Wikipedia වෙතින් බුදු දහම

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
Wikipedia වෙතින් බුදු දහම

ක්*රි.පූ. 5 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්*ය ප්*රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.

බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය. දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්ම ඉතාම දුක් සහිත බවත් අප්*රමාදීව මේ පැවැත්ම නවත්වන ප්*රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.

එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්*රදාය ථේරවාදී බෞද්ධ සම්ප්*රදායයි. දැනට ලංකාව, තායිලන්තය, බුරුමය චැනි රටවල මේ සම්ප්*රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්*රදාය මහායාන සම්ප්*රදායයි. ජපානය, කොරියාව, චීනය වැනි රටවල ඇත්තේ මෙයයි.

බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්*ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්*යාවක් අදටත් සුරක්*ෂිතව ග්*රන්ථාරූඪච තිබීමයි. මෙම ග්*රන්ථ ත්*රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.


http://si.wikipedia.org/wiki/බුද්ධාගම
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    3wmh_ec8_u7sk2.jpg