Windows 10 vs Linux

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Linux කියන්නේ ටිකක් ඉගෙන ගන්න ඕන දෙයක්, Windows උනත් එක සැරේ ඉගෙන ගත්තේ නැහැනේ ඉතින් ඒ වගේ තමයි Linux කියනෙත්. ටිකක් ඒ ගැන හොයලා බලලා ඉගෙන ගත්තොත් මොනම දෙයක්වත් බැරි වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනක් ට ඕන කරන හුගක් Software Linux වල තියෙනවා. Linux වලට Software නැහැ කියලා උබ කිව්වේ උබේ ගොන් කම්ම. හරි කියපන් බලන්න මොන Software එකද බොට හොයා ගන්න බැරි උනේ කියලා ? පොඩි උන් වගේ ගේම් ගගහා ඉන්න උබලා වගේ ගොනුනුට මොන Linux ද :lol:

    "ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්. "

    ඔව් ඉතින් ගේම් ගගහා ඉන්නකොට අනිත් උන් මග හැරෙන්න ඇති. ඒකට අපිට කරන්න දෙයක් නැහැ :lol:

    පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ

    ගේම ගහන්න වෙන්න ඇති බන් :lol:

    Ade mata ehema linux main os eka vidiyata use ekarana ekai set une. Cisco eke java developer kenek. Tika dawasakin baladdi uth windows 7 dagena. Passe mac ekak aran thibba. Mata nam thama linux wala vitharak karanna puluwan wadak set une. Set unoth itin linux walata yanna wenawa
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Linux කියන්නේ ටිකක් ඉගෙන ගන්න ඕන දෙයක්, Windows උනත් එක සැරේ ඉගෙන ගත්තේ නැහැනේ ඉතින් ඒ වගේ තමයි Linux කියනෙත්. ටිකක් ඒ ගැන හොයලා බලලා ඉගෙන ගත්තොත් මොනම දෙයක්වත් බැරි වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනක් ට ඕන කරන හුගක් Software Linux වල තියෙනවා. Linux වලට Software නැහැ කියලා උබ කිව්වේ උබේ ගොන් කම්ම. හරි කියපන් බලන්න මොන Software එකද බොට හොයා ගන්න බැරි උනේ කියලා ? පොඩි උන් වගේ ගේම් ගගහා ඉන්න උබලා වගේ ගොනුනුට මොන Linux ද :lol:

    "ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්. "

    ඔව් ඉතින් ගේම් ගගහා ඉන්නකොට අනිත් උන් මග හැරෙන්න ඇති. ඒකට අපිට කරන්න දෙයක් නැහැ :lol:

    පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ

    ගේම ගහන්න වෙන්න ඇති බන් :lol:

    :rolleyes: lol, Gamers FTW, do not fuck with gamers buddy
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Linux කියන්නේ ටිකක් ඉගෙන ගන්න ඕන දෙයක්, Windows උනත් එක සැරේ ඉගෙන ගත්තේ නැහැනේ ඉතින් ඒ වගේ තමයි Linux කියනෙත්. ටිකක් ඒ ගැන හොයලා බලලා ඉගෙන ගත්තොත් මොනම දෙයක්වත් බැරි වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනක් ට ඕන කරන හුගක් Software Linux වල තියෙනවා. Linux වලට Software නැහැ කියලා උබ කිව්වේ උබේ ගොන් කම්ම. හරි කියපන් බලන්න මොන Software එකද බොට හොයා ගන්න බැරි උනේ කියලා ? පොඩි උන් වගේ ගේම් ගගහා ඉන්න උබලා වගේ ගොනුනුට මොන Linux ද :lol:

    පලවෙනි එක තමයි සොෆ්ට්වෙයා නැහැ කියලා නෙමෙයි මම කිවුවෙ වින්ඩොස් තරම් හොද සොෆ්ට්වෙයා නැහැ කියලා. හරි උබ කියනවිදියට නැහැයි කියන සොෆ්ට්වෙයා මෙන්න මේවා (මම සාමාන්‍ය යූසර් කෙනෙක් විදියට පාවිච්චි කරන ඒවයින්)

    1. IDM මේකෙන් දෙන ස්පීඩ් එක එන කිසිම සොෆ්ට්වෙයා එකක් Windows/Linux/Mac තුනටම නැහැ. වින්ඩොස් වලට වුනත් කොයි තරම් Accelerators තිබුනට IDM තරම් හොද එකක් නැහැ. ටිකක් හරි පාවිච්චි කරන්න පුලුවන් එකකට තියෙන්නේ DownThemAll කියන FireFox Add-on එක තමයි. ඩයලොග් ටයිම් බෙස් පැකේජ් එකක් දාලා එහෙම ලිකක්ස් වලින් ගිහින් IDM වලින් බාන තරමම ගන්න විදියක් නැහැ.

    පහල තියෙන්නෙ මම එදිනෙදා පාවිච්චි කරන ලිස්ට් එක

    2. මේකට කිසිම ඔප්ශන් එකක් නැහැ ලිනක්ස් වලට http://bohemiancoding.com/sketch/ මේක මම එදිනෙදා පාවිච්චි කරන එකක්.

    3. Adobe Creative Suite එකට ගහන්න කිසිම එකක් නැහැ.[Creative Suite එකේ තියෙන්නෙ Photoshop සහ Illustrator විතරක් නෙමෙයි, ඒ දෙකට වුනත් තියන ඒවායින් කරන්න පුලුවන් දේවල් වලට වඩා දේවල් CS1 වලදිත් කරන්න පුලුවන් කම තිබුනා, තව මම යූස් කරනවා pixelmator කියල පොඩි ඉමෙජ් එඩිටින් ටූල් එකක් ඒකෙන් කරන සමහර දේවල්නුත් Gimp/Gimpshop වලින් කරන්න බැහැ, නිකමට මේ විඩියෝ එක බලපන් මේකෙන් කරන දේවල් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා http://www.pixelmator.com/mac/#overview]

    4. iMovie වලට ඔප්ශන් එකක් නැහැ. මේක මට මැක් එකට ෆ්‍රි හම්බවෙන එකක්.

    5. Office package එක. Open Office හරි Libre Office හරි ගත්තොතින් ඇත්තටම කම්පෙයා කරලා බලපන් MS Office 2007 වල තියන යූසර් ෆ්‍රෙරෙන්ඩ්ලි ගතිය තියනවද කියලා ඒ අතින් බැලුවොත් ලිනක්ස් ඔෆිස් පැකේජ් එක කම්පෙයා කරන්න වෙන්නේ අවුරුදු 8ක් පරන ඔෆිස් පැකේජ් එකක් එක්ක.අනිත් එක ඔය ඕපන් සෝස් ඔෆිස් පැකේජ් දෙක වුනත් එක්ස්පෙරිමන්ටල් ෆීචර්ස් ලිනක්ස් වලට කලින් වින්ඩෝස් වලට එනවා (මට මැක් එකට ෆ්‍රී ඔෆිස් පැකේජ් එකක් එනවා ඒකටත් වඩා MS Office යූසර් ෆ්‍රෙන්ඩ්ලි)

    6. ග්‍රැෆික් කාඩ් එකේ ෆුල් පර්ෆෝමන්ස් ගන්න ඩ්‍රයිවර්ස් නැහැ තියන එකත් බීට එකක් එහෙම නැත්නම් වින්ඩොස් වලට රීලිස් වෙලා මාස ගානකින් ලිනක්ස් වලට එන්නේ. මේක නං ඉතිං ලිනක්ස් වල අඩු පාඩුවක් නෙමෙයි කියන්න පුලුවන්

    7.ගේම් ගහන්න ගේම් නැහැ. සමහර ගේම් ලිනක්ස් වර්ශන් තිබුනට ඉෆෙක්ට්ස් එහෙම බාගෙයයි තියෙන්නේ FPS එක සෑහෙන්න අඩුයි. ගේම් එන්නේ නැති එකට හේතුව ගොඩක් ලිනක්ස් යූසර්ස්ලා හිතන් ඉන්නේ ගේම් එක වුනත් ෆ්‍රී දෙන්න ඕනෙ කියලා. එහෙම සල්ලි දීල ගන්න කවුරුත් කැමති නැති නිසා ගේම් හදන්නෙත් නැහැ. Crossover/Wine දෙකේ ගේම් රන් කරන් පුලුවන් ඒත් අදකාලේ තියන ගේම් ප්ලේ කරන්න නම් ටිකක් අමාරුයි දැනට තියන Visual Effects එහෙම කොහොමවත් ගන්න බැහැ.

    8. 3D Modeling/ CAD වගේ දේවල් වලට ඕන සොෆ්ට්වෙයා වලින් කීයද ලිනකස් වර්ශන් තියෙන්නේ. හරියකට තියන ඕපන් සෝස් 3D modling tool එක Blender විතරයි. ඔටොඩෙස්ක්ලගෙ සමහර සොෆ්ට්වෙයා තියනවා ඒ සමහර ඒවා දන්න තරමට හරියට වැඩ කරන්න රෙඩ් හැට් එන්ටර්ප්‍රයිස් ලිනක්ස් ඕනේ.

    තව තියනවා පොඩි පොඩි ඒවා (ගූගල් ඉන්පුට් ටූල්ස් වගේ දේවල්) ගොඩාක් මේ ටික ඇතිවෙයි නේ. ඔය හැම එකටම වැඩේ කරගන්න ඕල්ටනේටිව්ස් තියනවා ඒත් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට ඕව කර එක ගැන තමයි මම කතා කරේ.අනිත් එක උබ තමයි කිවුවේ වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා ලිනක්ස් වල තියනවා කියලා ඒ මොනාද කියලා අහපුවාම කිවුවේ ට්‍රාන්ස්මිශන් ක්ලයන්ට් එක ෆ්‍රී දෙනවා කියලා :lol::lol:. අනිත් එක මම මේ දේවල් කියන්නේ ලිනක්ස් හරියට ඉගෙනගෙන තමයි මම ඉගෙන ගන්න කාලෙ සහ පස්සෙ ලිනක්ස් වලින් කරපු දේවල් කලින් කමෙන්ට් එකේ දාලා තියෙන්නේ.

    "ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්. "

    ඔව් ඉතින් ගේම් ගගහා ඉන්නකොට අනිත් උන් මග හැරෙන්න ඇති. ඒකට අපිට කරන්න දෙයක් නැහැ :lol:

    එහෙමද දන්නේ නෑ හැබැයි. ඒත් ඔෆිස් වල වැඩ කරන්න ටයිම් එස්ටිමේට් කරද්දි එක එක වැඩ වලට කම්පියුටර් එක කන්ෆිග් කර ගන්න කමාන්ඩ් ලයින් ටූල් එකේ man එක කියවන්න වගේ දේවල් වලට ටයිම් දෙන්නේ නැති එකත් වෙන්න පුලුවන්. අන්න ඒ වගේ වෙලාවල් වලදි තමා වැඩේ කොහොම හරි කරන එකයි ලේසියෙන් ඉක්මනට කරන එකයි අතර වෙනස බලපාන්නේ.
    (ගේම් ගහන හැම එකාම පොඩි එකෙක් නෙමෙයි වගේම ලිනක්ස් පාවිච්චි කරන හැම එකාම ගීක් කෙනෙකුත් නෙමෙයි :lol::lol:)

    පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ

    ගේම ගහන්න වෙන්න ඇති බන් :lol:
    සමහරවිට වෙන්න ඇති දාගෙන ඉන්න උන්ගෙන් තමයි අහන්න වෙන්නේ.

    මම මෙතන කිසිම සොෆ්ට්වෙයා එකකට වත් ප්ලැට්ෆෝම් එකකටවත් කඩේ යන්නේ නැහැ. සැබෑ තත්වෙ මගේ අත්දැකීම් වලින් ලිවුවේ. අනිත් එක උබ කලින් කියල තිවුන විදියට මම සොෆ්ට්වෙයා දැන් ක්‍රැක් කරලා දාගන්නනෙ නැහැ. Windows සල්ලි දීලා ගත්තා, Sketch3,Pixelmator, iDraw වගේ දෙවල් සල්ලි දීලා ගත්තා සෙල්ලම් කරන හැම ගේම් එකක්ම වගේ ස්ටීම් එකෙන් ගන්නවා. Adobe/MS Office, ඔෆිස් එකෙන් අරගෙන දීල තියනවා.

    PS: ගොන්නු කවුද කියලා කතා කරන විදියෙන් අනිත් මිනිස්සුන්ට පේනවා ඇති.
     
    • Like
    Reactions: vmsgamer

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උබ හිතන් ඉන්නේ ටොරන්ට් ක්ලයන්ට් එකක් ෆ්‍රී දෙන එක නම් ලිනක්ස් වල වින්ඩෝස් වලට වඩා හොදකම එහෙනම් සමහර විට උබත් එක්ක කතා කරලා වැඩක් නැතිවෙයි.
    හොදට කියන්න පුලුවන් නම් කියපන්. උබ හිතන්නෙ වින්ඩෝස් පාවිච්චි කරන එක ගොන් කමක් කියලද? මම වින්ඩෝස් වලට කඩේ යන්නෙත් නැහැ ලිනක්ස් වලට කඩේ යන්නෙත් නැහැ. මෙතන ඇවිත් කිවුවෙ වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා ලිනක්ස් වලට තියනවා කියලා. මම කියන්නේ ලිනක්ස් වල වැඩේ කොහොම හරි කරන්න පුලුවන් ඒක හරි, ඒත් වින්ඩොස් තරම් ලේසියෙන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට කරන්න බැහැ. අනිත් එක මම ඔය linux, windows, mac තුනම එක්ක එදිනෙදා වැඩ කරනවා මැක් තරම් අනිත් දෙකම යූසර් ෆරෙන්ඩ්ලි නැහැ.

    ලිනක්ස් වල හොද සොෆ්ට්වෙයා තියන තරමක් තියෙන්නෙ ඩිවලොප්මන්ට් ටූලස් වගේ දෙවල් තමයි එහෙම නැතුව සාමාන්‍ය යූසර් කෙනෙක්ට එහෙමකට කියල හොද සොෆ්ට්වෙයා නැහැ වැඩේ කරගන්න තියන ඒව මිසක්

    මම එදිනෙදා වැඩ කරන්න පාවිචිවි කරන්නේ මේක. මෙකට ලිනක්ස් දාගන්න තරම්, මේකෙ කරන්න බැරි ලිනක්ස් වල කරන්න පුලවන් දෙයක් නැහැ.
    picture.php

    උබ කියන විදියට මගේ මේ ඩෙස්ක්ටොප් එකට ලිනක්ස් දැම්මොත් කරන්න වෙන්නෙ වැලක් බලල අතේ පාරක් ගහන එක තමයි, මොකද මම මේක ගත්තෙ ගේම් ගහන්නම නිසා මේකට ලිනක්ස් හරියන්නේ නැහැ
    picture.php

    මම මේ ටිකත් කියන්නේ මම කම්පියුටරෙන් කරන්නේ වැලක් බලලා අතේ පාරක් ගහන එක කියල කියපු නිසා

    මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගත්තෙ gentoo linux වලින් ඒ කාලෙ අපිට ඉනස්ටෝලර් තිබුනේ නැහැ. මිනිමල් ඉනස්ටොලේශන් කියල එකක් තමයි තියෙන්නේ මේක අරගෙන ඕන කරන සේරම දේවල් සෝස් එකෙන් බිල්ඩ් කරලා තමයි ඉනස්ටොලේශන් එක හදා ගත්තේ දැන් වගේ අප්ඩේට් නැහැ අප්ඩේට් කරන්නේ අලුත් කර්නල් එක අරගෙන කම්පයිල් කරලා දාගෙන.gui එකත් වෙනම සෝස් එක අරගෙන තමයි කම්පයිල් කරලා ඉනස්ටෝල් කරගත්තේ. දැන් වගේ ඩිවයිස් ඩ්‍රයිවර්ස් නැහැ දවස් ගනං කට්ට කාල තමයි සමහර ඩිවයිස් වැඩ කරන විදියට හදා ගන්නේ

    මම POSIX ප්‍රෝගැමින් සෑහෙන්න දුරට කරලා තියනවා, kext ඩිවලොප්මන්ට් වලට යනකම් කරලා තියනවා.
    කර්නල් සෝස් එක අරගෙන ස්ටඩි කරලා තියනවා සමහර(ලිනක්ස් වලට කිසි සේත් සම්බන්ධයක් නැති) ප්‍රොජෙක්ට් වල ආපු ප්‍රශ්න වලට විසදුම් හොයන්න.
    අන්තිමට කියන්න තියෙන්නේ ලිනකස් වල කිසි වරදක් නැහැ ඒත් සාමාන්‍ය යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චි කරන්න හොද දෙයක් නෙමෙයි. මම අද ජොබ් එක කරගෙන ඉන්නෙත් ඕපන් සෝස් වල පිහිටෙන්. ඕපන් සෝස් කියන්නෙ ලිනක්ස් විතරක් නෙමෙයි ඔය.උබලා ඇපල් වලට එහෙම බැන්නට හොයලා බලපන් Google Chrome හදලා තියන වෙබ් කිට් එක ඕපන් සෝස් කරලා තියෙන්නෙ කවුද කියලා.

    මම වෙන ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට් එකකුත් මෙතනට දාන්නම්
    " අනිත් එක ලංකාවෙ උන් ලිනක්ස් දාගෙන මහා ලොකුවට කෑගැහුවට ගොඩක් උන් පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ. කොහොමත් ශෝ එකට තමයි ලිනක්ස් දාගන්නේ, දාලා තියන සේරම තීම් මැනෙජර්ස්, ඉෆෙක්ට්ස්, අයිකන්ස්, ඩොක්ස් දාගෙන ඉන්නවා, ලිනක්ස් වල කස්ටමයිසේශන් කියන්නෙ මේ වගේ විශුවල් ඉෆෙක්ට් දාන කියලා තමයි හිතාගෙන ඉන්නෙ ඒ කරලා හැසිරෙන්නෙ ඉන්නෙ හෙනම ගීක් පොරක් කියලා. ඔහොම කෑගැහුවෙ නැති වුනාට ගොඩක් කම්පැනි වල ඉන්න නෙට්වර්ක් ඇඩ්මින්ලා ඔය ශෝ එක දාන ලිනක්ස් කාරයොන්ට වඩා සෑහෙන්න ලිනක්ස් දන්නවා. සාමාන්‍යෙන් ලිනක්ස් ගැන ඔය මහා ලොකුවට කතා කරන්නෙ ලිනක්ස් දාගනිපු අලුත් තියන ආතල් එකට.ඔහොම දාගත්තට ඔය එකෙක් වත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරයිද දන්නෙ නැහැ.

    අනිත් එක මම අවුරුදු 4ක විතර සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනවා ඒ වුනත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්.

    මමත් ලිනක්ස් වල ගොඩක් වැඩ කරලා තියනවා. මම කරලා තියන වැඩ වලින් වින්ඩෝස් වල කරන්න බැහැ කියලා හම්බ වෙලා තියෙන්නෙ 1ක් 2ක් වගේ විතරයි එකක් තමයි Android NDK එක පාවිච්වි කරලා සමහර ලිනක්ස් C/C++ ලයිබ්‍රීස් ඇන්ඩ්‍රොයිඩ් වලට බිල්ඩ් කරන්න බැහැ. අනිත් හැම දෙයක්ම කරන්න පුලුවන්.
    දැනට මැක් OS යූස් කරන්නෙ ලිනකස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් Mac OS එකේ කරන්න පුලුවන් වින්ඩෝස් වලට තියන සොෆ්ට්වෙයා ගොඩක් Mac OS එකට තියනවා අනිත් එක මැක් Exclusive සොෆ්ට්වෙයා ගොඩක් තියනවා.

    අවසානෙට කියන්න තියෙන්නෙ සරල යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චියට ලිනක්ස් කියන්නෙ වින්ඩොස් හරි මැක් හරි තරම් හොද ඔප්ශන් එකක් නෙමෙයි. ටිකක් ප්‍රෝගැමින් ගැන දන්න කමාන්ඩ් ලයින් එක හුරු එකෙක්ට නම් ලිනක්ස් එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් ඒ වුනත් වින්ඩෝස් මැක් තරම් ලේසියෙන් බැහැ (ඔය පුරුදු වුනාට පස්සෙ ලේසියි කිවුවට )."

    අවශ්‍ය දේට ලිනක්ස් පාවිච්චි කරපන්. වින්ඩෝස් වලට බැන බැන හැම කම්පියුටරේටම ලිනක්ස් දාන්න ගියාට හරියන්නේ නැහැ :P

    PS - ස්ක්‍රින්ශොට් දැම්මෙ ලොකු කමකට නෙමෙයි, වින්ඩොස් පාවිච්වි කරන සේරම ක්‍රැක් දාගෙන, fb යන වැල බලන ගොන්නු කියල හිතන නිසයි

    සිංහලෙන් කියලා තියනවානේ සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනේ වෙන ඒවා කියපන් කියලා. එහෙම නැතුව ඩිවලොපර් කෙනෙක්ට හරි සර්වර් එකකට හරි ලිනක්ස් හොද නැහැ කියලා කිවුවෙ නැහැ මම.
    Maxa.
    Rep++++
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Microsoft, Apple, Google වගේ Company වල Exam එකක් තියලා කට්ටිය තෝරගනිද්දි
    ලංකාවේ එකෙක් ආසාවට නැ.
    Apply කරනවා වත් අහලා නෑ
    අහපු එකම එකා අර සුනිල් මෙන්ඩිස්ගේ පුතා විතරයි
    මෙතන ඉන්න උන් උෟටත් වඩා දක්ෂයිනේ බලාගෙන ගියාම

    :baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    open source කිව්වම සුළුදිය පහවෙන එවුනුත් ඉන්නවා ඉතින් :lol:.........open source කිව්වම linux වලින් ඉස්සරහට දෙයක් තියනවා කියල උන් තේරුම් ගත්ත දවසක ඉතින් උනුත් ලිඳෙන් ගොඩ එයිනේ :rofl:

    එතකන් හෙළුවෙන් microsoft එකට කඩේ යනවා ඉතින් :( අනාත ජීවිත :(
     
    • Like
    Reactions: DooA

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    open source කිව්වම සුළුදිය පහවෙන එවුනුත් ඉන්නවා ඉතින් :lol:.........open source කිව්වම linux වලින් ඉස්සරහට දෙයක් තියනවා කියල උන් තේරුම් ගත්ත දවසක ඉතින් උනුත් ලිඳෙන් ගොඩ එයිනේ :rofl:

    එතකන් හෙළුවෙන් microsoft එකට කඩේ යනවා ඉතින් :( අනාත ජීවිත :(

    :rofl::rofl::rofl:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    open source කිව්වම සුළුදිය පහවෙන එවුනුත් ඉන්නවා ඉතින් :lol:.........open source කිව්වම linux වලින් ඉස්සරහට දෙයක් තියනවා කියල උන් තේරුම් ගත්ත දවසක ඉතින් උනුත් ලිඳෙන් ගොඩ එයිනේ :rofl:

    එතකන් හෙළුවෙන් microsoft එකට කඩේ යනවා ඉතින් :( අනාත ජීවිත :(

    Whatt ?? open source , who the fuck cares... we have pirated windows :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    open source කිව්වම සුළුදිය පහවෙන එවුනුත් ඉන්නවා ඉතින් :lol:.........open source කිව්වම linux වලින් ඉස්සරහට දෙයක් තියනවා කියල උන් තේරුම් ගත්ත දවසක ඉතින් උනුත් ලිඳෙන් ගොඩ එයිනේ :rofl:

    එතකන් හෙළුවෙන් microsoft එකට කඩේ යනවා ඉතින් :( අනාත ජීවිත :(

    :lol::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Well said:cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Microsoft, Apple, Google වගේ Company වල Exam එකක් තියලා කට්ටිය තෝරගනිද්දි
    ලංකාවේ එකෙක් ආසාවට නැ.
    Apply කරනවා වත් අහලා නෑ
    අහපු එකම එකා අර සුනිල් මෙන්ඩිස්ගේ පුතා විතරයි
    මෙතන ඉන්න උන් උෟටත් වඩා දක්ෂයිනේ බලාගෙන ගියාම

    :baffled::baffled::baffled:

    ඒ උබ දන්න තරම තමයි. ගොඩක් කැම්පස් වල ටොප් ස්ටුඩන්ට්ස්ලා ගූගල් ට්‍රයි කරනවා හැබැයි ඒවා පත්තරේ වත් ඉන්ටනෙට් එකේ වත් අඩබෙර ගහලා කරන ඒවා නෙමෙයි.
    මාත් එක්ක එකට කැම්පස් එකේ ඉදපු එකෙක් ගූගල් එකේ වැඩ කරනවා අනිත් එක ලංකාවෙ ගූගල් එකේ වැඩ කරන අය තව ඉන්නවා (Prof V.K Samaranayaka ගේ එක පුතෙකුත් ගූගල් එකේ කලින් වැඩ කරා දැන් නම් ඒයා ලංකාවෙ ස්ටාටප් එකක් කරනවද කොහෙද)
    මයික්‍රොසොෆ්ට් එකෙත් වැඩ කරන ලංකාවේ අය ඉන්නවා
    ඇපල් එකේ ඉන්නවද දන්නේ නැහැ ඒත් උන්ගෙ සිංහල වලට තියන ඉන්බිල්ට් සපෝට් එක අනුව අඩුම තරමෙ එකෙක් හරි ඇති
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    open source කිව්වම සුළුදිය පහවෙන එවුනුත් ඉන්නවා ඉතින් :lol:.........open source කිව්වම linux වලින් ඉස්සරහට දෙයක් තියනවා කියල උන් තේරුම් ගත්ත දවසක ඉතින් උනුත් ලිඳෙන් ගොඩ එයිනේ :rofl:

    එතකන් හෙළුවෙන් microsoft එකට කඩේ යනවා ඉතින් :( අනාත ජීවිත :(
    ඔබගේ පොස්ට් එකෙන් ඉතා පැහැදිලිව පේනවා ඕපන් සෝස් වලට කඩේ යනව කියල. Love the technology. don't become a fan boy.
    Discussion එකක් සාර්ථකව අරගෙන යන්න නම්, එය කියවල යම් දෙයක් knowledge එකට එකතු කරගන්න අවශ්‍ය නම් ඔය වගේ unquality පෝස්ට්ස් දාන එක නවත්තපන්. එතකොට උබට මේක කියවල ඇත්ත මොකක්ද කියල අවබෝද කරගන්න ඇස් පෑදෙයි. මේ ත්‍රෙඩ් එක දේශපාලන ත්‍රෙඩ් වගේ වාද කරගන්න නෙමෙයි තියෙන්නේ. පිස්සු කෙලින්න එපා එක හින්ද
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කීවට කීයෙන් කීයද ඒක අත් විදලා ඒ බව කියන්නෙ. මම දැකපු ගොඩක් අය ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කියන්නෙ තව කාගෙන් හරි අහගත්තු දෙයක් . ඒකත් හරියට intel processor එකත් එක්ක compare කරලා AMD-Duron processor එක රත් වෙනවා වැඩියි කියලා AMD-Athlon එකත් රත් වෙනවා වැඩියි කීවා වගේ තමයි.

    ඒ වගේම හැමදේටම ලිනක්ස් පාවිච්චි කරන්න කියන කීයෙන් කීයද ලිනක්ස් තමන්ගෙ පරිගණකයට දාගෙන ඒක හරියට අත්විදලා තියෙන්නෙ. සමහරු කරන්නෙ තමන්ගෙ ඩෙස්ක්ටොප් එකට හරි ලැප්ටොප් එකට හරි ලිනක්ස් (උබුන්ටු) දාගෙන තමන් හැකර් කෙනෙක් කියලා හිතාන අනික් අයට ටෝක් දාන එක. එහෙම නැතිනම් හැම කොම්පියුටරේටම ලිනක්ස් දාන්න දගලන එක.

    ලිනක්ස් වලින් තමන්ගෙ සාමාන්‍ය එදිනෙදා පරිගණකයක කටයුතු කරගන්න පුලුවනි ඕනම කෙනෙකුට. ඒ බොහෝදෙනෙක් පරිගණකය පාවිච්චි කරන්නෙ සිංදු අහන්න-ෆිල්ම් බලන්න-ඉන්ටනෙට් යන්න නිසා. ඒත් ඒ බොහෝ දෙනෙකුත් හිතාන ඉන්නෙ ලිනක්ස් වල ගේම් ගහන්න බෑ-පොටෝසාප්පුව නෑ-ඔපීසිය නෑ කියලා. සමහරු ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නෙත් නෑ එහෙම කීවට. හිතන්න, වින්ඩෝස් වල හැමදේම ඒ විදියටම දෙන්න ඕන නම් ලිනක්ස් හදන්න ඕන නෑනෙ. වින්ඩෝස්ම තියාගන්න පුලුවනිනෙ. මේ වින්ඩෝස්-ලිනකස්-ඇපල් වල තියෙන සමහර දේවල් ඒ වෙනුවෙන් පේටන්ට් ගත්තුවා. ඒ නිසා අනික් අයට නොමිලේ ඒවා පාවිච්චි කරන්න බෑ.

    සිංහල ටයිප් කරන්න ගුගල් ඉන්පුට් ටූල්ස් නැති වුනාට වෙන එක එක විදියෙ ටූල්ස් තියේ ලිනක්ස් වලට. ගුගල් වුනත් තමන්ගෙ සමහර නව නිෂ්පාදන කරන්න ලිනක්ස් පාවිච්චි කරාට ඒවා අන්තිමට ලිනක්ස් වලින් ඈත් කරලා තියාගන්නෙ තමන් කරන්නෙ වෙළදාමක් නිසා.

    මොනවා වුනත් කියන්න තියෙන්නෙ තමන්ගෙ අවශ්‍යතාවට ගැලපෙන මෙහෙයුම් පද්දතියක් පාවිච්චි කරන එක තමන්ගෙ වැඩක්. ඒ වුනාට හොරකම් කරපු මෙහෙයුම් පද්දති/මෘදුකාංග පාවිච්චි කරනවාට වඩා http://alternativeto.net/ බලලා තමන්ට ගැලපෙන මෘදුකාංග තෝරාගන්න. වින්ඩෝස් වගේම ලිනක්ස් වුනත් සල්ලි වලට ගන්න තියෙනවා. ලිනක්ස් නිකන් දෙන ප්‍රධාන ආයතන ඒවා නිකන් දීලා අඩුපාඩු අදුරගෙන තමන් සල්ලි වලට දෙන එක නිර්මාණය කරලා විකුණනවා. ඒකට වැරැද්දක් කියන්න බෑ. මොකද ඒ ආයතන නඩත්තු කරන්න පඩි ගෙවන්න සල්ලි ඕන.

    Sirama kathaawa saho...+10
    samanya user kenekta OS wala wenaskam echchara aulak na ne..
    eyala koi OS eken aawath karanne ekama dewal tikak ne.
     
    Last edited: