World's first Internet cafe - Internet cafe ඉතිහාසය​

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
World's first Internet cafe - Internet cafe ඉතිහාසය​

දහඅට වසරකට පෙර ඇරඹුනු අන්තර්ජාලය විකුණන තැන දැන සිටියේ නැද්ද? Café Cyberia: World's first Internet café

වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ??
කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට...

මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන නැත්නම් ලස්සනට කියනවනම් Internet Café තැනකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති..
Chamikawpblogspotcom4-58.jpg


කවුද මේ සිද්ධිය ලොවට හදුන්වා දුන්නේ??
ඒක තමා මේ කියන්න යන්නේ
ලොව ප්‍රථම අන්තර්ජාලසේවා සපයන ස්ථානය..

අන්තර්ජාලය භාවිත කරන්නන් විදිහට ඒ ගැන දැනුවත්ව ඉදීමත් වැදගත් හින්දා ඒ ගැන ලියන්න හිතුවා.. අදහසක් එහේම ලියලම යන්න..

එකල අවු. 29 ක් වු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ තම ප්‍රශ්චාත් උපාධීය නිම කරමින් සිටි Eva Pascoe ට ආ අදහසක් අනුව පරිගණකය හා අන්තර්ජාලය භාවිතය කාන්තාවන් හට හුරු කිරීමේ අදිටනින් ඇය‍ට ආ අදහසින් තම අවන් හලේ HP වර්ගයේ 6ක් සමඟ ආරම්භ කල අතර මුල් දවසේම විශාල පෝලිමක් කඩයෙන් පිටත සිට ඇත්තේ එහි දියුණුව කියාපාමිනි.

Chamikawpblogspotcom1-68.jpg



1994 සැප්තැම්බර් 1 දිනයේ ලෝකයට අලුත්ම කලාවක් හදුන්වා දුන් ඇය එංගලන්තයේ ප්‍රථම වගේම ලොව ප්‍රථම අන්තර්ජාල කඩේ Café Cyberia නමින් බටහිර ලන්ඩනයේ විවෘත කරන ලදි.

එය දැනටත් බටහිර ලන්ඩනයේ වයිට්ෆීල්ඩ් විදීයේ දැකිය හැකිය.

වර්තමානය වෙද්දී ලොව පුරා දහස් ගණනක් වු අන්තර්ජාල කඩ ඇති අතර ඒවායින් අන්තර්ජාලය ‍නිවසේ නැති ව්‍යාපාර සඳහා සංචාරය කරන්නන් හට අන්තර්ජාල‍ සේවාවන් සපයා දීමට උදවු විය.
අන්තර්ජාලයට අධිපති “Google” දෙවියන්ගේ දේවාල ඇතුලට රවුමක් යමු ද? පාර මෙතනින්...

අවසානයේ ඒ සඳහා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙ‍කුම තම අනුග්‍රහ දැක්වු අතර Café Cyberia යන නමින් එවැනි අන්තර්ජා‍ල සේවා මධ්‍යස්ථාන රැසක් ආසි‍යාවේ, පැරිසියේ විවෘත කල අතර 1998 ඇය එය කොරියානු ආයෝජකයකුට විකුණා දමන ලදි.ඔවුන් එය Beat the reds ලෙස යන්න කෙටි කර BTR ලෙස නැවත නම් කරන ලදි.

Chamikawpblogspotcom3-61.jpg


අනේ අපොයි!! අවුරුදු 56 කදී “හාඩ් ඩිස්කයට“ වුන පෙරලියක හැටි...

මොඩමයක් භාවිතා කල එකල එහි වේගය වී තිබුනේ තත්පරයට
9.6 Kbps ය.
ව‍ර්තමානයේ වේගය එකල තරම් 1000 ගුණයකට ආසන්න වී ඇත. එනම් තත් 10 MB තරමට වේගවත් වෙමිනි..
මේ අන්තර්ජාලය කොච්චර පිරිසක් පාවිච්චි කරනවද කියලා..ඔයා දන්නෙත් නෑ නේද?
Café Cyberia හි 10 වන සංවත්සරය වෙනුවෙන් 2004 දී යාහු ආයතනය ලොව වටා වු හොදම අන්තර්ජාල කැ‍ෆේ තෝරන තරඟයක්ද සංවිධානය කරන ලදි.
එහිදි විවිධ නීතිරීති අනුව තරඟකරුවන් තේරීම කල අතර ලොව හැඩම අන්තර්ජාල කඩය ලෙස තේරී තිබුනේ රුසියා‍වේ මොස්කව් හි පිහිටි
The Phelgmatic Dog නැමැති වෙළඳසැලයි.


ලංකාව පුරා පැයකට මුදලක් නියම වු සිදුවන දේ නිසා විවිධ නිතී රීති වලට යටවු Internet Café ‍බොහෝමයක් පැවතුනත් වර්තමානයේ ඇත්තේ සුලු ප්‍රමාණයක් කියලයි හිතෙන්නේ...

මොකද දැන් ඉතින් ඕන කෙනෙක් ලඟ අන්තර්ජාලේ බෑග් එකේ දාගෙන යන්නම තියෙනවනේ...