Windows 8 Download කිරීමට පළමුව මෙය කියවන්න.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Windows 8 Download කිරීමට පළමුව මෙය කියවන්න.



    ඔබ බොහෝ දෙනෙක් දන්නවා මේ වන විට Windows 8 Beta version එක නිකුත් කර තිබෙන බව. Customer Preview කියලා කියන්නේ මේ Beta version එකටම තමයි. Windows 8 ඔබේ පරිගණකයට ස්ථාපිත කිරීමට පළමුව ඔබ ඔබේ පරිගණකය ඒ සදහා ප්‍රමාණවත් ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.
    Windows 8 F&A හි දක්වා ඇති පරිදි ඔබ windows 8 32bit ස්ථාපිත කරන්නේ නම් ඔබේ පරිගණකයේ RAM එක අඩුම තරමින් 1GB විය යුතු අතර, ඔබ windows 8 64bit ස්ථාපිත කරන්නේ නම් 2GB RAM එකක් තිබිය යුතුයි. ඒ වගේම ඔබේ Hard Disk එකේ 16GB ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වෙනවා.
    ඔබ Download කල යුත්තේ Windows 8 Setup එක හෝ ISO Image එකද ?

    ඔබ Windows 8 Download Page එකට මීට පෙර ගියා නම්, ඔබ දකින්නට ඇති ක්‍රම දෙකකට Windows 8 download කරගන්නට ඉඩ සලසා දී ඇති බව.

    1. Windows 8 Setup Program
    2. ISO Image of Windows 8
    ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වන්නේ වෙනම partition එකක (dual-boot) නම් හෝ ඔබේ පරිගණකයේ ඇති පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 ලෙසට upgrade කරන්නට නම් බලාපොරොත්තු වෙන්නේ Windows 8 Setup Program එක ඔබට තෝරා ගන්න පුළුවන්.
    ඔබ ඔබේ පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරන්නට නම් සුදානම් වෙන්නේ ඔබ දැනගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ ඔබ windows 7 හි සිට windows 8 වලට ඔබේ මෙහෙයුම් පද්දතිය upgrade කරනවානම් පමණයි ඔබේ විසින් windows 7 හිදී install කර තිබූ අනෙක් software programs ඒ ලෙසටම windows 8 හි පවතින්නේ. එසේ නොමැතිව ඔබ windows XP හෝ windows Vista වල සිට ඔබේ මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරනා විට ඔබ install කර තිබූ software programs කිසිවක් ඔබේ නව windows 8 පරිගණකයේ පවතින්නේ නැහැ. ඔබට නැවත එම software programs install කරන්නට සිදු වෙනවා.
    ISO Image ලෙස windows 8 download කල යුත්තේ ඇයි?

    • ඔබේ පරිගණකයේ processor එක 64bit සදහා සහය දක්වන නමුත් ඔබේ පරිගණකයේ දැනට ඔබ install කර තිබෙන්නේ 32bit windows මෙහෙයුම් පද්දතියක් නම් ඔබට windows 8 64 bit මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කිරීමට අවශ්‍යයි නම් windows 8 64bit ISO image එක download කරගන්න.
    • පරිගණක කිහිපයක ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ISO Image එක download කරගෙන එය Bootable DVD එකක් සාදාගෙන ඒ windows 8 bootable disk එක බාවිතා කර අනෙක් පරිගණක වලට windows 8 ස්ථාපිත කරන්න.
    • ඔබේ පරිගණකයේම Virtual Machine එකක් සාදා එහි windows 8 ස්ථාපිත කරන්නේ නම් windows 8 ISO image එකක් ලෙස download කරගන්න.
    The universal product key for Windows 8 is NF32V-Q9P3W-7DR7Y-JGWRW-JFCK8.
    ඔබ බාවිතා කරන මෘදුකාංගයන් windows 8 තුල වැඩකරයිද?

    Windows 8 download කරගැනීමට ප්‍රථමව මෙන්න මේ Setup Utility (5MB) එක download කරගෙන Run කරන්න. එවිට ඔබේ පරිගණකයේ install කර ඇති software programs සහ hardware drivers, windows 8 සදහා සහය දක්වනවද යන්න ඔබට බලාගැනීමට පුළුවන්.




    එසේ නැතිනම් මෙන්න මෙතන ක්ලික් කර windows 8 සදහා සහය දක්වන software හා devices ලැයිස්තුවක් ඔබට බලාගැනීමට පුළුවන්.
    කුමන ක්‍රමයද ඔබ තෝරා ගත යුත්තේ ?

    Windows 8 ක්‍රම තුනකට ඔබේ පරිගණකයට ලබාගන්නට පුළුවන්. ඔබේ දැනට තිබෙන මෙහෙයුම් පද්දතියත් සමග තවත් මෙහෙයුම් පද්දතියක් ලෙස (dual boot) ඔබට windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. එසේ නැතිනම් ඔබේ පරිගණකයේම Virtual Machine එකක් ලෙස windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස ඔබට windows 8 ස්ථාපිත කරගන්න පුළුවන්.
    ඔබේ පවතින System එකට කසිදු බාදාවක් නොකර ඔබට windows 8 අත්හදා බැලීමට පමණයි නම් අවශ්‍ය හොදම ක්‍රමය, virtual machine එකක් තුල windows 8 install කරන එක. නැතිනම් ඔබේ පරිගණකයේ ඔබ බාවිතා නොකරන අමතර partition එකක් හෝ අමතර partition එකක් හදාගන්න පුළුවන් නම් ඒ partition එකට windows 8 install කර ඔබේ පෙර මෙහෙයුම් පද්දතිය සහ අලුත් windows 8 මෙහෙයුම් පද්දතින් දෙකම (dual boot) ඔබට බවිතා කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබේ පවතින windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කොට ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස windows 8 බාවිතා කරන්න.
    මෙම ලිපිය යම් අයුරකින් ඔබට ප්‍රයෝජනවත් උනා නම් “Like” එකක් දමා ඔබේ මිතුරන් අතරේ මෙය share කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාලම යන්න. ඔබට ජය !


    Source: www.TricksLanka.com


    ________________ඔබට ජය !_____________:yes:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ප්‍රින්ටරේ වැඩ කරන්නෙ නෑ ඕයි..

    එපා වෙනව ඕයි..