හොදයි යාලුවනේ අපිට මේ ලඟදි එලිදක්වපු වින්ඩෝස් සංස්කරණය නේ 8 කියන්නේ ඊට පස්සේ ඒ කියන්නේ 2015 දි මේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති වල නවතම සංස්කරනයක් එන්න නියමිතලු
මේක වින්ඩොස් 9 විදියට නම් කරන්න වගේම කේත නාමය විදියට වින්ඩෝස් බ්ලූ කියන නම යොදාගන්න යන බව කට කතා දැනටමත් පැතිරිලා තියනවා
කොල්ලෝ මේක දාගත්ත දවසක ලංකාවේ අපිට නම් පොඩ්ඩක් චොර වෙන්න වෙනවා ඇයි දෙයියනේ කොහොමද කටක් ඇරලා මචන්
උබ ලඟ බ්ලූ තියනවද ? කියලා අහන්නේ නේ ?


)මයික්‍රෝසොෆ්ට් එකේ මේ පද්දතිය ගැන දැනටමත් ඉඟි කිහිපයක් පිටවෙලා තියනවා එකක් තමා Microsoft එකේ වැඩකරන පොරවල් ඔය තැන තැන තියන වාචාල කමට කියවන්න ගිහින්
මේක ගැන තොරතුරු එලියට දාලා . ඒ කියන්නේ දෙකක් දාලා හන්දියක් ගානේ කියවන්න ගිහින් නැහැ සමාජ ජාල වෙබ් අඩවි වල ඊට සම්බංද දෙවල් මේ අය ශෙයාර් කරලා ඊට අමතරව වින්ඩෝස්
මෙහෙයුම් පද්දති එලියට දාන කාල වකවානු අනූව 2015 විතර තමා අලුතින් එක්ක එන්න තියන්නේ ඒ වගේම මීට පෙර පැමිනි මෙහෙයුම් පද්දති බොහෝ දුරට අවුරුදු 3-4 ක පරතරයකින් වෙලඳපොලට නිකුත් කරලා තියනවා ..
හොදයි මෙහෙම දෙයක් එලියට එනවා කිව්වම ගොඩක් මිනිස්සු මේක ගැන අනාවැකි කියන්නත් එනවනේ ඒ වගේම මෙයාලා තක්සේරු කරලා තියනවා මේ අලුත් පද්දතියේ ගුන අගුනත් මෙයාල නිශ්චය කරලා තියනවා .
මේ අය කියන විදියට 8 වල වගේම මේකෙත් මෙට්‍රො Interface එක අඩංගු වෙයි කියලා තමා කියන්නේ
ඒ වගේම මෙහෙයුම් පද්දතිය සාමාන්‍ය පරිගනකයකට වඩා එහාට ඒ කියන්නේ මොබයිල් මෙහෙයුම් පද්දතියක් විදියට එලිදක්වන්න සැලසුම් කරගෙන ඇති කියලා තමා කියන්නේ ඒ වගේම ක්ශනිකව මොබයිල් උපාංග එක්ක සම්බන්ද වෙන්න පුලුවන් විදියට
මොබයිල් මෙහෙයුම් පද්දතියත් වැඩි දියුනු කරන්න තමා හදන්නේ
වැදගත්ම් දේ තමා මේකෙදි පරිගනකයේ දත්ත තියාගන්න බොහෝ දුරට හාඩ් ඩිස්ක් එකකට වඩා ස්කයි ඩ්‍රයිව් වගේ ඔන්ලයින් ෆයිල් ශෙයාරින් ක්‍රමයක් භාවිතා කරාවි ( අපිට නම් ඉතින් දුක තමා ) මේක අපිට කොහොම බලපෑවත් හොඳ
අන්තර්ජාල සබඳතාවක් තියන රටකට නම්
හොඳ අදහසක් මොකද එතකොට අපේ ඩේටා සේරම සේව් වෙන්නේ මයික්‍රොසොෆ්ට් සර්වර් එක්ක ඒ නිසා අපිට ඕනම මොහොතක ඕනම මොබයිල් උපාංගයකින් අපේ ඩෙස්ක්ටොප් එකට ඇතුල් වෙන්න පුලුවන්
මේවගේ දේවල් වලට අමතරව මේ විදියට ඔන්ලයින් ක්‍රමයට ධාවනයි වෙන මෙහෙයුම් පද්දතියක් නිසා දැන් එන විදියට වඩා කුඩා ඉඩක් අවශ්‍ය වේවි මේක වැඩ කරවන්න ඒ වගේම DVD එක්ක එනවා වෙනුවට අන්තර්ජාලයෙන් කෙලින්ම බාගන්න පුලුවන්
විදියට මේ මෙහෙයුම් පද්ධතිය ඒවි
දැනට ඉතින් ඔච්චරයි එහෙනම් අපි ගියා බොහොම ස්තූති






