Windows 8 භාවිතා කරන්නේ බලාගෙනයි...
ලොව දැනට ඇති අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය වන්නේ වින්ඩෝස් 8 ය.එහෙත් එමගින් අප නොසිතු දෙයක් සිදුවන බව දැන් අනාවරණය වී ඇත.එනම් එය ඔත්තු බැලීමට පහසු කරලීම උදෙසා නිර්මාණය කර ඇති බව හෙලිවිමයි.මෙය පළමු වරට ප්‍රකාශ කලේ චීන රජය විසිනි.ඔවුන් එබව දැන ගත් විගස තම රටතුල රජයේ ආයතන වල වින්ඩෝස් 8 භාවිතය තහනම් කළේය.චිනය පවසන්නේ මෙම මෙහෙයුම් පත්ධතිය මගින් සිය රට තුල ඔත්තු බැලීමට මෙම මෙහෙයුම් පත්ධතිය යොදා ගත හැකි බවය.
යම් පුද්ගලයකු වින්ඩෝස් 8 හරහා අන්තර්ජාලයට සිය පරිගණකයෙන් සම්බන්ද වනවිට එම පරිගණකයේ වන පවුද්ගලික තොරතුරු ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියට(NSA) ලබා ගත හැකි බව චීනය චෝදනා කරයි.එහත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම චෝදනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරයි.ඔවුන් පවසන්නේ අවශ්‍ය අයකුට මෙම මෙහෙයුම් පත්ධතියේ කේත පරික්ෂා කර බලා එවන් ඔත්තු බැලීමේ මෘදුකාංග ඇතිදැයි සොයා බැලිය හැකි බවය.එහෙත් එය එතරම් ප්‍රායෝගික නොවන්නේ සුපිරිසිඳු මෙහෙයුම් පත්ධතිය පරික්ෂා කර බැලුවත් එම සමාගම අන්තර්ජාලය හරහා එවන යාවත්කාලීම් තුලින් මෙවැනි ඔත්තු බලන වැඩසටහන් පහසුවෙන් ඕනෑම පරිගණකයක් වෙත එවිය හැකි බවය.එයට පිළියමක් ලෙස ඔවුන් සිය රටට උචිත මෙහෙයුම් පත්ධතියක් දියුණු කරමින් සිටි.තාවකාලික පිලියමක් ලෙස වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් xp භාවිතා කරන ලෙස ඔවුන් වැඩිදුරටත් පවසයි.
චීන රජය නිකුත්කළ මෙම වාර්තාව බැලීමට මෙතනින් යන්න.
ඔබට ජය!

බලනවා නම් බලපුදෙන් බං.. සුදේවයා කියනව වගේ උන්ට අපේ ගන්න තරම් දෙයක් නෑ..