Windows Commands කිහිපයක්(ඔබ දැනගතම යුතු)

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Windows Commands කිහිපයක්(ඔබ දැනගතම යුතු)

    Windows වලදී උනත් සමහර දේවල් අපිට කරගන්න පුළුවන් Command Prompt එකෙන් විතරයි. නමුත් අපි මෙම ලිපියෙන් කියලා දෙන්නේ ඉතාමත් සරල දේවල් කිහිපයක් පමණයි. ඔබ Windows 7 භාවිතා කරත් Windows 8 භාවිතා කරත් Command Prompt යනුවෙන් Search කර ඔබට පහසුවෙන්ම Command Prompt එක Open කරගන්න පුළුවන්.
    Windows-Commands.jpg

    Windows Commands

    1. ඔබ කැමති Drive එකට යෑම.
    ඔබට අවශ්‍ය C drive එකට යාමට නම් C: විධානය ලබා දෙන්න.
    ඔබට අවශ්‍ය D drive එකට යාමට නම් D: විධානය ලබා දෙන්න.
    මෙවැනි ආකාරයට ඕනෑම drive එකට යන්න පුළුවන්.
    2. තමන්ට අවශ්‍ය Folder එකට යාමට
    මේ සදහා අපි භාවිතා කරන්නේ cd විධානය.
    උදාහරණයකට අපි හිතමු අපිට E Drive එකේ තියන Nimal කියන Folder එක ඇතුලේ තියන Kasun කියන Folder එකට යන්න ඕනෑ කියලා.
    E:
    cd Nimal
    cd Kasun
    3. Command Prompt එක Clear කිරීම සදහා
    මේ සදහා ඔබ ලබා දිය යුතු විධානය වන්නේ cls.
    4. උදව්වක් අවශ්‍යද?
    අනිත් විධාන වගේම එම විධාන යොදාගන්නේ මොනවටද කියලා දැනගන්න ඔබ ලබා දිය යුතු විධානය වන්නේ help.
    5. පරිගණකය ගැන විස්තර
    ඔබ පරිගණකය ගැන විස්තර දැන ගැනීමට ඔබ ලබා දිය යුතු විධානය වන්නේ systeminfo
    6. IP Address එක සොයා ගැනීම
    ipconfig කියන එකෙන් ඔබට පුළුවන් IP Address එක වගේම ඒ සම්බන්ද ගොඩක් දේවල් හොයාගන්න.


    topsinhalablog.com/​
     
    • Like
    Reactions: Neranjan1st

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    2empqu9.png


    CD ගහල ඕනෑම folder එකකට ගිහිල්ල windows වලින් open කරන්න ඕන නම් "start ." ගහන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හෙල්ප් ඩෙස්ක් කරන උන්ට වගේ තමා ඕක ගොඩක් වැදගත්
    නිකනුත් දැනගෙන ඉන්න එක හොඳයි