Wi-Fi_ලොවටම_නොමිලේ_(google project)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Wi-Fi_ලොවටම_නොමිලේ_(google project)

    free-internet.jpg


    Wi-Fi hotspots වලින් පිරුණු නගරයක් ගැන හිතින් මවා ගන්න. දැන් හිතා ගන්න එය නොමිලේම භාවිත කරන්නටත් පුළුවන් කියලා. තවදුරටත් මෙය සිතුවිල්ලක් පමණක්ම නෙමෙයි. ගූගල් සමාගම එළිදරවු කරලා තිබෙනවා මේ සඳහා ඔවුන්ගේ නවතම වැඩපිළිවෙල. මේ මඟින් ලොව පුරා නගර සියල්ලම පාහේ ගාස්තු අය නොකරන WiFi hotspot ජාලයකින් යුක්ත වේවි.

    මේ කාර්යය සිදු කරන්නේ ගූගල් සමාගම අනුබද්ධිත Sidewalk Labs විසින්. මේ සමාගමේ අරමුණ වන්නේ තාක්ෂණික නිපැයුම් මඟින් ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමයි. පසුගියදා ඔවුන් නිවේදනය කලා මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ සියලුම දෙනාට WiFi නොමිලේ ලබා දෙන බව.

    නමුත් කොහොමද මේ කාර්යය ඔවුන් කරන්නට යන්නේ?

    ඔවුන් මේ කාර්යය කරන්න යන්නේ අමුතුම ක්‍රමයකට. නිව්යෝර්ක් නගරය පුරා ඇති 10,000 කට ආසන්න පැරණි දුරකථන කුටි Wi-Fi pylons එහෙමත් නැත්නම් WiFi Hotspot බවට පත් කරනවා. මේවා හරහා අඩි 150 ක ප්‍රදේශයක් ගාස්තු රහිත WiFi Zones බවට පත් වෙනවා. නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට අමතරව දුරකථන ආරෝපණය කරගැනීම, රට ඇතුලත දුරකථන ඇමතුම් ලබා ගැනීම ආදියද නොමිලේම සිදු කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙම කුටි වල පවතිනවා ස්පර්ශ සංවේදී තිර සහිත තොරතුරු පද්ධතියක්. මේවා හරහා ඕනෑම අයෙකුට ගමන් බිමන් වලදී ඕනෑම තොරතුරක් පහසුවෙන් ලබා ගැනීමටද හැකි වෙනවා. මෙම සියලුම කුටි දැන්වීම් ප්‍රචාරණයට විවෘත වෙනවා. Titan වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ජාලය හා එක්වයි ඔවුන් මෙය සිදු කරන්නේ. ඔවුන් මේ හරහා ඩොලර් මිලියන 500 ක ලාභයක් ඊළඟ වසර 12 තුල ලැබීමට අපේක්ෂා කරනවා. ගූගල් සමාගමේ මේ ප්‍රථම වෑයම සාර්ථක වුවහොත් ඔවුන් මෙම වැඩසටහන ලොව පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.



    මුලාශ්‍රය

    Code:
    http://thehackernews.com/2015/06/free-internet-wifi.html
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ei ban. 100 mb dunne.... google plan hadanakota mehe deela iwarai .......... ape technology ekka google kele.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෙනවා තනි ඇහැට:lol:
    ඔවා ලන්කාවට එනකොට අපි මැරිලා තියෙවි...:P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    UK වලත් මම දැක්ක පරණ රාතු පෙට්ටි දැන් නිල් පාට ගාල wifi hot spot කරලා තියෙනවා