ශ‍්‍රී ලංකාවේ සාමයට බාධා නොකරන ලෙසට බලකරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ආසන්නයේදී පසුගිය 18 වන දින පැවති උද්ඝෝෂණයට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාද සහභාගී විය. ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. කොටි සංවිධානයට පක්ෂපාතී පිරිස් විසින්ද එදිනම උද්ඝෝෂණයක් මෙම ස්ථානය ආසන්නයේදී සංවිධානය කර තිබුණි. මෙම උද්ඝෝෂණයට ප‍්‍රතිචාර දැක්වීම සදහා ඇමරිකාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකිකයින් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව සඳහන්ය. ඇමරිකාවේ සංචාරයක නිරතවන විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම ස්ථානයට පැමිණ ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටීම ගැන එරට ශ‍්‍රී ලාංකිකයන්ට සිය ස්තූතිය ප‍්‍රකාශ කර ඇති බව සඳහන්ය. ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර ඉදිරියට ගමන් කරන ශ‍්‍රී ලංකාවේ සාමයට කිසිඳු ආකාරයකින් බාධාවක් සිදු නොකෙරෙන ලෙස උද්ඝෝෂණයට පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ ප‍්‍රකාශ කර තිබේ.