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද?? නිකමට හිතුන හින්දා මාත් හොයලා බැලුවා....
    මේ විස්තරය Bluetooth වල නොදන්න රසවත් තොරතුරු ගැනයි. වෙනදා වගේම තොරතුරු ජයාරූප අන්තර්ජාලයෙන් තමා...

    වර්තමාන තාක්ෂණීක ලෝකයේ පරිගණක, දුරකතන, ආදියෙහි එකිනෙක අතර දත්ත හුවමාරු කරන ක්‍රම රාශියකි. වයර, කේබල, අධෝරක්ත කිරණ, රේඩියෝ සංඥා වැනි එකී මෙකි නොකි ක්‍රම අතර වඩාත් ජනප්‍රිය පහසු ක්‍රමයක් විදිහට Bluetooth බොහෝ දෙනා පිලිගනී.
    මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop!

    Chamikawpblogspotcom02_zpsba641614.jpg


    එය නිර්මානය ‍කරන කා‍ලයේ එම නිෂ්පාදනය හැදිනුවු රහස් වචනයම අවසානයේ එහි නිල නාමය ලෙසම ජනප්‍රිය වුනා. ඒ 1994 දීයි.

    Chamikawpblogspotcom07_zpsa9655058.jpg


    ස්විඩනයේ එරික්සන් සමාගමේ එකල රාජකාරී කල Jaap Haartsen සහ Sven Mattisson යන පරිගණක ඉංජිනේරුවන් විසින් මෙය දියුනු කරන ලද අතර පසුව Bluetooth ලෙස නම් කරන ලදි.

    Chamikawpblogspotcom05_zps4a5d8099.jpg


    එය වයර රහිත දත්ත හුවමාරු ක්‍රමයකි. එය වඩාත් දියුනු කිරීම සඳහා Ericssion, Nokia ,Intel, Toshiba, IBM යන ආයතන මෙහි ඉදිරි දියුණුවට Special Interst Group නැතිනම් SIG එකතුවක් නිර්මාණය කර ගනිමින් එහි දියුණු කිරීම ආරම්භ කරන ලදි.

    Chamikawpblogspotcom03_zps3ff37f3c.jpg


    Chamikawpblogspotcom09_zpse5630496.jpg


    දුරකතන එ‍ෆ් එම් රේඩියෝ හා රූපවාහිනි තම සම්ප්‍රේෂන සඳහා දුර සම්ප්‍රේෂණය වන රේඩියෝ තරංග යොදා ගනී. Bluetooth සඳහාද රේඩියෝ තරංග යොදා ගන්නා අතරම එය කෙටි දුරක් සඳහා ‍සීමා කර ඇත. එය ඉතා පහසුය.

    සදහන් වෙන විදිහට 10 වැනි ශතවර්ශයේ (940-986) ඩෙන්මාර්කයේ රජ කල ස්කැන්ඩිවේනියානු වයිකින්වරයකු රජ කෙනෙකු වු Harald Blatand එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් හදුන්වන Harald Bluetooth හට උපහාරයක් විදිහට මෙය එම නමින් නම් කර ඇත.
    Chamikawpblogspotcom01_zps469c86ef.jpg


    ඔහු විසින් වර්තමානයේ නොර්වේ,ස්විඩනය හා ඩෙන්මාර්කය යන රටවල් තුන එක රාජධානියක් ලෙස එක්සේසත් කරන ලදි.ඔහුගේ පියාට හා මවට උපහාර ලෙස තැනු ස්මාරකයක් තවමත් ඩෙන්මාර්කයේ Jelling පල්ලිය අසල ඇති අතර එය Jelling stones ලෙස හදුන්වයි.

    Chamikawpblogspotcom04_zps0d4a05f1.jpg


    එයට උපහාරයක් ලෙසත් නිෂ්පාදන රැසක් එකට එක් කිරීමට ලැබුන සොයා ගැනීමක් නිසාත්, ස්විඩන සමාගමකින් සොයා ගත් නිසාත් එයට Bluetooth නම තබන්නට ඇති බව
    විශ්වාසයයි. අවසානයේ තම පුතු අතින්ම මෙම Harald Blatand රජු මරණයට පත්වන්නේ අවුරුදු 1000 වැඩි කාලයක් වෙලත් තම නම අමරණීය කරමිනි.


    ඔබ Bluetooth ලාංජනය දැක ඇති. එහි සලකුණ ඉංග්‍රීසි හෝඩියේ B අකුරට හා K අකුරට සමානයයි ඔබ හිතනවාද? බොහෝ විට ඔව්..!
    Chamikawpblogspotcom08_zps953e5024.jpg

    නමුත් එය නිර්මානය කර ඇත්තේ පැරණි හෝඩියකිනි. Harald Blåtand යන නම කෙටි කොටයි.එය වර්තමාන ලතින් භාෂාවේ H (Haglaz) අකුරට හා B (Berkanan) අකුරට සමාන වේ.
    වර්තමානය වන විට 95% ක් පමණ දුරකතන වල Bluetooth තාක්ෂණය ඇත. එලෙසම විද්යුත් උපකරණ බොහෝමයක මෙය ඇතුලත් වේ.

    චාම්කයගේ නමත් දා ගන්න ඕන...ගුගල් එක නම් දෙයියනේ කියලා “චාමිකයව” උඩින්ම පෙන්නවා.....

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]
    [/FONT]
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි මචන් :cool:...උඹේ ත්‍රෙඩ් එකක් දැක්කෙ කාලෙකින්
    11.gif
    ....