Win_7_Customizing

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
Windows 7 Customize කරමු
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
win7ek.jpg


කලින් දාපු XP Customize කරන හැටි Thread (
http://www.elakiri.com/forum/showthread.php?t=1160890 ) එකේ කියපු දේ මේ ත්‍රෙඩ් එකේදිත් මම මුලින්ම කියලා වැඩේ පටන් ගත්තනම් හොඳයි කියලා හිතුවා

මෙම පාඩම් මාලාව මා විසින් සකසා ඔබ වෙත ගෙන ඒම හුදෙක් එක්දින ක්‍රියාවලියක් නොවේ. මා විසින් ඉතා වෙහෙසව සිදු කළ කාර්යයකි.
මීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ.
එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු.
එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්‍රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ. එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධනය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි.
මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මෙම ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ කාහටත් පෙනන පරිද්දෙන් පළ කිරීම පමණි.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
හරි එහෙනම් දැන් පටන් ගමු වැඩේ.
හැබැයි මෙහෙමයි,XP Customize කරා වගේ මේ වැඩේ කරන්න බෑ.මේකට ටිකක් වැඩි ශක්‍යතාවයක් තියෙන පරිගණකයක් අවශ්‍යයි.ඒ වගේම දෘඪ තැටියේ සැලකිය යුතු හිස් ඉඩ ප්‍රමාණයකුත් තිබිය යුතුයි.
මේ තියෙන්නේ මේ වැඩේට යොදාගන්න පරිගණකයක් තිබිය යුතු අවම අවශ්‍යතා.

• 2GB Minimum physical memory for 32-bit windows and 3-4GB for 64-bit windows
• 20GB Hard disk space
• DVD-ROM or DVD-RAM
• Dual Core processor
• Onboard or external graphics card with graphics memory of 256 MB Minimum
• Virtualization technology enabled(For testing your customized OS virtually) මේක ගැන දැන්ම හිතන්න ඕනේ නෑ..ඒක පස්සේ බලමු.

හරි දැන් බලමු මොනවද අපිට මේ වැඩේට උවමනා කරන මෘදුකාංග කියලා

• Windows 7 Ultimate x86 (32bit) or x64 (64bit) Untouched copy එකක්(Untouch copy ගැන මම කලින් ත්‍රෙඩ් එකේ විස්තර කරලා ඇති)
(http://torrents.thepiratebay.org/6294786/Microsoft_Windows_7_Ultimate_Untouched_x86___x64_%5BMultilanguaje%5D.6294786.TPB.torrent)
(http://thepiratebay.org/torrent/6294786)


• Windows 7 Toolkit එක (මේක දැන් Net එකෙත් හොයාගන්න නැද්ද කොහෙද) (http://www.multiupload.com/VJZQ5W9090)
md5-3983EB6F2A2F634130D04F94E2B5F0AE
virusreportwt.jpg


• Photo Editing Software එකක් (මටනම් ඉතින් ෆොටෝෂොප් තරම් හරියන වෙන එකක් නෑ,Download Link ඕනේනම් කලින් ත්‍රෙඩ් එක බලන්න)


• vLite + Runtimes (vLite -http://www.multiupload.com/0MV8YI4A9E , WAIK-http://www.microsoft.com/downloads/info.aspx?na=kb3aikl_en.iso)

mD5-E3D18EBAA12A58EAFE5862C9DE249B4A

virusreportvlite.jpg

හෝ RT7Lite (x86-Download , x64-Download)
(මම Recommend කරන්නේ වගේම මේ සදහා භාවිතා කරන්නේ RT7Lite,මොකද ඒක vLite වලට වඩා භාවිතයට පහසුයි)


• Restorator or PE Explorer (http://thepiratebay.org/torrent/4431309)


• Gimp (http://downloads.sourceforge.net/gimp-win/gimp-2.6.11-i686-setup-1.exe)


ඔන්න ඔයටික තමා වැඩේට ඕනේ වෙන්නේ,
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
හරි වැඩේට බහිමු
මුලින්ම කරන්න ඕනේ ඩවුන්ලෝඩ් කරගත්ත Win 7 ISO එක Extarct කරගන්න එක.ISO එකක් Extarct කරගන්න හැටි කලින් ත්‍රෙඩ් එකේ කියලා දුන්න මතකයිනේ.

extarctiso.jpg


මෙහෙමයි,දැන් අපි කරන්නේ Win 7 වල File Modify කරන එක.මේකට අවශ්‍ය කරන File වලින් බොහොමයක් ඇතුලත් වෙලා තියෙන්නේ Windows Image එක තුල.ඒ කියන්නේ install.wim කියන File එක තුල.
ඒ වගේම Boot.wim කියන File එක තුලත් Edit කිරීමට අවශ්‍ය File රැසක් තියෙනවා.

හරි මුලින්ම බලමු කොහොමද Setup Screen එක වෙනස් කරන්නේ කියලා

Windows 7 Toolkit එක Open කරගන්න.(මෙය open කරගැනීමේදි මෙය මත right click කර Run as Administrator ලෙස open කරගතයුතුයි)

89427947.jpg


එහි Tools manager වෙතට පිවිසෙන්න

24440029.jpg


දැන් එහි ඇති wim manager එකට යන්න

90344481.jpg


දැන් මේ විදිහේ window එකක් එයි,එහි browse button එක මත click කරලා අපි extract කරගත්ත win 7 folder එක ඇතුලේ තියෙන source කියන ‍folder එක තුල තියෙන "install.wim" නමැති Windows image එක තෝරලා දෙන්න

79901454.jpg


86216237.jpg


දැන් මේ image එක ඇතුලේ තියෙන x64 හා x32 images වෙන් වෙන්ව පෙන්වාවී.

79040374.jpg


දැන් එයින් අනවශ්‍ය image එක මත click කරලා පහල තියෙන delete button එක press කරලා අනවශ්‍ය image එක delete කරගන්න,මම මෙහිදි භාවිතා කරන්නේ 32-bit එක,ඒ නිසා මම 64-bit image එක delete කරලා දානවා.

29385503.jpg


68855657.jpg


දැන් ඉතිරි වෙලා තියෙන්නේ 32-bit image එක විතරයි,හරි දැන් ඒක click කරලා පහල තියෙන Mount image කියන button එක press කරන්න.

13569073.jpg


දැන් image එක mount වීම සඳහා Folder එකක් තෝරාදෙන්න(එම Folder එක Empty folder එකක් විය යුතුයි)
image එක mount කිරීමට අවම 10GB ත් Free space එකක් අවශ්‍යයි.

17439160.jpg


දැන් මේ ආකාරයට mount වීම ආරම්භ වේවි.mount වීමට ගතවන කාලය ඔබේ පරිගණකයේ RAM හා processor එක මත රඳා පවතී.මට මේ සඳහා විනාඩියක පමණ කාලයක් ගතවෙනවා

86940132.jpg


mount වීම අවසානයේ image එක mount විමට තෝරා දුන් empty folder එක තුලට ගොස් බැලූවිට එය මේ ආකාරයට දිස්වේවි

85298070.jpg


දැන් එම folder එකේ Windows\system32 හි ඇති spwizimg.dll එක edit කරගත යුතුයි.Setup screen එකේ image ඇතුලත් කර කියෙන්නේ මේ dll එක තුල

31510598.jpg


දැන් එම dll එක මත right click කරලා "open with restorator" ලබාදෙන්න

14893312.jpg


දැන් මෙහි Bitmap resource එක යටතේ 517,518 යන bitmap වෙනුවට අළුත් bitmap ලබාදෙන්න

81646175.jpg


ඒ සඳහා අවශ්‍ය bitmap එක මත right click කර Assign->Assign to විධානය භාවිතා කරන්න
(Restorator පිලිබඳ දීර්ග විස්තරයක් කලින් ත්‍රෙඩ් එකේ දාපු නිසා ඒ පිළිබඳ මෙහිදි වැඩිදුර විස්තර කරන්නේ නෑ)

39001529.jpg


එසේ අළුත් bitmap assign කරගත් පසු මේ ආකාරයට දිස්වේවි
Assign කිරීමට bitmap තෝරා ගැනීමේදි පහත රතු කොටුවකින් දක්වා ඇති ස්ථානයේ ඇති Resoulution වලට සමාන bitmap එකක් තෝරාගන්න

78188378.jpg


දැන් resource එක save කරගන්න

27460279.jpg

 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
දැන් එම Windows folder එක තුලම ඇති oobe folder එක තුල ඇති background.bmp එක අවශ්‍ය bitmap image එකකින් replace කරගන්න

45525277.jpg


36700753.jpg


දැන් Wim manager වෙතට ගොස් එහි පහල ඇති mount image මත click කර save changes ලබාදෙන්න

33542596.jpg


දැන් install.wim එකෙන් විතරක් setup screen එක වෙනස් කරාට මදි,boot.wim එකේ තියෙන bitmap එකත් වෙනස් කරන්න ඕනේ,ඒ සඳහා අර මුලින් install.wim
එක mount කරපු විදිහටම win 7 toolkit එකේ wim manager හරහා boot.wim එක mount කරගත යුතුයි.මෙහිදි boot.wim තුල image 2ක් අන්තර්ගතයි.
1.Microsoft Windows PE(x86)
2.Microsoft Windows Setup (x86)
අපි මෙයින් mount කරගන්නේ Microsoft Windows Setup (x86) යන image එක.

46026208.jpg


හරි දැන් මේක මෙහෙම mount කරගත්තට පස්සේ mount කරගත්ත folder එකට ගියාම මේ විදිහට දැකගන්න පුළුවන් වෙයි.

81377534.jpg


දැන් මේකේ Windows folder එකේ system32 වල තියෙන Setup bitmap එක (setup.bmp) ඔයාලට අවශ්‍ය bitmap එකකින් replace කරගන්න

29376228.jpg


ඒ වගේම winpe bitmap (winpe.bmp) එක ඔයාලට අවශ්‍ය bitmap එකකින් replace කරගන්න

12071661.jpg


දැන් boot.wim එක mount කරපු folder එකේ තියෙන sources folder එක තුල ඇති background bitmap (background.bmp) එකත් replace කරගන්න

60668927.jpg


63659806.jpg


මීලඟට එම folder එකේම ඇති spwizimg.dll එක edit කරගත යුතුයි.කලිනුත් මේ dll එකම edit කරා මතක ඇතිනේ? ඒ විදිහටම මේකත් restorator වලින් open කරලා 517 හා 518 යන bitmap replace කරගත යුතුයි

63374386.jpg


74186200.jpg


දැන් save කරගන්න

85129112.jpg


දැන් image එක unmount කරලා save කරගන්න

40332986.jpg


38002957.jpg


හරි දැන් යන්න ඕනේ අපි අර මුලින් extract කරගත්ත win 7 folder එකට.මේකෙ තියෙනවා source කියලා folder එකක්,මේකේ ඇතුලේ තියෙනවා තවත් background_cli කියලා bitmap එකක් (background_cli.bmp),ඒකත් replace කරගන්න ඕනේ අපිට අවශ්‍ය bitmap එකකින්.

28002883.jpg


77325904.jpg

 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
හරි,ඔන්න setup screen එක වෙනස් කරලා ඉවරයි,දැන් තියෙන්නේ setup එකේ තව bitmap ටිකක් වෙනස් කරන එක
ඒ සඳහා නැවතත් install.wim image එක mount කරගන්න

දැන් mount කරගත්ත folder එකට යන්න,මතක ඇතිනේ අර කලින් edit කරා spwizimg.dll කියලා dll එකක්..අන්න ඒක restorator වලින් open කරගන්න

92913393.jpg


23145478.jpg


දැන් මේකේ 409,411 හා 516 යන bitmap replace කරගත යුතුයි.තව දෙයක්,මේ සඳහා යොදාගන්නා bitmap පසුබිම් රහිත ඒවා විය යුතුයි.දැන් ප්‍රශ්ණයක් ඇති වෙනවා නේ?කොහොමද png වල වගේ bmp වල පසුබිම ඉවත් කරන්නේ කියලා?
සරලයි,මේ සඳහා යොදාගන්නේ Gimp කියන software එක.

44704866.jpg


මුලින්ම 409,411 හා 516 යන bitmap replace කිරිමට සුදුසු,ඔබට අවශ්‍ය bitmap images ටික සකස් කරගන්න.

දැන් Gimp open කරගන්න

දැන් File->Open click කර ඔයාලා සකස් කරගත් bmp එක gimp හරහා open කරගන්න

40131509.jpg



76095732.jpg


දැන් GIMP වල layer menu එකේ transparency උප menu වේ color to alpha යන්න තෝරාගන්න



දැන් ලැබෙන window එකෙන් ඔබේ image එකේ background colour එක තෝරාගන්න(මගේ imege එකේ සුදුපාට),දැන් ok කරගන්න

92833437.jpg


දැන් image එක save කරගන්න

87058719.jpg


දැන් යමු restorator වලට,දැන් අර හදාගත්ත bitmap images වලින් 409,411 හා 516 කියන bitmap ටික replace කරගන්න

60878454.jpg


replace කරගත්ත්ට පස්සේ image එක restorator වල මේ වගේ පෙන්වයි,බයවෙන්න එපා මෙහෙම පෙන්නුවා කියලා,මෙහෙම පේන්නේ මේ bitmap වල background එක නැති නිසා.මෙතන මෙහෙම පෙන්නුවාට මේක setup එකේ මෙහෙම පේන්නේ නෑ

84454408.jpg


දැන් dll එක save කරගන්න,ඊට පස්සේ මේ save කරගත්ත spwizimg.dll එකේ copy එකක් desktop එකට හෝ වෙන folder එකකට හරි දාගන්න,

34126310.jpg


89856275.jpg


83947676.jpg


දැන් image එක unmount කරලා save කරගන්න.

39506844.jpg


දැන් boot.wim එක mount කරගන්න.

36451452.jpg


ඊට පස්සේ අපි අර copy කරලා කියාගත්ත spwizimg.dll එක boot.wim එක mount කරපු folder එකේ sources ‍folder එකට copy කරලා ඒකේ තියෙන spwizimg.dll එක replace කරගන්න

50802137.jpg


82116398.jpg


දැන් boot.wim එකත් unmount කරගන්න

72018212.jpg


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
දැන් නැවතත් install.wim එක mount කරගන්න ඕනේ,
mount කරගත්තට පස්සේ mount වුන folder එකේ windows වලට යන්න,එකේ system32 වල තියෙනවා spwizres.dll කියලා file එකක්,මේක restorator වලින් open කරගන්න

මේකේ dialog resource එක යටතේ පොඩි modify කිරිම් කීපයක් කරමු.කලින් ත්‍රෙඩ් එකේ මතකනේ අපි dialog box edit කරපු හැටි? ඒ නිසා මේකෙදි වැඩිදුර පැහැදිලි කරන්නේ නෑ
මුලින්ම dialog resource එක යටතේ 104 dialog එකේ install windows යන ස්ථානය මම මේ ආකාරයට වෙනස් කරගෙන තියෙනවා

93680643.jpg


2002 dialog එකේ රතු පාටින් highlight කර ඇති ස්ථාන මම modify කර තිබෙනවා

77044042.jpg


2008 dialog එකේ copyright note එක වෙනස් කර තිබෙනවා

68009281.jpg


ඒ වගේම string යටතේ 12 වන තීරුවේ තියෙන Install windows කියන string value එක මම වෙනස් කරගත්තා

65609496.jpg


දැන් Save කරගන්න

40959417.jpg


දැන් එම system32 folder එකේම ඇති oobe folder එකේ තියෙන en-us folder එකට යන්න

82642054fib.jpg


75027785.jpg


මේකේ තියෙනවා spwizres.dll.mui කියලා file එකක්,ඒක restorator හරහා open කරලා edit කරගන්න,edit කරද්දි dialog,Strings යන දෙකම edit කරගන්න පුළුවන්.
Edit කරන හැටි දැන් කීප වතාවක්ම පැහැදිලි කරානේ pics එක්කම ,ඒ නිසා ආයේ පැහැදිලි කරන්නේ නෑ මෙතන.

ඒක edit කරලා save කරගත්තට පස්සේ image එක unmount කරගන්න.

මීළඟට boot.wim එක mount කරගන්න,ඒකේ sources වල තියෙන w32uires.dll කියන dll එක ඉහත spwizres.dll.mui එක edit කරගත්ත විදිහටම edit කරගන්න
ඊට පස්සේ ඒකත් save කරගන්න

දැන් sources folder එකේ තියෙන spwizres.dll එක edit කරගන්න

දැන් sources folder එකේම තියෙන en-us folder එකට ගිහින් ඒකේ තියෙන w32uires.dll.mui එකත් ඒ විදිහටම edit කරගන්න

ඊලඟට ඒ folder එකේම තියෙන spwizres.dll.mui එකත් edit කරගන්න ඔයාලට උවමනා විදිහට

හරි,edit කරපු dll save කරගත්තට පස්සේ boot.wim image එක unmount කරගන්න.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
Setup Loading Page එක Customize කරමු

win 7 toolkit එකේ wim manager වලින් නැවතත් install.wim එක mount කරගන්න

දැන් ඒකේ windows folder එකේ branding වල Basebrd folder එකට යන්න,basebrd.dll එක restorator හරහා open කරලා 120,121,1120,1121,2120,2121 යන bitmap අවශ්‍ය ආකාරයට replace කරගන්න
එසේ replace කිරීමේදි gimp මගින් background එක ඉවත් තරපු image ඒ සඳහා යොදාගන්න

දැන් install.wim එක unmount කරගන්න

෴෴෴෴෴෴෴෴෴෴
Logon Screen එක වෙනස් කරමු

මුලින්ම install.wim එක mount කරන්න ,ඊට පස්සේ mount උන folder එකට ගිහිං windows\system32 වලට යන්න
ඒකේ තියෙන imageres.dll එක restorator හරහා open කරගෙන edit කරගන්න
edit කිරීමේදී : bitmap යටතේ පහත දක්වා ඇති ආකාරයට ඒ ඒ bitmap එක සඳහා දී ඇති resolution බාවිතා කරන්න

Resource Resoulution Extension
---------------------------------------------------------
5031 1280x1024 .jpg
5032 1280x960 .jpg
5033 1024x768 .jpg
5034 1600x1200 .jpg
5035 1440x900 .jpg
5036 1920x1200 .jpg
5037 1280x768 .jpg
5038 1360x768 .jpg
5039 1024x1080 .jpg
5040 960x1080 .jpg
5041 900x1440 .jpg
5042 768x1280 .jpg
5043 768x1360 .jpg

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
System Properties Window එක Modify කරමු

50641242.jpg


මුලින්ම install.wim එක mount කරගන්න
එහි Windows\branding වල තිබෙන shellbrd.dll එක restorator මගින් open කරගන්න
එහි bitmap යටතේ 1050 bitmap එක replace කරගන්න
ඊට පස්සේ save කරගන්න dll එක
ඊළඟට branding folder එකේ තියෙන en-us folder එකට යන්න
එකේ තියෙනවා shelbrd.dll.mui කියලා file එකක්,එක් restorator වලින් open කර ගන්න
එහි strings resource එක යටතේ 1 යන ස්ථානයෙහි ඇති "Windows,Windows 7,Ultimate,Copyright © Micro....,Microsoft" යන value වෙනස් කරගන්න
23 යටතේ ඇති Win 7 Editions list එකත් අවශ්‍යනම් වෙනස් කරගන්න(මෙහි Win 7 Ultimate යන්න පමණක් වෙනස් කරන්නමොකද අපි පාවිච්චී කරන්නේ win 7 Ultimate නිසා)
දැන් එකත් save කරගන්න


හරි දැන් යමු windows folder එකේ system32 folder එකට,එකේ තියෙනවා shell32.dll කියලා dll එකක්,ඒක open කරගන්න restorator වලින්
ඒකේ bitmap යටතේ 632 හා 633 repalce කරගන්න

52161426.jpg


86407765.jpg


දැන් ඒක save කරලා,install.wim එක unmount කරගන්න

෴෴෴෴෴෴෴෴

 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
Watermark edit කරමු

install.wim එක mount කරගන්න
එහි windows හි branding folder එකේ basebrd folder හි ඇති basebrd.dll එක restorator හරහා open කරගන්න

දැන් එහි bitmap යටතේ 120 bitmap එක replace කරගන්න(replace කිරීමට පෙර gimp මගින් background එක ඉවත් කරගන්න)

40866651.jpg


දැන් basebrd.dll එක save කරලා image එක unmount කරගන්න

෴෴෴෴෴෴෴෴෴෴෴

අළුත් Wallpapers එකතු කරමු

install.wim එක mount කරගන්න
mount වුන folder එකේ windows වල web folder එකේ wallpapers folder එකේ ඇති folder වලට අළුත් wallpapers එකතු කරගැනීම කල හැකියි,එසේ ඇතුල් කිරීමේදි වැඩි resoulution සහිත wallpaper තෝරාගන්න

57904475.jpg


21674845.jpg


58988532.jpg


image එක unmount කරගන්න
෴෴෴෴෴෴෴෴

Fonts integrate කරමු

මුලින්ම මේ සඳහා අපි තෝරාගත්ත font ටික අපේ computer එකේ fonts folder (Control panel\Fonts OR C:\windows\fonts) එකට copy කරගන්න ඕනේ
ඊට පස්සේ ඒ font ටිකම install.wim එක mount කරලා ඒකේ windows වල fonts වලට දාගන්න ඕනේ

96002586.jpg


දැන් Registry Editor එක open කරගන්න,මේ සඳහා start click කර search bar එකේ regedit ලෙස type කර enter කරන්න

18603849.jpg


දැන් ලැබෙන Registry editor window එකේ HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts වෙතට යන්න

39328951.jpg


දැන් fonts යන්න මත right click කරලා export click කරන්න,ඊට පස්සේ ඒක desktop එකේ හෝ වෙනත් තැනක save කරගන්න

98496782.jpg


දැන් desktop එකේ හරි කොහෙහරි folder එකක් හදන්න $OEM$ කියලා,ඊට පස්සේ $OEM$ folder එක ඇතුලේ folder එකක් හදන්න $$ කියලා,දැන් ඒ $$ folder එක ඇතුලේ හදන්න SETUP කියලා folder එකක්.ඒකේ ඇතුලේ හදන්න Scripts කියලා තව folder එකක්.

21262988.jpg


දැන් අර අපි regitry යෙන් export කරගත්ත fonts.reg එක දාන්න මේ scripts folder එක ඇතුලට

87513309.jpg


ඊට පස්සේ Notepad එක open කරගන්න

62844454.jpg


දැන් ඒ text file එක open කරලා මෙහෙම type කරන්න


TITLE Win 7 Elakiri Edition Font Register
COLOR0F

CLS
@ECHO OFF

For %%I IN (D E F G H J K L M N O P Q R S T U V W X Y Z) DO IF EXIST %%I:\Autounattend.xml (SET CDROM=%%I:& GOTO DONECD)
: DONECD

ECHO.
ECHO Win 7 Elakiri Edition Now Registering Fonts
ECHO.

ECHO.
ECHO ------------------------------------------------------------------------------

regedit /s %systemroot%\Setup\Scripts\fonts.reg

ECHO Successfully Registered
21792187.jpg


දැන් මේක අර $OEM$\$$\SETUP\Scripts යන ස්ථානයට "setupcomplete.cmd" ලෙස save කරගන්න

22697143.jpg


දැන් මේ $OEM$ folder එක අපේ windows 7 folder එකට copy කරගන්න

51332902.jpg


෴෴෴෴෴෴෴෴
දැන් RT7Lite Open කරගන්න

Browse button එක click කරලා Windows 7 Folder එක තෝරලා දෙන්න
ඊට පස්සේ විනාඩි 2ක් 3ක් ඇතුලත RT7Lite ,OS එක load කරගනී

55461693.jpg


ඊට පස්සේ Tasks මත click කරලා select all යන එක tick කරගන්න

55365253.jpg


ඊට පස්සේ Intergration වලට යන්න,එහි aoolication tab එකට යන්න,දැන් බලමු කොහොමද OS එකට Software intergrate කරන්නේ කියලා

86021727.jpg


add button එක click කරලා software එකේ setup එක තෝරලා දෙන්න

53775374.jpg


දැන් මේ වගේ window එකක් මතු වේවි,එයට අපි මේ Software එකේ setup එකට අදාල Silent switch එක ලබාදිය යුතුයි.(Silent switch පිලිබද වැඩි විස්තර සඳහා XP customize thread එක හා මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1156091)

89124251.jpg


මේය සොයාගැනීම සඳහා USSF open කරගන්න (http://www.multiupload.com/0YNWL5IDB0)
දැන් රූපයේ දක්වා ඇති button එක (රෝස පාට) click කර අපි add කරගත් software එකේ setup එක තෝරාදෙන්න

26640107.jpg


එවිට Red colour එකෙන් highlight කර ඇති usage සථානයේ ලැබෙන command එක copy කර අර Silent switch යන ස්ථානයට ලබාදෙන්න

84333241.jpg


෴෴෴෴෴෴෴෴෴

දැන් Unattend tab එකට යමු

ඔබ මේ සඳහා භාවිතා කරන්නේ Win 7 Original සංස්කරණයක් නම් Product key යන ස්ථානයට ඔබේ product key එක ඇතුලත් කරලා Skip product key හා Skip auto activation යන ස්ථානවලට tick නොදමා හිස්ව තබන්න
එසේ නැතුව pirated copy එකක් භාවිතා කරනවානම් පහත රූපයේ අකාරයට සැකසුම් සකස් කරගන්න,ඉන්පසු පහල ඇති Apply button එක press කරන්න

65539276.jpg


ඊලඟට OOBE tab එකට යන්න,එහිත් පහත රූපයේ ආකාරයට සැකසුම් සකසා පහල ඇති apply button එක press කරන්න

28458019.jpg


දැන් RunOnce tab එකට යන්න,දැන් අපි මේකට Activator එකක් integrate කරමු (මං වගේ Pirate copy බාවිතා කරන්නන් සඳහා පමණි)
මේ සඳහා මුලින්ම Win 7 Activator එකක් download කරගන්න ඕනේ,(http://thepiratebay.org/torrent/5522132)

දැන් ඒක අපි අර හදාගත්ත $OEM$ folder එක මතක ඇතිනේ? එකට දාගන්න,ඊට පස්සේ activator එක rename කරන්න act.exe කියලා

41298369.jpg


දැන් notepad එක open කරගන්න,පහත ආකාරයට type කරගන්න

34781292.jpg


@ECHO OFF
ECHO Activating Windows 7 Elakiri Edition
ECHO ........................................................................................
act.exe
ECHO
ECHO Activation Completed Successfully
ඊට පස්සේ මේක $OEM$ folder එකට activate.bat ලෙස save කරගන්න

55132684.jpg


දැන් නැවතත් RT7Lite වලට ඇවිල්ලා ඒකේ උඩ තියෙන (රතු පාට) import button එක click කරලා අර avtivate.bat file එක තෝරලා දෙන්න

61063464.jpg


දැන් apply button එක click කරන්න

81803114.jpg

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

දැන් customize button එක click කරන්න,
මෙහි theme tab එක යටතේ add button එක click කර අළුත් themes os එකට integrate කරගතහැකියි

47642379.jpg


එමෙන්ම gadget tab එක යටතේ add button එක click කර අළුත් gadget os එකට integrate කරගතහැකියි (Gadgets - http://windows.microsoft.com/en-US/windows/downloads/personalize/gadgets)

32116899.jpg


෴෴෴෴෴
හරි එහෙනම් වැඩේ ඉවරයි

Bootable ISO button එක click කරලා mode එක Create image දීලා,image එකට නමකුත් දාලා make iso button එක click කරන්න.

72187840.jpg


දැන් පරිගණකයකට install කරන්න කලින් Virtual box හො vmware බාවිතා කරලා Virtual Environment එකක OS එක Run කරලා බලන්න

Virtual Box - http://download.virtualbox.org/virtualbox/4.1.0/VirtualBox-4.1.0-73009-Win.exe
Vmware - https://www.vmware.com/tryvmware/?p=vmware-workstation&lp=1

------------------------------------------------------------------------------------
COPYRIGHT © ROSHANCS05 23.07.2011.ALL RIGHTS RESERVED
ELAKIRI.COM


 
Last edited:
  • Like
Reactions: DJU9

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
maxaaaa!!!!! Watina thread ekak!!!!

tanx a lot......... maara widiyata mahansi wela tiyenawane........
ela ela karalama balala kiyannankoo.............

godak mahansi wela thiyanawa, thanks lot.....

godaak mahansiwelaa thiyenawaa

Good Sharing bro.......
Rep denna balu


thanks bro bookmarked 6++++

කියවන්න වෙලාව මදි දැන්..... Nice post bro :D

Thanx 4 the comments and reps
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගොඩාක් මහන්සි වෙලා කරලා තියෙනවා!
    ස්තුතියි යාලුවා!
    11.gif

    8+