Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

    33z496p.jpg

    Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන්
    රාජේරු නැතුව.

    මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run

    xqbcc3.jpg


    දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට Yes විධානය ලබා දෙන්න.දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව් එක දැක ගත හැකි වේ.

    14t90ug.jpg


    එම වින්ඩොව් එක ලැබුණු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න
    2wegd2s.jpg

    එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න

    i39ixj.jpg

    250paid.jpg

    එවිට පහත ආකාරයට වින්ඩොව් එකක් ලැබෙයි.
    2eap7p1.jpg


    එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක 0 ලෙස සදහන් වී ඇති අතර, එය 1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න.
    14mth89.jpg


    දැන් ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න

    dgqd13.jpg

    එම oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න.
    28btkqs.jpg

    දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න


    mtaws8.jpg

    දැන් ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න.

    2qdreht.jpg


    දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ.

    xdhv78.png