ජපානයේ සංචාරයක නිරතව සිටියදී මුදල් ඇමති රවි කරුණානායක මහතා ජපානයේ සිට ශ්‍රී ලංකාවට වාහන ගෙන්වන ලංකාවේ ව්‍යාපාරික පිරිසක් සමග කළ සාකච්ඡාවකදී තව දින 43 කින් ගෙන එන ජාතික රජයේ අයවැය තෙක් වාහන ගෙන්වීම සීමා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබුණා. මෙයට ඇත්තම හේතුව එකවර පැහැදිලිවූයේ නැත.
නමුත් වාර්තා වන ආකාරයට එම අවස්ථාවේ රවි කරුණානායක ජපන් වාහන ලංකාවට ගෙන්වීමේ අලූත් වැඩපිළිවෙලක් හඳුන්වාදී තිඛෙන අතර එය ක්‍රියාත්මකවීමෙන් පසු ජපානයේ ව්‍යාපාරිකයන්ට මේ කාලයට වඩා වැඩි වාසි අත්කරගන්නට අවස්ථාවක් ලැඛෙන බව වාර්තා වුණා.
ඇමතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිඛෙන ඩොලරයේ අගය රුපියල් 130 දක්වා පහත යන්නට නියමිතය. ඒ අනුව ජපානයේ සිට වාහන ගෙන්වන අයට මෙන්ම මිලට ගන්නා අයට වාසියක් ලැබේ. එයට අමතරව
නව වැඩපිළිවෙළ අනුව ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වෙනවා.
එම යෝජනා සියල්ල ඉදිරි අයවැයේදී ඉදිරිපත් කරන්නට යෝජිතය.
පෞද්ගලික මට්ටමින් වාහනය ආනායනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරන ක්‍රමවේදය වෙනස් කරන්නටත් ඇමතිවරයා කථා කර තිඛෙනවා. එසේම ඉදිරියේදී ජපන් වාහන ආනයනය වසර ගණනාවක ස්ථාවර සැලැස්මක් අනුව විධිමත්ව සිදු කරන බවද ඔහු දන්වා ඇත.
මේ සාකච්ඡාව අතරතුර මුදල් ඇමතිවරයා පෙන්වා දී ඇති තවත් කරුණක්ව ඇත්තේ ලංකාවේ නාගරිකව පාරවල් ඉඩමදිකම තිබියදී සැලසුමකින් තොරව නිරන්තරයෙන්ම වාහන ගෙනවිත් දැමීමද අවුල් සහගත බවයි. පාරවල් ඉඩ වැඩිවීමකින් තොරව වාහන ගෙන්වීම නිසා දිනෙන් දින වාහන තදබදය ඇතිවන අයුරුද ඔහු පෙන්වා දී ඇත. මාසයකට වාහන 72000 ක් පමණ ලංකාවේ පාරවල්වලට එක්වීම ඉදිරියේදී පාලනය කරන්නට වැඩපිලිවෙළක්ද සකසා ඇති බව ඔහු දන්වා ඇත.
http://www.srilankagossips.com/2015/10/why-ravi-urges-to-stop-importing-japan.html