wife covid පොසිටිව් උනා ..

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    බය නැතුව ඉදපන් අවුලක් නැති වෙයි
    කොහෙන්ද සෙට් උනේ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Dan hamathanama thiyenawa. Wife ta haduna kiyanne aniwa ubatath enawa ban. Asymptomatic hari.
    E nisa dennama family doctor kenekta kiyala beheth tika genna ganna. Vitamins awashya pramanayata. Hot water use karanna. Nanna karanna yanna epa.

    dawas 3-4 wenakota oka hoda wenna gannawa. Apeth mulu family ekatama haduna machan. Parissam wenna witharai one. Issara variant wage oka serious wenne na wade wana karagaththe nattam
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Lungs wala infection eka control karanna "Azee(Azithromycin)" ganna kiyanawa neda 5days wage...Koi ekatath Doctor kenekgen ahalama ganna matath fredek kiwwe leda wela hitapu dawas wala...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්කෙනෙක්ට හරි හැදුනොත් අනික් අයට ගැලවීමක් නෑ. දොරවල අරිනවා, දත් මදිනවා, කෑම, පිඟන්, හැමදේම ඇල්ලෙන නිසා බේරුමක් නෑ. පරිස්සන්කරන්න තරන් දුර්වල මිනිස්සු ඉන්නවනං දැන්මම වෙනින් කොහේ හරි නවත්තපන්.
    මට පොසිටිව් කියද්දී මතක්වුනේ පොඩි උන්ට කවපුවා, දත් මද්දපුවා, වයිෆ් එක්ක හිටපුවා....... අනාතයි ඉතින්. 😑 එකෙක් හරි මළා නං මැරෙන්න හිතෙන්නේ 😑
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    උබලාට සනීප වෙයි. බය වෙන්න එපා.

    අපෙත් ගෙදර ඔක්කොටම හැදුන. දැන් හොඳයි. අපෙ ගෙදර අවුරුදු 65ට වැඩි අය 3ක් ඉන්නවා. දියවැඩියාව, කොලෙස්ටරොල් තියෙන අය. ඒ ඔක්කොටම හැදුනා.
    හොඳට කාපන්. ආයෙ කන්න පුලුවන් ඔනෙම දෙයක් කාපන්. (සීතල ජාති හැර )
    නිදාගනින්. වැඩ මුකුත් කරන්න එපා. මහන්සි වෙන්න එපා. හොඳට රෙස්ට් කරපන්.

    oximeter එකක් ගෙන්න ගනින්. පැයෙන් පැයට වගේ ඇඟේ oxygen ලෙවල් එක චෙක් කරපන්. 99, 98 ලෙවල් එකේ තියෙන්න ඔනේ. 96 ට වඩා අඩු වෙනවා නම් කේස්. පල්ස් එක උන ආවම, 90 පනිනවා. සමහර වෙලාවට 100ත් පනිනවා. ඒකට ඉතින් උන බස්සන එක තමයි කරන්න වෙන්නෙ.

    නාන්න නම් හිතන්නවත් එපා. ඇඟ හෝදන්නත් එපා. සති දෙකක් යනකන් වතුර ගාවන්නවත් එපා. උන එනවා. (මන් දන්නෙ නැතිව නෑවා. එතකොට උන ආව. එතකොට ගිහිල්ල චෙක් කරද්දි තමයි දන්නෙ පොසිටිව් කියලා. කන් දෙකෙනුත් රස්නෙ පිටවෙන්න උන එනවා. මුලු ඇඟම රිදෙනවා. )

    දෙහි කොල දාල දවස ගානෙ දුම් අල්ලපන්.

    දැන් ආණ්ඩුවෙන් කියන්නෙ දවස් 7ක් නිරෝධායනය උනාම ඇති කියලා. ඒත් උබට ෆිට් කියල හිතෙන කන් රෙස්ට් කරපන්.

    දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්. prescription eka whatsapp කරවගෙන බෙහෙත් ටික ගෙන්න ගනින්.

    මේ වගේ වෙලාවක ලන්ග ගෙවල් වලින් කෑම ගෙන්න ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. හැමදාම ඕඩර් කරලා කන්න බෑනෙ.

    කලින් හැදිලා තිබ්බා කියලා නෑ. ආයෙ ආයෙත් covid-19 හැදෙන්න පුලුවන්(ලු ). මන් දන්න අයට එහෙම ආයෙ ආයෙ හැදිලා තියෙනවා.
     
    Last edited:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    නාන්න නම් හිතන්නවත් එපා. ඇඟ හෝදන්නත් එපා. සති දෙකක් යනකන් වතුර ගාවන්නවත් එපා. (2)
     
    • Like
    Reactions: SK29

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    Tnx machanla okkogema commment walata..

    බය නැතුව ඉදපන් අවුලක් නැති වෙයි
    කොහෙන්ද සෙට් උනේ
    wife ge office eken ban..
    අද රෑ වෙනම බුදියගනිං
    una tiyeddit mama dawasak laga nida gatta ban..
    එක්කෙනෙක්ට හරි හැදුනොත් අනික් අයට ගැලවීමක් නෑ. දොරවල අරිනවා, දත් මදිනවා, කෑම, පිඟන්, හැමදේම ඇල්ලෙන නිසා බේරුමක් නෑ. පරිස්සන්කරන්න තරන් දුර්වල මිනිස්සු ඉන්නවනං දැන්මම වෙනින් කොහේ හරි නවත්තපන්.
    මට පොසිටිව් කියද්දී මතක්වුනේ පොඩි උන්ට කවපුවා, දත් මද්දපුවා, වයිෆ් එක්ක හිටපුවා....... අනාතයි ඉතින්. 😑 එකෙක් හරි මළා නං මැරෙන්න හිතෙන්නේ 😑
    ow ban..podi eka nisa baya..una gatiya wadi unata passe tamai wife wenama hitiye..
    ------ Post added on Feb 7, 2022 at 12:48 AM
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Woow very helpful....thank u machan meewai wada...uba mecchara mewwa danne uba ayurveda or herbal scene health scene follow karanawada....thanks ban
    මචන් සුදර්ශන පෙති කියල එකක් තියෙනවා ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ගොඩක් ආයුර්වේද දොස්තරලා කියන්නේ මේක හොඳයි කියල... දිගටම උණ තියෙනවනම් පොඩ්ඩක් alert එකේ ඉඳපන්... හුස්ම ගන්න එහෙම අමාරුනම් ඉක්මනට doctor කෙනෙක්ට පෙන්නපන්... කට තිත්ත උනත්, ගඳ සුවඳ දැනුනේ නැති උනත්. මැටි ගිලිනවා වගේ හරි හිතාගෙන හොඳට කාපන්... රෙස්ට් එකේම ඉදපන්.... ඇල් වතුර පාවිච්චි කරන්නම එපා... දෙහි, ඇඹුල් දොඩම් බීපන්.... අඩුම දවසට තුන් සැරයක්වත් දුම් අල්ලපන්.... පහල ලින්ක් ටික වැදගත් වෙයි.... ගඳ සුවඳ රස දැනෙන්නේ නැත්නම් පැය දෙකකට සැරයක් වගේ දෙහි කොළ දෙකක් කටින් පල යුෂ ටික බීපන්... ඉක්මනට ගඳ සුවඳ රස දැනෙන්න ගනීයි... කන්න අමාරුනම් රතු ළුණු 5-6ක් එක්ක කාපන්... දහස්පෙතියා මල් හෝ කොල පොඩිකර සුවඳ හමන්න... ගඳ සුවඳ ඉක්මනින් එනව. දුම් අල්ලන මුට්ටියට දාලා දුම් ඇල්ලුවත් හොදයි... දාස්පෙතියා මලක් පෙති කඩලා උනුවතුර වීදුරුවකට දාලා ටිකක් තැම්බුනාම පෙරල ඒ වතුර බොන්න...

    අමු දෙහි ගෙඩියක් ( කොල පාට) පොතු පිටින් හීනියට පෙති කපන්න. ඒ පෙති වලට ලුණු , ගම්මිරිස් ඉහල, ඉඟුරු පොඩි පෙත්තක් එක්ක රෑට කාල නිදා ගන්න. වතුර බොන්න එපා කෑවට පස්සෙ. උදේ වෙනකොට හොද වෙලා තියෙයි.
    ඒත් හොඳටම අඩු නැත්නම් පැය දෙකෙන් දෙකට දෙහි පෙත්තක් කන්න...

    පොල් වතුරට ( නැත්නම් තැඹිලි ගෙඩියකට ) පැණි දොඩම් ගෙඩියක් (දෙහි හෝ දොඩම් උනත් කමක් නෑ පැණි දොඩම් නැත්නම් ) මිරිකල ඒකට ලුණු තේ හැන්දක් දාල බොන්න සතියකට විතර පාරක්. ඕනි නම් සීනි ටිකක් දා ගන්න. පිලිපීනයේ පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල. ඇත්තටම මේක මං නම් කරල බැලුව. සෙම ගතිය පවා ඉක්මනින් අඩු වෙනව. පවුලේ හැමෝටම පුරුද්දක් විදියට හදල ගත්තොත් ලංකාවෙ මේ ලෙඩ නැති වෙනව.

    රතු ළුුනු ගස්වල කොල සමග ගොටුකොල සමවගෙන සිහින්ලියා එකටදාල පොල්සමග ලුනු දියර එකතු කර ලිපතබා මලවා සාදාගන්නා මැල්ලුම් රෑට බත්සමග පීරිසිකෝප්ප බාගයක්පමන කනවිට;
    කල්ගතවූ සෙම්රෝග
    වෛරස් උණනිසා අතුරු ආබාධයක් ලෙස නොනනවතින කැස්ස
    හතිය වැනි ශ්වසන ආබාධ
    කොරෝනාව වැලඳුන අයෙකුද ශ්වසන අපහසු තාවයෙන්ද සුවයලද වටිනා ඔසුවක් .
    සුවවනතෙක් පමනක් කන්න
    ගොටුකොල වල කැල්සියම් සහ මැග්නීසියම් බහුලවනඅතර,රතුළුුනු කොලවල තුත්තනාගම් සහ මැග්නීසියම් වැනිඛනිජ බහුලව ඇතිනිසා පේශිවල ක්‍රමාකුංචත චලනයටද ආධාරකරමින් ප්‍රතිශක්තිය ද වඩවන ආහාරයක්
    සමහරඅය ගොටුකොල සීතල බව කියමින් මෙයට බියක්දැක්වුවද ගොටුකොල රත්කරනවිට සීතලගුනය නැතිවෙනව.
    (මුංඇට කොල්ලුවැනි ආහාරද කබලෙන් බැද සකස්කරගත්විට සෙමතිබෙනඅයටද අගුනයක් නැහැ රත්කරනවිට සීතලගුනය යනබව වෙදමහත්මයෙක් කියාදුන්නෙ )

    https://www.beamhelaosulanka.lk/product/sudarshana-tablets/

    https://nilkamal.lk/product/steam-inhaler/

    https://myherbals.lk/shop/lifestyle/other/හෙළ-සුවය-දුම්-හට්ටිය-hela-suwaya-dum-hattiya/

    ගෙදර ඉන්න ගමන් කරලා බලපල්ලා... මෙතන එකක්වත් වස නැහැනේ... ගුණයක් දැනුනොත් පිට උන්ට නෙමෙයිනේ...
     
    • Love
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Woow very helpful....thank u machan meewai wada...uba mecchara mewwa danne uba ayurveda or herbal scene health scene follow karanawada....thanks ban
    නෑ බං අපේ අක්කා කෙනෙක් ඉන්නවා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. එයා කියපුවා. මම දන්න ඔක්කෝටම කිව්වා බං. ගොඩක් අය කිව්වා මේ බෙහෙත් හොඳට වැඩ කියලා.
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    නෑ බං අපේ අක්කා කෙනෙක් ඉන්නවා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. එයා කියපුවා. මම දන්න ඔක්කෝටම කිව්වා බං. ගොඩක් අය කිව්වා මේ බෙහෙත් හොඳට වැඩ කියලා.
    Anee poddak ehenam ahala balapan....yakinaran powder eka aran biwwata kamak nadda kiyala...cause eka gana net eke naa eka sri lanka native plant eka nisa...mata ekek kiwwa eka dum allana witharai bonna epa marketing walata dan thobbata kiyala....balapan ko hoala...aki naran dan kiyanaqa patta hodai lu liver walata
     
    • Like
    Reactions: Gamer1